IMG-LOGO

ඥාණසාර හිමිගේ තීන්දුව මානව හිමිකම් සුරකින්නන් ලැබු ජයග්‍රහණයක්


 
 
(තිළිණි ද සිල්වා)
 
බලහත්කාරයෙන් අතුරුදන් කෙරුණු මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු කරමින් බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබාදීම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරකින්නන් ලැබූ ජයග‍්‍රහණයක යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.
 
එම සංවිධානය වෙනුවෙන් එහි දකුණු ආසියා කලාපය බාර නියෝජ්‍ය අධ්‍යක්ෂක ඔමාර් වරායිච් මහතා අද (15) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.
 
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් සටන් කරන සියලූ දෙනා සඳහා මෙය වැදගත් අධිකරණ තීන්දුවක් යැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.
 
යුක්තිය සෙවීමට උත්සාහ කරන ජනතාව බිය ගැන්වීම ,තර්ජනය කිරීම සහ නිහඬ කිරීමට  උත්සාහ කරනා පුද්ගලයින්ට මෙම තීන්දුව හරහා පැහැදිලි පණිවිඩයක් නිකුත් වී ඇති බවද ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන දකුණු ආසියා කලාපය බාර නියෝජ්‍ය අධ්‍යක්ෂක ඔමාර් වරායිච් සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.



අදහස් (85)

ඥාණසාර හිමිගේ තීන්දුව මානව හිමිකම් සුරකින්නන් ලැබු ජයග්‍රහණයක්

Keppetipola Friday, 15 June 2018 10:56 AM

හලෝ ක්ෂමා සංවිධානය, ඔයාලා කොහෙද හිටියේ? ප්‍රභාකරන් මානව හිමිකම් කඩ කරනකොට... එක වචනයක් කතා කළාද ප්‍රභාකරන්ට විරුද්ධව..?

:       653       1786

AsankaFriday, 15 June 2018 01:51 PM

ඔබ හිතන් ඉන්නේ කොටි සංවිධානය ක්ෂමා ආයතනයේ හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් එකක් කියලද? මානව හිමිකම් රැකීමට බැඳී ඉන්නේ එම ආයතන වල සාමාජික රටවල් සහ රජයවල් පමණයි.

:       1054       656

ChandanaFriday, 15 June 2018 05:30 PM

අසංක, ප්‍රභාකරන් හා කොටි සංවිධානය නියෝජනය කලේ ලංකාවේ පුරවැසිභාවය ලත් දෙමළ වැසියන්.. මානව හිමිකම් රැකීමට ලංකාවේ පුරවැසිභාවය ලත් ප්‍රභාකරන් හා කොටි සංවිධානය නියෝජනය කළ දෙමළ වැසියන් සමත් වුනේ නැහැ නේද? මෙය ක්ෂමා ආයතනය හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ඔබ නොදැකීම ලැජ්ජාවට කරුණක්...

:       0       0

Jayantha Friday, 15 June 2018 12:52 PM

මෙය ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරකින්නන් ලැබූ ජයග්‍රහණයකි. අපිට ලාංකිකයින් වශයෙන් සතුටුයි.

:       1932       1023

BamunuarachchiFriday, 15 June 2018 02:41 PM

සිංහල බෞද්ධයා ලැබූ බලවත් පරාජයකි. මෙරට නැවතත් 1956 එහාට තල්ලු වන බව පෙනේ. සිංහල බෞද්ධයා තමන් විහින්ම නිවටයින් වෙලාය. 1915 දෙවැනි අදියර පටන් ගන්නාවිට මේ හාමුදුරුවන්ට නිගා කරපු අය මැරී ගසුත් පැළවෙලාය. පව් ගෙවන්නට වෙන්නේ දෙවැනි අදියර කාලයේ ජීවත් වෙන අයටයි. එවිට මේ නිවටයින්ට සාප කරපල්ලා. අපේ හාමුදුරුවනේ මේ නිවටයින්ට අනුකම්පා කරන්න.

:       581       1405

Chanak Los angelesFriday, 15 June 2018 04:44 PM

නිගා කරන්නේ කාටද කියලා බලාගන්න පුළුවන් යූටියුබ් එකෙන් ජපානයේදී සිංදුවකට නටන අකාරය දුටුවානම් ..

:       1049       248

BamunuarachchiFriday, 15 June 2018 10:55 PM

ෆොටෝෂොප් එකේ වැඩ දන්නවා නම් ඕනෙ දෙයක් කරන්න පුළුවන්. යූටියුබ් එකේ දාන එක මහදෙයක් නොවෙයි

:       4       126

සමන්ත Friday, 15 June 2018 10:59 PM

ජාතියට නිගාවක් මිස ආඩම්බරයක් නෙමෙයි. ජාතිය ගැනවත්, ජාතික අභිමානය ගැනවත්, ජාතින් අතර සමගිය ගැනවත්, අපේ ඉතිහාසය ගැනවත් නිසියාකාරව දන්නේ නැහැ. රාජපක්ෂලාගේ ආගමනය වෙනුවෙන්, ගල් වැද්දන් නගන මර ලතෝනිය ජාතික අභිමානය නෙවෙයි. ජාතිය වෙනුවෙන්, රට වෙනුවෙන් ජීවිත පරදුවට තියපු මිනිසුන්ට නිගා කරන්න එපා...

:       55       30

BamunuarachchiFriday, 15 June 2018 03:29 PM

මේ යන විදිහට බෞද්ධ කටයුතු මුස්ලිම් හෝ ක්‍රිස්තියානි අැමැතියෙකුට ගියාම තවත් සතුටු විය හැකිය.

:       75       934

Chanak Los angelesSaturday, 16 June 2018 12:34 AM

ඊට සුදුසුකම තිබෙනවා නම් මොකක්ද ප්‍රශ්නේ? ඒක තමයි නියම ආගමික ජාතික සංහිඳියාව වගේම වාර්ගික ප්‍රශ්නයටත් කදිම සහයෝගයක්...

:       162       5

Chandima Friday, 15 June 2018 01:29 PM

ක්ෂමා සංවිධාන ප්‍රකාශය මම ඉතා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.

:       289       1218

Dasuni Friday, 15 June 2018 01:34 PM

මෙයා කවදාවත් රඟපෑවේ දේශපාලකයෙකුගේ චරිතයනේ.. චීවරයක් දරන පෙනුමක් කොහොමත් තිබුණේ නැහැ.

