IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


ටේලර් සාප්පුවක පිපිරීමකින් හිමිකරුට බරපතලයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)


කොළොන්න පොලිස් වසමට අයත් බුලූතොට උප නගරයේ ටේලර් සාප්පුවක සිදුවූ පිපිරුමකින් එහි හිමිකරු බරපතල තුවාල ලබා රෝහල්ගතකර ඇති බව කොළොන්න පොලිසිය පවසයි.


ඊයේ (06) රාත්‍රී  දහයට පමණ  මෙම පිපිරීම වී ඇති අතර  ටේලර් සාප්පුව පිහිටි ගොඩනැගිල්ල  ඒ අවට ගොඩනැගිලි කිහිපයකට ද, ටේලර් සාප්පුවේ හිමිකරුගේ ති‍්‍රරෝද රථයට ද, අසල නවතා තිබූ ලංගම බස් රථයකට ද  මේ පිපිරීමෙන් හානි සිදු වී ඇතැයි පොලීසිය පවසයි.


තුවාල ලබා ඇත්තේ  ටේලර් සාප්පුවේ  හිමිකරු වන පදිංචි එච්. දමිත් ප‍්‍රසන්න නැමැති තිස්පස් හැවිරිදි අයෙකි. 


ඔහු සූරිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇඹිලිපිටිය දිසා මහ රෝහලට රාත‍්‍රියේ ම මාරුකර යවා ඇත.


සිද්ධිය  වු මොහොතේ  සිටි  අසල්වාසියකු  වන  කපිල ගමගේ මහතා 


’‘රාත‍්‍රියේ අපි ටීවී බලබලා හිටියේ. නවයයි හතළිස් නවයට විතර මහ ශබ්දයක් ඇසුණා. අකුණක් ගැහුවා කියලා හිතුවේ. ටීවී එක වයර් පන්නලා එළියට බැහැලා බලනකොට කෑගහනවා ඇහුණා. මම මෙතන පාරට දුවගෙන ආවා. එනකොට මෙතන එක්කෙනෙක් කෑගහනවා ඇහුණා. ඒ කෑගහන්නේ දමිත් කියලා හඳුණා ගත්තා. එහා පැත්තේ පඩිපෙළ ගාවා එයා වැටිලා හිටියේ. මම ගිහිං එයාව උඩහට උස්සාගෙන ආවා. ත‍්‍රීවිල් එකකට කතා කරලා සූරියකන්ද රෝහලට යැවුවා.’’


මෙම පිපිරීම සිදුවන ආකාරය ඊට තරමක් දුරින් පිහිටි ආරක්ෂක කැමරා පද්ධතියක සටහන් වී ඇතැයි පොලීසිය පවසයි.
පිපිරිමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර කොළොන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

ටේලර් සාප්පුවක පිපිරීමකින් හිමිකරුට බරපතලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site