(දසුන් රාජපක්ෂ )
ආරක්‍ෂිත දෝෂයක් හේතුකොටගෙන ටුවිටර් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම වහාම යාවත්කාලීන කරගන්නා ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ටුවිටර් ගිණුම් පරිශීලකයින්ට අද (25) දැනුම්දීමක් කරයි.
ටුවිටර් ඇන්ඩ්‍රොයිඩ් යෙදුමෙහි හටගෙන තිබෙන මෙම දෝෂය නිසා හැකර්වරුන්ට ට්විටර් ගිණුමක් පාලනය කිරීමට සහ ට්විටර් ගිණුම් පරිශීලකයෙකුගේ පෞද්ගලික දත්ත සොරාගැනීමට මෙන්ම ආරක්ෂිත ට්වීට් වැනි දත්ත වලට ප්‍රවේශ වීමට ඉඩ සලසන බව ට්විටර් සමාගම විසින් හදුනාගෙන ඇති බව එම සංගමය සදහන් කරයි.
එම ආරක්‍ෂිත දෝෂයට පිළියම් යොදන ලද නවතම ටුවිටර් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් මේ වන විට ට්විටර් සමාගමෙන් නිකුත්කොට ඇති බවද එම සංගමය පවසයි.
ඒ අනුව ටුවිටර් ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන්ට ගූගල් ප්ලේ ස්ටෝ හරහා නවතම ටුවිටර් ගිණුමේ යාවත්කාලීනය බාගත කරගැනීමට හැකිය. කෙසේවෙතත් IOS මෙහෙයුම් පද්ධතියෙහි ක්‍රියාත්මක වන ටුවිටර් යෙදුමට මෙම ආරක්‍ෂිත දෝෂයෙන් කිසිදු බලපෑමක් එල්ල වී නොමැත.
2025 දෙසැම්බර් මස 18
594
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටුවිටර් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම යාවත්කාලීන කරන්නැයි උපදෙස්