:       1341       809

BamunuarachchiFriday, 15 June 2018 03:27 PM

දේශපාලක චරිතයට ගොඩ වුනාම කතා කරන්නේ රට ගැන, සිල් රෙද්ද ඇන්දාම කතා කරන්නේ ශාසනයේ, සිංහල ජාතියේ පැවැත්ම ගැන.. එ්ක දේශපාලකයෝ කතා කරන්නේ නැත. දේශපාලකයා කතා කරන්නේ සිංහලයා සුළුජාතින් සමග සමතැන් කරන්නයි. අනාගතයේ සිංහල ජාතියට වෙන දේ සිවුර අැඳගත්තාම පෙනෙනවාය. මෙවන් භික්ෂූන් දහස් ගණනක් දැන් රටට අවශ්‍යය. තව ටික දවසකින් බෞද්ධ කටයුතු මුස්ලිම් හෝ ක්‍රිස්තියානි ඇමතිවරයෙකුට පැවරෙනු ඇත.

:       213       1112

ධනුෂ්කFriday, 15 June 2018 05:09 PM

බමුණු මම හිතනවා ඔබතුමා දැන් අවුරුදු 80 ඉක්මවලා අපේ සීයලත් ඔය විදියට තමා හිතන්නේ. හැබැයි විය යුත්තේ හැම ජාතියකටම අඩු වැඩියකින් තොරව සමාන අයිතිවාසිකම් ලබා දීම. දැනටත් එහෙම වෙනවා. හැබැයි ඔබ වැන්නන් නන් දොඩවන විදියට සම නෙමේ වැඩිපුර දුන්නත් අන්ජාතීන් බලන්නේ වපරුහින්. එම ජනතාව සමූල ඝාතනය කර හෝ රටින් පන්නා හෝ මේ ගැටළු විසඳන්න බෑ. වෙනස් කම් කරන්නත් බෑ. ඔබ නොදන්නවා වුනාට බලගතු අවි අමෝරාගත් බලගතු රටවල් වටපිටාවේ ඉන්නවා. අපි අන් ජාතීන්ට වෙනස්කම් හා හිරිහැර කලොත් වෙන්නේ. බලවත් රටවල් වලට අප රට බෙදීමට වුවමනා කරන සාධක ලබා දීම පමනයි. සුලුජාතික නායකයින් අපි වෙනස්කම් කරනවා කියලා ගෙන යන පැමිණිලි වලට සාක්ෂි සපයන එක විතරයි වෙන්නේ. ලෝකේ එහෙම වෙලා තියනවා.

:       0       0

Chanak Los angelesSaturday, 16 June 2018 12:22 AM

බුදුදහම ආරක්ෂා වෙන්නේ මැර බලයෙන් නොවේ බුදුදහමේ ප්‍රධාන හරය මෛත්‍රියයි. බුදුන් බමුණු මත බිඳලා ලොවට දෙසුවේ මෛත්‍රියයි.

:       2       8

BamunuarachchiSaturday, 16 June 2018 12:44 AM

සිංහල ජාතිය බුද්ධධර්මය රැකගන්න ඕනෑ නම් රඟපාන්න ඕනේ මොනවගේ චරිතයක්ද?

:       1       16

ජගත් ලියනගේ Friday, 15 June 2018 01:40 PM

ක්ෂමා සංවිධානය අර අනුරාධපුර සිල් ගත්ත අයට වෙඩි තියන විඩියෝ එක දැකල නැතුව ඇති. දන්නේ නැති නිසයි ඇත්තටම අහන්නේ....

:       5       1044

rocky Friday, 15 June 2018 02:00 PM

සිවුරු දවටාගත් හැමෝම බෞද්ධ භික්ෂූන් වහන්සේලා නොවෙයි. කාකි සූට් එක ඇඳපු හැමෝමත් රණවිරුවන් නොවෙයි. බොහොම දෙනා මේ වෙනස දකින්නේ නැති එක ජාතික පරිහානියේ ලක්ෂණයක්. කැලණියේ බුද්ධ රක්ඛිත, සෝමාරාම, එහෙමත් උසාවියෙන් දඬුවම් ලැබුවාට එදා ජනතාව කලබල වුනේ නැහැ. ආණ්ඩුව බුද්ධ පුත්‍රයින්ට අරියාදු කරනවා කියලා කවුරුවත් කම්පා වුනෙත් නැහැ!

:       1610       1159

SamanFriday, 15 June 2018 02:39 PM

හේතුව මේකනේ, බලයට එන්නනං චීවරයයි, රණවිරුවයි නැතුව බෑනේ..

:       894       237

BamunuarachchiSaturday, 16 June 2018 11:09 AM

ඒ බව සිංහල ඉතිහාසය දන්නා කව්රුත් දන්නා දෙයකි. සංඝයාගේ ආශිර්වාදය නැතිව රජකම කරගෙනයාමට රජුට බැරිවිය. එසේම පල්ලියේ ආශිර්වාදය නොමැතිව යුරෝපයේ රජවරුන්ට රජකම රජකම කරන්නට නොහැකිවිය. මොනවද ඔබගේ කතා? රජුගේ පැවැත්මට පූජකතුමයි යුද්ධ භටයයි සිටිය යුතුය.

:       8       41

BamunuarachchiFriday, 15 June 2018 03:19 PM

ශාසනය රකින්න සිල්වත් භික්ෂූන්ට බැරිය. අවුරුදු 2500 කට වැඩිකලක්, විශේෂයෙන් පරදේසේ ආක්‍රමණවලදී ශාසනය බේරාගත්තේ සිල්වත් භික්ෂූන්ම නොවෙයි. යුද්දය කලේ කාකි ඇඳුම ඇඳගත් සොල්දාදුවන්ම නොවෙයි. බුද්ධ රක්ඛිත, සෝමාරාම, එහෙමත් උසාවියෙන් දඬුවම් දුන්නට මිනිසුන් කලබල නොවුයේ ඔවුන් ශාසනය හෝ ජාතිය වෙනුවෙන් වැඩක් කර දඬුවම් නොලැබූ නිසාය. මේවා තේරුම් ගන්න පුළුවන් ඉතිහාසය දන්නා සිංහලයින්ට මිස නමට සිංහල නමක්වත් නොමැති අයට නොවේ.

