(නිමන්ති රණසිංහ)
මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් කැබ් රථයක් හිටපු සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී ඒකනායක විසින් සාපරාධී ලෙස පරිහරණය කරනු ලැබ ඇතැයි ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ කරුණු වාර්තා කළේය.
2012-2015 කාලයේදී WP-0771 දරණ කැබ් රථය අවභාවිත කර ඇතැයි කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබ් රථය ගැන මට නම් ප්‍රශ්නයක් නැහැ... ඒත් අර අඩි නැති සුදු සපත්තු ජෝඩුව දාගෙන හිටිය එක ගැන නම් පොඩි විචිකිච්චාවක් මගේ හිතේ තියෙනවා....
ආණ්ඩුවෙන් යනවා වගේ ලොක්ක උදහස් වෙන කතා කියන්නේ නැතිව ඉන්නකෝ. එතකොට එකක් නෙමෙයි වාහන සන්චිතයම ගෙදර ගෙනිහින් තියාගත්තත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ඔයාට මොලයක් නැද්ද? මොකටද ආණ්ඩුවෙන් එලියට බහිනවා වගේ කතා කියන්නේ.
සපත්තු දෙකේ අඩිය ගෙවෙනකම් පයින් ගිය මම,කැබ් එකක් අවභාවිතා කළා කියන්නේ කොහොමද?
හැලිකොප්ටර්යක් අරගෙන ගියානම් ගොඩ.
ඕව මොනවද? ඔය වගේද අර ඩීන මැඩම් ගේ ගුබ්බායමේ සංස්කෘතික කටයුතු කරන්න ගිහින් වෙච්ච හරිය..
මතකද ෆවුසිගෙ වාහන අවභාවිතා චෝදනාව? අන්තිමට ඉල්ලා අස්වෙන්න වුණේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්ට. හැබැයි ටී. බී ඒකාබද්ධ විපක්ෂයට යනවා ද දන්නේ නෑ. එනිසා ද කියලා සැකයි විමර්ශනය වෙන්නේ. කොහොමහරි වැරැද්දක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න ඕනෑ
රජයෙන් වාහන/රියදුරන් හා ඉන්ධන නොමිලයේ දෙන රැකියාවල් කරන බොහෝ අයගේ වාහනේ පාවිච්චි කරන්නේ එයාලගේ බිරින්දෑවරු සහ දරුවන්ගේ වැඩ වලට බව කවුද නොදන්නේ? නමුත් අපේ රටේ මෙය අල්ලන්නේ නැහැ. අසරන මිනිසුන්ගේ බදු මුදලින් සැප ගන්නේ නිලධාරින් සහ ඔවුන්ගේ පවුල් වල අයයි.
රජයේ වාහන අවභාවිත කරන හොරුන් සියල්ලම ඇල්ලිය යුතුයි. අපි බදු ගෙවනවා. එසෙත් නැත්නම් විදේසගත ශ්‍රමිකයෝ දහදුක් විදලා මෙරටට මුදල් එවනවා. ඒවායින් වාහන අරලෙන ඉන්ධනත් නිකන් දිලා රියදුරෙකුත් දිලා රාජකාරි වැඩ කිරිම කෙසේවෙතත් ගෙවල් වල වැඩ ටික නම් කරගන්නවා හරියට නිතියෙන්ම ඒ වාහනය පාවිච්ගෙචි කිරිම ගෙදර නෝනටත් අයිතියි වගේ.
සියළු රජයේ වාහන වල රජයේ නිල ලකුන අදාළ ආයතනයේ නම ලොකුවට ගහන්න. එතකොට ඒවායින් වෙන වෙන ගමන් යනකොට අහුවෙනවා. දකින මිනිස්සු සාප කරනවා සහ අදාළ තැන් වලට පැමිනිලි කරනවා. මෙය කරන්නෛ් නැත්තේ ඇයි? කවුද මෙයට අකමැති? ජනතාවට කියන්න.
අඩිය නැති සපත්තු දෙකක දමාගෙන ඇවිදින්න අමාරු නිසා , කැබ් එක අරන් යන්න ඇති , කරුණාකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපත්තු දීමනාවකුත් ගෙවන්න ,
එක ජිනා මැඩම්ගේ සපත්තු ජෝඩුවක් නේ