ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ශාන්ත අන්තෝනියෝ ප්‍රදේශයේ රථගාලක නවතා තිබූ ට්‍රක් රථයක පිටුපස කොටසේ සිරවී සිටි සරණාගත කණ්ඩායමකින් අටදෙනකු මියගොස් ඇති බවත් තවත් බොහෝ දෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් වාර්තා වේ.
හෘදයාබාධ හා විජලනය හේතුවෙන් අසාධ්‍ය වූ රෝගීන් 20ක් පමණ ශාන්ත අන්තෝනියෝ නගරයේ රෝහල් කරා ගෙනගිය බව බලධාරීහු පවසති. දිවි ගලවාගත් කිහිපදෙනකු අසල කැලෑවට බඩගා ගොස් ඇතැයි ද පැවසේ.
ජලය හා වාතය නොමැතිව ට්‍රක් රථය තුළ මිනිසුන් සිරවී සිටි බවත් ඇතුලත අධික උෂ්ණත්වයක් පැවතුන බවත් පොලිසිය පවසයි.
මේ සම්බන්ධව ට්‍රක් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති නමුත් මෙම මිනිස් ජාවාරම මෙහෙයවූයේ කවුද යන්න සම්බන්ධව සාක්ෂි තවමත් ලැබී නොමැති බවත් පොලිසිය පවසා ඇත. කුඩා දරුවන් කිහිපදෙනකු ද ට්‍රක් රථයේ සිට හමුවී ඇත.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)



COMMENTS