:       178       400

V.warnakulasuriya Friday, 15 June 2018 05:25 PM

සමහරුන්ට අනුව ඉතිහාසය දැනගැනීම, සිංහල නමක් තිබීම, චීවරයක් දැරීම ඕනෑම ජඩ වැඩක් කිරීමට සුදුස්සන් වෙති. නමට හෝ ප්‍රජාතන්ත්‍රවාදී කියන රටක කිසිවෙකුට කිසිම කරුණකට නීති විරෝධිව කටයුතු කළ නොහැකිය. සමහර බමුණන් සිතාගෙන සිටින්නේ අප තවමත් ඉන්නේ රජකාලේ කියාය. රජවරුන්ට "එසේය මහරජ" කියපු කේවට්ට බමුණන්ට තවමත් හැම දේටම වන්දනා මාන කිරීමේ පුරුද්ද අත්හැරිය නොහැක්කේ නිවටකම නිසාද යන්න තේරුම් ගත නොහැකියි.

:       0       0

SimiyonSaturday, 16 June 2018 12:34 AM

ගම්පහ සෝමරත්න නැමැති චීවර ධාරියෙක් වසර කීපයකට උඩදි එංගලන්තයේදී වැරැද්දක් නිසා හිරේගියා කියලා දන්නවද?

:       87       19

Chanak Los angeles Friday, 15 June 2018 02:18 PM

ඔළුවට පිස්තෝලය තබා කීවත් එම තීන්දුව වෙනස් නොකරන බව විනිසුරුතුමාගේ ප්‍රකාශය අගය කළ යුතුයි..

:       1632       821

BamunuarachchiSaturday, 16 June 2018 12:15 AM

තමාටම ඔලුවට පිස්තොලේ තියාගන්න වැඩ සිද්ධවේවි. එදාට අපිත් එපා කියනු ඇත. සිංහල රටේ සිංහලයාට ජවය දෙන්න මෙවන් හාමුදුරුවරු දහස් ගණනක් අපට අවශ්‍යයි. ඇමරිකාවේ ටැක්සි ඩ්‍රයිවර්ලාට ඒ ජවය සිංහලයාට දෙන්නට බැරිය.

:       17       215

BamunuarachchiSaturday, 16 June 2018 10:52 AM

තමන්ගේම ඔලුවට තමන්ම පිස්තෝලය තියා ගන්න වෙන කාලයක් එවි. අපේ හාමුදුරුවොත් ඔලුවට පිස්තෝලය තිබ්බා කියා ආපසු හැරෙන කෙනෙක් නොවේ. මේ සිංහලයාගේ රට උන්වහන්සේ මෙන්ම අපිද සිතනවා. හේතුව පෘතුගීසි කාරයා එන්න පළමුව මෙය සිංහල බෞද්ධ රටක්...

:       10       122

Chanak Los angelesSaturday, 16 June 2018 10:01 PM

ආපසු හැරෙන්නැති නිසා වෙන්න ඇති ජනපති සමාව ඉල්ලුවේ?

:       0       0

rasika Friday, 15 June 2018 02:32 PM

දැන් පේනවා කාටද රට වෙනුවෙන් කතාකරන අයව හිරේ දන්නා ඕනේ කියලා.. උසාවියේදී උස් හඬින් කතාකළාට වරද අවුරුද්දක් බරපතල වැඩ සහිත හිරේ.. විල්පත්තු කාලේ ගස් හොරෙන් කැපුවාම.. දඬුවම ඇමති කමක්... ජාතික කොඩිය ඔසවන්න බැහැ එය පිළිගන්නේ නැහැ කිව්ව අයට දඬුවම් නැහැ. ජනතාවගේ මුදල් කොල්ල කාපු අයට දඬුවම් නැහැ.. වොඩ්කා වතුර බීලා ගෙවල් කඩාගෙන ගිය අයට අැප දීලා.. නියමෙට මානව අයිතිවාසිකම් රකිනවා.. ජාත්‍යන්තරේට ඕනේ විදියට..

:       97       1971

Chanak Los angelesSaturday, 16 June 2018 01:55 AM

ජාතිවාදය වැපිරීම රට වෙනුවෙන් කිරීමක්ද ?

:       448       186

BamunuarachchiSaturday, 16 June 2018 10:44 AM

සිංහලයාගේ පැවැත්ම උදුරා ගන්නයාම නවතා ගැනීමට කතාකිරීම සිංහල ජාතිවාදයද?

:       6       55

ධනුෂ්ක Friday, 15 June 2018 02:40 PM

මේ තීන්දුව අහලා හිතට වේදනාවක් අාවා. මම චීවරයට ගරු කරන නිසා. නමුත්, යමෙක් චීවරය පොරවා ගත්තත්. දරා සිටින අාකාරය ගැටළු සහගතයි. උසාවියක් තුළ තම ස්වාමියාට වේදනාකාරි ඉරනමක් අත් වී අැති කාන්තාවකට තර්ජනය කිරීම අනුමත කළනොහැකිය. අැගේ ස්වාමියා වරදක් කරලා නම් කළ යුත්තේ නීතිය මගින් දඬුවම් ලබා දීම.... හම්බන්තොට කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීම නොවේ. රාජ්‍ය විරෝධී වැඩකරලා නම් එ්කට නීති පොතේ දැඩි දඬුවම් තියනවා. නමුත් පාලක පවුලට විරුද්ධ වු නිසා එ්කට දෙන්න දඬුවම් නීති පොතේ නැති නිසා අතුරුදහන් කිරීම තමා එ් කාලේ කලේ... හැබැයි අද අණදුන් අය නිදහසේ අණ පිලිපැදපු වැටුපට වැඩ කල අසරණයින් හිරේ....

