හර්ෂණ තුෂාර සිල්වා
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් අද (14) ඉතිහාසයේ පළමු වතාවට රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 164 සීමාව ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 164.37ක් වූ අතර ගැනුම් අගය 160.94ක් ලෙස සටහන්ව තිබිණි.
ඒ අනුව රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.
බලපත්‍ර ලාභී වාණිජ බැංකු අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව බැංකු කිහිපයකම රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 165 ඉක්මවා තිබිණි.
රුපියලට සාපේක්ෂාව ඩොලරයේ විකුණුම් මිල සම්පත් බැංකුවේ 164.85ක් ලෙසත්, මහජන බැංකුවේ 165.39ක් ලෙසත් කොමර්ෂල් බැංකුවේ 165.60ක් ලෙසත් ලංකා බැංකුවේ 164.15 ලෙසත් සටහන්ව තිබිණි.
ඊට අමතරව රුපියලට සාපේක්ෂාව ඩොලරයේ විකුණුම් මිල එන්.එස්.බී බැංකුවේ 164.15ක් ලෙසත්, එන්.ඩී.බී. බැංකුවේ 164.60ක් ලෙසත් එච්.එස්.බී.සී. බැංකුවේ 166.85ක් ලෙසත් සටහන්ව තිබිණි.
රුපියල ඉකුත් අගෝස්තු මාසයේදී සියයට 1.2කින් ද මේ මාසයේ මේ දක්වා කාලයේදී 0.8කින් ද දුර්වල වී ඇති අතර මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 6.1කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කරයි.
දේශීය වාණිජ බැංකු වුවමනාව ඉක්වමින් එක්සත් ජනපද ඩොලර් එක්රැස් කිරීම නිසා පසුගිය දිනවල රුපියලේ අගය අනවශ්‍ය පරිදි අඩු වැඩි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ‘ලංකදීප’යට ඉකුත් දා පැවැසීය.
COMMENTS
මුලින්ම 200 වෙන්නේ පැට්‍රල් ද නැත්නම් ඩොලරේද? කියමු බලන්න.
අඩුම ගානේ අවුරුදු 5 - 10ක් වත් සැලැස්මක් නැතුව ෆොරෙක්ස් ස්ථාවර කරන්න බෑ. කෙටි කාලීනව නම් ඉතින් හැම කෙනාම ඉදිරියේ දණගහලා $ හිඟා කන්න පුළුවන්. මිනිස්සුන්ම ආනයන වර්ජනයකට යන්න ඕනෑ... අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල. අර ඉන්දියාවේ කලක් ව්‍යාපාරයක් තිබුනේ. "සියරට දේ සිරි සැප දේ" කියපු කාලයකුත් තිබුනේ අපිට. ඒ තව දෙයක් කෙටි කාලීනව කරන්න. 1977 ඉඳලා ගත්තු මෝඩ, තකතීරු ආර්ථික ප්‍රතිපත්ති හින්දා රට හැම අතින්ම නැති වුණා. මොනරාගල ව්‍යවසායක ප්‍රදර්ශන තියලා, අයි.ටී.එන්. එකේ "ඇත්පවුර" වගේ කරලා කරන්නෙත් මිනිසුන් අන්දන එකයි. මේ රටේ ඔක්කොම ආර්ථික වැඩ සේරම මොකක් හරි මාර්කටින් වැඩක කොටසක් විතරයි. රටේ බිස්නස් කාරයෝ කරන්නෙත් පාලකයින් කරන බොල් වැඩමයි. 1970 මුල යූ.ඒ.ඊ. තිබුනේ අපිට අන්ත සරණාගත කඳවුරක් වගේ. නමුත් දැක්මක් තිබුණු පාලකයින් ඒ රටවල් හැදුවා. සිංගප්පූරුවත් ඒ වගේ. අද GCC රටවලට තියෙන මුලික ප්‍රශ්නේ බුද්ධිය ආනයනය කරන්න විශාල මුදලක් ගෙවන්න වෙලා. විශාල විදේශ විනිමයක් පිටට ඇදිලා යනවා. ලංකාව, ඉන්දියාව වගේම බටහිර රටවලුත් මෙයින් ප්‍රයෝජන ලබනවා. මේවා අපි නොදැනීම දැන් නිවැරදි කරගෙන යනවා. අපිට දිගටම මේ අයගේ කක්කුස්සි හෝදන්න අපේ අම්මලා යවන්න නම් පුලුවන් වෙයි.
කෝ මේ කුමාර කියන එක්කෙනා..? ලංකාව විනාශ වෙන්න පටන් ගත්තෙ 2015න් පස්සේ කියල කෙනෙක් කියලා තිබුණු එකට එයා අහල තිබුණා "මොකද වුනේ?" කියලා. එහෙම ගොන් කුලයේ පුන්නක්කු කන කට්ටියට මේ ප්‍රවෘත්තිය පේන එකක් නැද්ද මන්දා?
වර්තමානයේ සිදුවන ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාම ලංකාවේ පමණක් නොවේ, ලොව අනිකුත් රටවල මුදල් වල අගයවලටත් සිදුවෙමින් පවතිනවා. මීට ප්‍රධාන හේතුව නම් අන් රටවලට සාපේක්ෂව ඇමෙරිකානු ආර්ථිකය ශක්තිමත් වීමට පටන් ගෙන තිබීමයි.
වර්තමානයේ සිදුවන ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාම ලංකාවේ පමණක් නොවේ, ලොව අනිකුත් රටවල මුදල් වල අගයවලටත් සිදුවෙමින් පවතිනවා. මීට ප්‍රධාන හේතුව නම් අන් රටවලට සාපේක්ෂව ඇමෙරිකානු ආර්ථිකය ශක්තිමත් වීමට පටන්ගෙන තිබීමයි. අද ලංකාවේ විශාලතම ඩොලර් ප්‍රමාණයක් භාවිතා වන්නේ ඉන්ධන මිලදී ගැනීමටයි. සමහරෙක් යෝජනා කර සිටින පරිදි ආනයන වර්ජනය කිරීම සඳහා ඉන්ධන භාවිතය අඩු කිරීමට අපි කී දෙනෙක් ලැහැස්තිද?
සත්‍යපාල, බර්ලින්වල එක්කෙනා, මිලානෝවල, සිරිමල් මහාචාර්යතුමා, ලොස් අැන්ජලීස්වල එක්කෙනා එහෙම මේවා දකින එකක් නැහැ.. ඒ හැමෝටම වඩා මේ රටේ ඉඳගෙන දුක් විඳින්නේ අපි.. ඒ අයට, රටට, මිනිස්සුන්ට මොනවා වුණත් කමක් නැහැ. තමන්ගේ පක්ෂය බලයේ ඉන්නවා නම්..
රටේ ආර්ථිකය හදන්න නම් ඉස්සෙල්ලම ටයි, කෝට් අඳින එක තහනම් කරන්න ඕනෑ. ඒ අය තමයි රට කන්නේ.