IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ඩයනමයිට් පාවිච්චි කරන ධීවරයින්ට වැඩ වරදී

(හර්ෂණ තුෂාර සිල්වා)

මසුන් මැරීම සදහා ඩයිනමයිට් ඇතුළු වෙනත් පුපුරණ ද්‍රව්‍ය භාවිත කරන ධීවරයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ධීවර හා  ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාවික හමුදා හා පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඩයිනමයිට් ඇතුළු විනාශකාරී පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් මසුන් මැරීම වැඩි වී ඇතැයි ද ඒ හේතුවෙන් මත්ස්‍ය සම්පත විනාශ වීමේ දැඩි අවදානමක් ඇතැයි ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා පවසයි.

නැගෙනහිර පළාත ඇතුළු මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක ඩයිනමයිට් සහ වෙනත් පුපුරණ ද්‍රව්‍ය භාවිත කරමින් මසුන් මැරීම ඉහළ ගොස් ඇතැයි ද අනාවරණය වී තිබේ.

ඩයනමයිට් යොදා මසුන් මැරිම මගින් මත්ස්‍ය සම්පතට මෙන්ම කොරල් පර, මුහුදු පැළෑටි, මත්ස්‍ය බිත්තර, සහ පැටවු මෙන්ම විශාල වන මසුන් මරණයට පත් වන්නේ යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම ඩයිනමයිට් යොදා මරා දමන මසුන් පාරිභෝජනයට නුසුදුසු බව ද ඒවා ඉක්මනින්ම නරක් වන බව ද එම අමාත්‍යාංශය තවදුරටත් පෙන්වාදෙයි. 



අදහස් (3)

ඩයනමයිට් පාවිච්චි කරන ධීවරයින්ට වැඩ වරදී

kumar (galf) Thursday, 28 September 2017 08:20 AM

නීතියේ සියලුම ආශිර්වාද සහිතව ගාලු මුහුදු තීරයේ රාත්‍රී කාලයේ මේ ඩයනමයිට් දමා මසුන් මැරීමේ ව්‍යාපාරය ජයටම කරගෙන යනවා.. කිසිම බාධාවක් නෑ.

:       0       3

Ajith Thursday, 28 September 2017 10:32 AM

පයාගල සහ ඒ අවට ප්‍රදේශවලත් ඩයනමයිට් දමා මසුන් මැරීමේ ව්‍යාපාරය ජයටම කරගෙන යනවා. කිසිම බාධාවක් නෑ.

:       0       6

chathura Friday, 29 September 2017 03:08 AM

මේවා හැමදාම කියනවා විතරයි , කරන දෙයක් නැහැ , රට වටේම මුහුද ඒ වුනාට පිටරට නැව් වලින් ලංකාවට මාළු විකුනනවා. පාලනය කරන ආයතන නිදි , පඩි විතරයි ඕනේ ,ඔවුන් පඩි ගන්නවා අපි බදු ගෙවනවා... ඒ මදිවට මාලු ගිනි ගණන් .

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 369 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site