:       1160       396

Sapumal.Saturday, 16 June 2018 04:22 AM

ධනුෂ්ක මහතාගේ කතාව හරි. මේ හාමුදුරුවන්ට හිමියා අහිමි වූ කාන්තාවගේ හිතේ පත්තුවෙන ගින්දර පෙනුනේ නැහැ. දහමේ සිසිල් බණ වලින් ඒ ගින්න නිවනවා වෙනුවට කලේ වෙනත් දෙයක්. හොරකමට දූෂණයට විරුද්ධව නැගී හිටපු රන්ජන්ට නඩු පැවරූ මාගල්කන්දේ කෙනා ඇතුළු කට්ටිය රටේ ජනාපතිට පෙරදී කතා කලේ ඉතාමත් පහත් වචනයෙන්. ඒත් ලැජ්ජාවක් නැතිව ඔහුගෙන් උදව් ඉල්ලුවා නීතිය අවනීතිය කරන්න. බුදු දහමේ උගන්වන සිත කය වචනයේ කිසිම සංවරයක් මේ කල්ලියේ අයට නැහැ. මැදුම් පිළිවෙත පසෙක තබා යන්නේ අන්තගාමී පිළිවෙතේ. මේ කට්ටිය හදන්නේ අමුතු බුදු දහමක් හදන්න. ඒකට ශාසනය රකින මතු බුදුවෙන දෙවිවරු ඉඩ දෙන්නේ නැහැ. විය යුත්තේ වරද හදාගෙන දැහැමි වීමයි. අන්තවාදයෙන් මිදී නිර්මල බුදු දහමට අනුගත වීමයි.

:       122       283

kuleSaturday, 16 June 2018 11:27 AM

කොටින්ට විරුද්ධව සටන් කරන්න අණ දුන්නේ එක පවුලක් රකින්නද? ඔබේ පවුල රැකිලා නැද්ද? ඔබ වැනි කුහක ගුණමකු පිරිසක් ඉන්න එක ගැන කණගාටුයි. මෙම කාන්තාව ජිනීවා ගිහින් කරන ප්‍රකාශය යූටියුබ් එකෙන් බලන්න. ඒ ත් එක්කම අනුරාධපුර ජය ශ්‍රීමා බෝධියට කොටි එල්ල කරන ප්‍රහාරයත් බලලාම නිදා ගන්න.

:       12       192

Bamunuarachchi Friday, 15 June 2018 03:06 PM

සිංහලයින්ගේ මානව හිමිකම් පවාදෙන්නන්ගේත් බලවත් ජයග්‍රහණයකි.

:       39       331

සෙනෙවි Friday, 15 June 2018 03:22 PM

රසික මහතාණෙනි, කලබල නොවන්න. රිය අනතුරකට මරණීය තුවාල නැත්නම් අැප දෙනවනේ. රිය අනතුරු වන විදිහට හිරේ දාන්න ගියොත් හිර ගෙවල් පිරිල යාවි. පස්සේ නඩු අහලා දඬුවම් දේවි. මෙම චීවරධාරියාගේ හැසිරීම බෟෙද්ධයෙකු ලෙස අනුමත කරනවාද? මේ 1948 ට පෙර නොවේ. මෙම ක්‍රමයට රකින අාගමින් ජාතියෙන් වැඩක් නැත. අනුන් රිදවා බය අැති කර ලබා ගන්නා ජයග්‍රහණ තාවකාලිකයි.

:       1019       337

BamunuarachchiSaturday, 16 June 2018 12:40 AM

ඔබ ඔබට එතරම්ම ඉතිහාසයක් නොමැතිබව පෙනෙනවා. 1948 නොව 1956 කියා කීවොත් වඩාත් උචිතය. කෙසේවෙතත් මෙරට නැවත 1956 න් එහාට යන බව පෙනේ. එවිට සිංහලයා නැවත තමන්ගේ රටේ තුන්වන පන්තියේ පුරවැසියෙකු වනු ඇත. එය දකින්නේ මෙරටේ ජෙෂ්ට පුරවැසියන් වන අප මිස ඊයේ පෙරේදා ඉපදුණු හිච්චි කොල්ලන් කෙල්ලන් නොවේ. ඒක මතක තියාගන්න. තිබුණු ක්‍රමයත්, ඉන් මිදුණු හැටිත් නැවත පැරණි, 1956 ට පෙරතිබුණු ක්‍රමයට යන හැටිත් යුග 3ම ජීවත්වූ අපි පැහැදිලිව දකින්නෙමු. මේ ක්‍රමයට ගියොත් ඔබේ මුණුබුරන් මේ රටේ 3 වන පන්තියේ පුරවැසියන් වනු ඇත.

:       12       79

Chanak Los angelesSunday, 17 June 2018 05:38 AM

මොන විදියට සිතුවත් තමන්ට ඕන ඕන විධියට තියාගන්න බැලුවත් ලොවෙහි සියලු දේ අනිත්‍ය ස්වභාවය මත පිහිටා තිබෙන නිසා නොයෙකුත් විපර්යාස , වෙනස්කම් විය හැක .

:       0       0

naradha Friday, 15 June 2018 04:39 PM

මේ භික්ෂූන් වහන්සේ මීට වඩා වචනයෙන් සංවර වූවා නම්, මේ ගැටලුව මතු නොවීමට ඉඩ තිබුණා. දැන් තියෙන්නේ අනුන්ට දොස් නොපවරවා, තමන්ගේම වැරදි සාදාගැනීම පමණයි.

:       826       255

BamunuarachchiFriday, 15 June 2018 11:58 PM

නිදා සිටින ජාතියක් නැගිට්ටවීම සංවර වචන වලින් කරන්න පුළුවන්කමක් නැත. වරෙව් නැගිටියව් ගහපියව් කියනවා විනා අනේ නැගිටින්න අනේ එන්න කියා කතා කිරීමෙන් සටනේදී ජවය දීමට බැරිය. පාරේ බිත්තිවල අලවා ඇති සටන්පාඨ කියවන්න. නොදන්නා කම ඔහොම පෙන්වන්න එපා.

:       9       110

naradhaSaturday, 16 June 2018 05:50 PM

ජාතියක් නැගිට්ටවීම අවශ්‍ය නම්, එය කල යුත්තේ එයට යෝග්‍ය වන දේශපාලන වේදිකාවක් වැනි තැනක විනා, උසාවියක් තුල නොවේ. වරද, වරදක් හරියට දැකීමට ඔය වයසේදීවත් ඉගෙන ගන්න. එක එක අයට වෙනම නීති ක්‍රියාත්මක කරන්නට ගිහිල්ල තමයි අපේ රටට කෙල තියෙන්නේ.

:       0       1

BamunuarachchiTuesday, 19 June 2018 08:35 AM

ජාතිය නැගිට්ටන්න පුළුවන් දේශපාලකයෝ 1977 පසු මෙරට ඇතිවුයේ නැත..... 1977 න් පසු ජාතිය පාවා දෙන්නනම් ඇතිවුණේය දැන් අපි ජීවත් වෙන්නේ එවන් යුගයකය. ඒ කෙසේ වෙතත් රජතුමාට හෝ දේශපාලකයාට පූජකයා නැතිව පාලනය කිරීමට නැතිනම් ජනතාව අවනත කර ගැනීමේ හැකියාවක් නොමැත. ඇමරිකාව යුරෝපයට වඩා ආගමික බව ඔබදන්නවාද ? .

:       0       0

BamunuarachchiSaturday, 16 June 2018 12:04 AM

අපේ හාමුදුරුවෝ කාටවත් දොස් පවරන්නේ නැත. එන්.ජී.ඕ. කාරයින් මේ සිංහල රටට කරනදේ බලා තමන්ටම දොස් පවරා ගන්න.

:       4       102

BamunuarachchiSaturday, 16 June 2018 12:56 AM

අපේ හාමුදුරුවරුන්ට මේ ප්‍රශ්න ගෙන අාවේ සිංහලයාමයි. තම ජාතියට සහ ආගමට කරන්නාවූ වැරදි හදන්න යාමෙනි. තමන්ගේ වැරදි හදාගෙන පැත්තකට වීම ජඩ අත්මාර්ථකාමියෙකුගේ පැතුමකි. එසේ සිතූ පුද්ගලයින් සිටියා නම් ලෝකයේ ජාතික නායකයින් බිහිවන්නේ නැත.

:       7       50

Chanak Los angelesSaturday, 16 June 2018 09:54 PM

දහමට කිසි දෙයක් වෙලා නැහැ වෙන්නෙත් නැහැ එක් සිල්වතෙක් හෝ ඉතිරිවුනොත් දහම පවතිනවා . දහම විනාස වෙන්නේ සාසනයට ඇතුළුවෙන දුශ්ශීල බික්ෂුන්ගෙන් කියලා මම නොවේ කියන්නේ බුදුන්වහන්සෙයි .

:       0       0

BamunuarachchiSaturday, 16 June 2018 11:13 AM

ඔබට පිළිතුරු දුන්න නමුත් එන්.ජී.ඕ. බලපෑම් නිසාදෝ පලවෙන්නේ නැත.

:       7       71

aravindaSaturday, 16 June 2018 01:08 PM

මේ පුවත්පතේ මා නිරීක්ෂණය කළ දෙයක් නම්, බොහෝ විට මෝඩ අදහස් පල නොවීමයි.

:       95       92

Cyril Friday, 15 June 2018 05:17 PM

මේ වගේ සිද්ද්යකදී පෙනේ ටිකක් පෙන්විය යුතුය.මෛත්‍රය කරුණාව පෙන්නන්න ගියානම් අද රටක් ජාතියක් ආගමක් නෑ.හිමියනි,ජාතිය වෙනුවෙන් මැන්ඩෙලා අවුරුදු 26 හිරේ හිටියා.අප ඔබ වහන්සේ සමගය.අපේ ගමේ හාමුදුරුවෝත් කෙලින් කතා කරන නිර්බීත හිමි නමකි.අපේ හිමි සමග ගැටුණු එක පුද්ගලයෙකුගේ මුළු පව්ලම විනාස විය.එම පුද්ගලයා මිය ගියා,පුතුන් දෙන්නගේ එක බිරිදක් වස බි මැරුණා,අනිත් පුතාගේ බිරිද දික්කසාද විය,දුවගේ පුරුෂයා මිය ගියා ,අර පුතුන් දෙන්න එකම මසක් තුල මිය ගියා ,තවත් දුවෙක් කුඩා ළමුන් දෙන්නා රැගෙන වෙනත් පුරුෂයෙක් සමග ගියා.කට වාචාල අම්මා එක්තැන් වී විදවමින් සිටි.කෝටිපති පව්ලේ කිසිදු දේපලක් අද නැත.

:       0       0

Shan Friday, 15 June 2018 07:37 PM

ඉතා හොඳ තීරණයක්. මේක හැම දෙනාටම මේ විදියට ක්‍රියාත්මක විය යුතුයි. අර නඩුවලට බයේ දඟලන ගෝතා ටත් ඉක්මනට නීතිය ක්‍රියාත්මක වුනොත් හොඳයි. අවනීතිය රටකට විනාශයම තමා ගේන්නේ...

:       33       43

නොකවුට් Saturday, 16 June 2018 01:54 AM

මේ නඩුව විතරක් මෙච්චර ඉක්මනට අහලා ඉවර කලේ ඇයි? වෙනත් නඩුත් මෙච්චර ඉක්මනට ඇහුවා නම් හොඳයි නේද?

:       11       84

rocky Saturday, 16 June 2018 02:11 AM

ඉතිහාසය, ආගම ගැන ඌන දැනුමක් ඇතත් මහාදැනමුත්තන් යයි සිතා සිටින ජාතිවාදී ආගම්වාදී හණමිටි කාර බමුණු මතධාරීන්න්ගේ විස්සෝපයට මෙය හේතු විය හැකි වුවත්, විචාර බුද්ධියක් ඇති, කවුරු වුවත් මේ හාමුදුරුවන් දඬුවම් ලැබීම ගැන සතුටු වනවා ඇති බව නිසැකය. ගණන්කාර හැසිරීම බෞද්ධ භික්ෂුවකගෙන් අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවෙමු. බුද්ධ රක්ඛිත සහ සෝමාරාම අත් අඩංගුවට ගැනීමට පළමුවෙන් පවා , බුද්ධරක්ඛිත හාමුදුරුවන් රේඩියෝ එකෙන් කතා කලේත් රට, ජාතිය සහ ආගම ගලවා ගන්නට පහළ වූ කෙනෙකු බව ජනතාවට අඟවමිනි!

:       232       263

BamunuarachchiSaturday, 16 June 2018 10:59 AM

පෘතුගීසිකාරයා එන්නට පළමුව මේ මුතුඇටය සම්පූර්ණයෙන්ම සිංහල බෞද්ධ රටක් බව දන්නේ සිංහලයින්ම මිස විජාතිකයින් නොවේ.

:       12       87

prakaash Saturday, 16 June 2018 04:22 AM

ක්ෂමා සංවිධානය කියන්නේ කොටින්ට හුළං ගහපු සංවිධානයක්... අදත් මේ රට විනාශ කිරීමේ කටයුතු තමයි කරන්නේ බත් බැලයින් මේ නරුමයින්ට සහ ජඩ පාලනයට කඩේ යන බව පැහැදිලියි. ඕනෑම නැළියක් ඩොලර් කාක්කන් බව කිව යුතුමය. උන් රට ගැන හිතන්නේ නැත...

:       23       221

ravi Saturday, 16 June 2018 05:53 AM

තවත් බුද්ධරක්ඛිතයෙක් වෙන්නයි හැදුවේ... අල්ලලා හිරේට දැමීම ගැන අපි නීතියට ස්තුතිවෙනවා.

:       228       59

BamunuarachchiSaturday, 16 June 2018 10:41 AM

ඔහේ දන්නා බුද්ධරක්ඛිත... නොදන්නා මගුල් කතා කරන්න එපා හලෝ...

:       10       76

FRANK Saturday, 16 June 2018 05:58 AM

1983-2009 කාලයේදී අපරාධ කරපු කොටින්ට නඩු දම්මම ඒ අයව නිදහස් කරනකන් පස්ස පැත්ත ගිනි ගන්නවා. සිංහලයෙක් උසාවියට ගේනකොට ගේට්ටුව ළඟදීම තීන්දුව දෙනවා එල්ලුම්ගස් යවන්න.

:       8       285

Kamal Saturday, 16 June 2018 06:02 AM

ඔව්, මානවහිමිකම් පාහරයන්ගේ අභිමතාර්ථය සඵල වුණා. හේතුව මේ සිවුරු පොරවා ගත් ඇත්තන් ඔවුන්ගේම සාමාජිකයෙක් වෙන නිසා. මේ දැන් තියෙන මහා බලසම්පන්න වෙනස කලේ මේ උත්තමයත් එකතුව ඔය ඇමරිකාවට කඩේ යන එන්.ජී.ඕ. නඩේ. මේක ආයෙත් බෞද්ධ ඡන්ද කඩන්න දාපු උගුලක්.

:       59       1033

piyal Saturday, 16 June 2018 06:42 AM

ඉහත කමෙන්ට් දාපු ගොඩක් දෙනාගෙන් මේ ප්‍රශ්නය අහනවා. එදා මහනුවරදී සුද්දාගේ කොඩිය බිමදමා සිංහ කොඩිය එසවූයේ භික්ෂුවක්... එය ඔබ අනුමත කරනවාද? උන්වහන්සේ වීරයෙක් ලෙස හඳුන්වන්නේ ඇයි?

:       12       218

kuleSaturday, 16 June 2018 10:29 AM

එදා උන් වහන්සේ සුද්දගේ කොඩිය බිම දමා සිංහ කොඩිය එසවීමෙන් සුද්දාට සතුරෙක් වුණා. එදත් බෞද්ධ භික්ෂුවකට ඔය වගේ රස්තියාදුකාර නරුම හැසිරීම් හොඳ නැහැ කියලා කියපු පිරිසක් ඉන්න ඇති. ඒ කට්ටිය නැවත මැරි මැරී ඉපදෙමින් අදටත් ඒකම කියනවා.

:       0       135

chandrarathna Saturday, 16 June 2018 06:55 AM

නාරද ඔබ හරි... අන්තවාදී වෙන්න එපා. නියම බෞද්ධ භික්ෂුවගෙන් අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවෙමු. රොබට් නොක්ස් ලියපු "එදා හෙළදිව" පොතේ මනාව සඳහන් වේ...

:       188       322

pawan Saturday, 16 June 2018 06:56 AM

ඔය කව්රුත් මේ ටික තේරුම් ගන්න. භාවනානුයෝගීව ඉන්න භික්ෂූන් ඉන්නවා. බණ කීමෙහි දක්ෂ භික්ෂූන් ඉන්නවා. පොත්පත්, කවි ආදිය ලිවීමේ දක්ෂ භික්ෂූන් ඉන්නවා. ඉගැන්වීමේ දක්ෂ භික්ෂූන් ඉන්නවා. ධර්ම ප්‍රචාරයේ දක්ෂ භික්ෂුන් ඉන්නවා. ඒ වගේම රට ජාතිය වෙනුවෙන් ඉදිරියට එන භික්ෂුන් ඉන්නවා. ඔයාලට ඕන භික්ෂුව කොයි විදියට ඉන්නද? ඉතිහාසයේ වැඩ හිටපු භික්ෂූන් ගැන සොයා බලන්න...

:       1       286

SobhitaSaturday, 16 June 2018 08:16 AM

බුදුන්ගේ දේශනාවේ තියෙන්නේ රටේ නීතියට ඉහළින් යන්න භික්ෂූත්වයට බැහැ කියලයි.

:       23       12

Asela Saturday, 16 June 2018 10:26 AM

බුද්ධ දේශනයේ අරියවංශ සූත්‍රයේ සඳහන් වන්නේ භික්ෂුව යනු චීවර ලාභයෙන් සන්තෝෂ වීම. පිණ්ඩපාතයෙන් සන්තෝෂ වීම. සෙනසුනෙන් සතුටට පත්වීම. සතිපට්ඨානා භාවනාවක් නිතර මෙනෙහි කරමින් භාවනානුයෝගීව විසීම. නැතුව පොත්, කවි ලිවීම බණ කිව්ව පමණින් භික්ෂුවක් වන්නේ නැහැ... රට, ජාතිය වෙනුවෙන් ඉදිරියට එන "භික්ෂුන් "කියලා කොටසක් නැහැ.. නිවැරදි බුද්ධ දේශනය විකෘත්ති කරන්න එපා.

:       379       308

pawanSaturday, 16 June 2018 11:11 AM

ඔබ පොතේ මුලටම යන්න එපා අසේල... මම කිව්වේ ලංකාවට සාපේක්ෂව. රහතුන් වහන්සේලා දැන් නැහැ නේ.

:       9       53

BamunuarachchiSunday, 17 June 2018 01:01 AM

අර කීවා වගේ පොතේ මුලටම යන්න එපා මොකද පොතේ වැකි කීවට තේරුම නොදන්නානිසා. පළමුවෙන සාසනය රැකගන්න ඉදිරිපත් උන බික්ෂුව තමයි ආනන්ද ත්රුන්වහන්සේ. උන්වහන්සේ කලේ සාසනය රැකගන්න කලේ සංගායනාවක් පවත්වා බුද්ධ දේශනාව සහ විනය ග්‍රන්තාරූඩ කිරීමයි. සාසනය රැක ගැනීම සංගායනවලින් පටන් ගෙන වාග් ප්‍රහාර දක්වා අදට විකාශනය වී ඇත. ඒ සමාජයේ වෙනස්වීම් සමගය. අන්‍ය ආගමිකයින්ගේ සාසනය බේරා ගැනීම සංගායනා වලින් කල නොහැක එමනිසා සාසනය රකින්න බික්ෂුන් ඇතිවුනේ බුද්ධකාලයේදිම බව ඔබගේ දැනගැනීම පිණිස කියාදෙමි

:       0       0

BamunuarachchiSaturday, 16 June 2018 10:37 AM

අපේ හාමුදුරුවන්ට බණ කියන්නත් පුළුවන්, සිංහලයා රැකගන්නට අණදෙන්නත් පුළුවන්, පාංශුකූලේ දෙන්නත් පුළුවන්.

:       7       217

tommySaturday, 16 June 2018 01:20 PM

පොඩි අවුලකට තියෙන්නේ, සමහර වෙලාවට ටිකක් සැරෙන් බණ කීමයි.

:       98       21

BamunuarachchiSunday, 17 June 2018 12:32 AM

දෙමාපියන් ගුරුවරුන් දරුවනට ආදරෙයි එත් වෙලාවලකට ටිකක් සැරයි. ඔබේ පාසලේ සැර ගුරුවරු සිටියේ නැද්ද? පන්සලෙත් ඉන්නවා සැර හාමුදුරුවරු. ඒවා ප්‍රශ්න කරගන්න එපා

:       0       0

Chanak Los angelesSaturday, 16 June 2018 05:24 PM

ඉන්න ඕන විදිය විනය පිටකයේ තිබෙනවා ..

:       0       0

kalani Saturday, 16 June 2018 07:39 AM

බෞද්ධ භික්ෂුන් වහන්සේ නොව කිසිදු ආගමික පුජ්‍ය වහන්සේ නමක් සිරගත කිරීම, යථාර්ථය නොවන සිතිවිලි ඇතිකර ගැනීම සහ චිත්තවේගික ප්‍රතිචාර ඇතිවීමට හේතුවෙයි. මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් පස්වනක් ප්‍රීතියෙන් ඔල්වරසන් දුන්නත් බෞද්ධ සමාජයේ කම්පනය, ජාතියේ මුරදේවතාවුන් වන භික්ෂුන් වහන්සේලා වෙනුවෙනි. ' සියලු සත්වයෝ නිදුක් වෙත්වා ' යනුවෙන් ආශිර්වාද කරන භික්ෂුව කුමන හේතුවක් නිසා හෝ සිය සැමියා අතුරුදහන් වූ ගැහැනියකට තර්ජනය කිරීම යුක්ති සහගත නොවේ.

:       581       353

dasaSaturday, 16 June 2018 11:04 AM

සැමියා අතුරුදන් වූ ගැහැනියකට තර්ජනය කිරීම වැරදි බව ඇත්තයි. නමුත් අනුකම්පාව ලැබෙන අයුරින් හැසිරියද යුතුය. සැමියා අතුරුදන් නම් ඒ පිළිබඳව සෙවීමේ අයිතියක් ඇත. තමුන් ඉපදුණු රටේ ත්‍රිවිධ හමුදාව රසායනික අවි භාවිතාකර දමිළ ජනතාව සමූල ඝාතනයක් කරා කියලා නැවත නැවත කියන එකේ සහ අතුරුදන්වූ සැමියාට යුක්තිය සොයන එකේ සම්බන්ධය කුමක්දැයි නොතේරේ...

:       0       381

BamunuarachchiSaturday, 16 June 2018 02:12 PM

අන්න එතනයි මේ කෙනත් සමග අපට තිබෙන තරහ... මේ ගොල්ලන්ට එන්.ජී.ඕ. කාරයින්ගෙන් තිබෙන සපෝට් එක බැලුවාම සමහරවිට එක්නැලිගොඩ යුරෝපා රටක ඇති...

:       0       89

Chanak Los angelesSunday, 17 June 2018 05:22 AM

තව කෙනෙකුගේ අනුකම්පාව ලබාගෙන ජීවත් වෙන්නේ කුමකටද ? අසාධාරණයක් සිදුවී කොන්ද කෙලින් තබාගෙන අධිකරණයේ පිහිට පැතීමයි එම තැනැත්තිය කර තිබෙන්නේ .එය වරදක්ද ? අධිකරණයට කඩා වදිමින් විනිසුරුතුමා ඇතුළු සියලු දෙනාටම තර්ජනය කිරීම අනුමත කරනවාද ?අපි අහනවා ඇයගේ සැමියා කොටින්ට උදව් කළා කියා කිසියම් අධිකරනකින් ඔප්පු වී තිබෙනවාද ? මම කියන්නේ මේ දඬුවම තවත් දීර්ඝ කල යුතුයි .

:       0       0

Chanak Los angelesSunday, 17 June 2018 05:50 AM

ජාතියේ මුර දෙවතාවනුයි ජාතියට විෂබීජ වපුරවන්න අයයි පටලවා නොගන්න .

:       0       0

rocky Saturday, 16 June 2018 03:37 PM

බමුණුආරච්ච් මහත්තයා කතා කරන්නේ සිංහල ඉතිහාසයක් ගැන නේ! එක කවුද ලියලා තියෙන්නේ? අපි නම් ඉගෙන ගත්තේ ලංකා ඉතිහාසය. නිකං මේ අන්ත ජාතිවාදී අදහස් ඉදිරිපත් කරන්නේ කිසිම පදනමක් දැනුමක් නැතුවනේ. පෘතුගීසින් එන්න ඉස්සෙල්ලා "මේ මුතු ඇටය සම්පූර්ණයෙන්ම සිංහල බෞද්ධ රටක්" වුනා යයි කීමෙන්ම පේනවා ඉතිහාසය ගැන ඔබට තියන දැනුම! අවුරුදු 70ක් විතර සොලීන්ට එක දිගටම රජරට යටත්වෙලා තිබුණු කාලේ ගැනවත් දන්නේ නැද්ද? මහත්තයෝ, අඩු ගනනේ මහාවංශයවත් කියවලා කතා කරන්න. බුද්ධාගම ගැන තියන දැනුමත් ඔය වගේම වෙන්නැති! මුලධර්මවාදී, එසේ නැත්නම් අන්තවාදී අදහස් දරන බොහෝ දෙනාට ආගම ගැනවත් රටේ ඉතිහාසය ගැනවත් හරි හමන් දැනුමක් නැහැ.. නිකං පණ්ඩිතයෝ වගේ සෝබනේට පච පච ගානවා!

:       625       42

Chanak Los angelesSaturday, 16 June 2018 05:37 PM

ඔය බමුණු වපුරනවා වගෙයි එදා ඉන්දියාවේත් බමුණෝ මිත්යාදුෂ්ටිය වැපුරුවේ .. බුදුන් වදාළ පරිදි මිත්යාදුෂ්ටිකයා අනුන්ව නසනවා වගේම තමුනුත් නසා ගන්නවා .

:       0       0

BamunuarachchiSaturday, 16 June 2018 05:39 PM

හලෝ අවුරුදු 2500 ටත් බොහෝ වැඩි ඉතිහාසයක් තිබෙන සිංහල අපිට සොලියගේ අවුරුදු 70 වත් කතා කොරන්න තරම් ඉතිහාසයක්ද? මොන ඉස්කෝලේද ඉතිහාසය ඉගෙන ගත්තේ ඉතිහාසය ඉගැන්නුවෙත් දෙමල ගුරෙක්ද?

:       0       0

Chanak Los angelesSaturday, 16 June 2018 11:07 PM

මැඩියා ලිඳ පතුලේ ඉඳගෙන කියනවාලු මෙතනින් එහාට ලෝකයක් කොයින්ද කියා .. rocky අපි ඔහුට කියමු එලියට ඇවිත් ලෝකය දිහා බලලා අදහස් කියන්න කියලා .

:       0       0

SirimewanSunday, 17 June 2018 01:46 AM

මෙයා ලංකා ඉතිහාසේ ඉගෙනගෙන තියෙන්නේ කොහෙන්ද? අඩු ගානේ ඉංග්‍රීසීන් ලංකාව යටත් කර ගන්නකොට තත්ත්වය ගැන ඉංග්‍රීසීන්ගේ වාර්ථා කියවා බලන්න. ලංකාව 98%ක් සිංහල බෞද්ධ, ඉතුරු 1.98% ශ්‍රී ලංකා හින්දු, ඉතුරු 0.02% ශ්‍රී ලංකා මුස්ලිම්. මොක්කු ඇවිත් ලංකාව යටත් කර ගත්තත්, ලංකාවේ සිංහලකම බෞද්ධකම මකන්න බැරි වුණා.

:       0       0

WijithSunday, 17 June 2018 01:55 AM

අහල තියෙනවද මහාවංශය කියල පොතක්. ඒ පොත ලිව්වේ මහා විහාරයේ මහානාම හාමුදුරුවො. ඒ වර්ශ 360 දක්වා. ඊට පසුව ධම්මකිත්ති හාමුදුරුවො, ඇතුළුව හාමුදුරුවරු ගණනාවක් මේකට දායක වුනා. තිබ්බො‍ටුවාවේ ශ්‍රී සුමංගල හිමි තමයි අවසන් කොටස ලිව්වේ. 1837දී මේක ජෝර්ජ් ටර්නවර් විසින් ඉංග්‍රීසියටත්, 1912 දී විල්හෙම් ගයිගර් විසින් ජර්මන් බසටත් පරිවර්ථනය කරා. ඒකේ තියෙනවා ලස්සනට පැහැදිලි කරල මේ රට සිංහල රටක් බව.

:       0       0

BamunuarachchiMonday, 18 June 2018 10:50 AM

ලෝකේ දිහා බලලයි මෙහෙම කියන්නේ ඇෆ්ගනිස්තාන්, ඉන්දුනේශියා, ඉරාන්, මියන්මාර් වගේ බෞද්ධ රටවලට හා නෙදර්ලන්ඩ් ජර්මනිය වගේ රටවලට වෙලතිබෙන දැකලයි අපිමෙහෙම කියන්නේ. වැඩිකතා ඕනේ නැත ට්‍රම්ප් මහතා ආදර්ශයට ගමු. මොකද කියන්නේ ට්‍රම්ප් මහතා වැරදිද?

:       0       0

Kamal Saturday, 16 June 2018 06:34 PM

රටට වෙන්න යන විනාශය උඩින් දාලා තියෙන කොමෙන්ට්ස් වලින් හොදට පේනවා. එත් කොමෙන්ට්ස් දාලා නැති online කියවලා තියෙන අය ඉහත මගේ ඇත්ත කොමෙන්ට්ස් එකට ගරු කරලා තියෙනවා. මෙන්න මේ දේ හොදින් තේරුම් ගන්න. මේ හිමිනම කොහෙද හිටියේ මොනවද කලේ කියල හොදින් හොයල බලන්න a . චම්පික ඇමති එක්ක එකට හිටිය, එකට වැඩ කල අයෙක්. මේ ඇමති බුද්ධාගන්කාරයන් ගැන මම බලා ගන්නම් කියලා කියූ කෙනෙක්. b. මේ හිමිනම ලංකාවේ එකම හිමිනම බීමතින් රිය පදවලා දඩයක් ගත්තු. c මේ හිමිනම වර්තමාන රජය වෙනුවෙන් කොටින් සමග සහ NGO නඩත් සමග සාකච්චා කල කෙනෙක්. FB එකේ පරික්ෂාකර බලන්න. පපුවෙන් නොව මොලෙන් හිතන්න... සිංහල ජාතිය සහ බුද්ධාගම රකින්න මේ රකුසු බලවේග පරදවන්න

:       0       0

frank Saturday, 16 June 2018 07:14 PM

මම නම් ඉන්නේ ඔය රංග දිසානායකයි, උදේශ් රණතුන්ගයවයි ජනක බන්ධාරයවයි හමුවෙනකම්.

:       0       0

Jayasiri Saturday, 16 June 2018 10:04 PM

මෙය සමස්ත බික්ෂු වහන්සේලාට කරපු දඩුවමකි

:       0       0

Chanak Los angeles Sunday, 17 June 2018 04:59 AM

චුදිතයා වැරදි නැතිනම් එය ඔප්පු කර නිර්දෝෂී විය හැක්කේ අධිකරණය තුළදීමය .

:       0       0

kalani Sunday, 17 June 2018 07:38 AM

භික්ෂුන් වහන්සේ ' උත්තර මානවයකු ' ලෙස පිළිගැනීමට සුදානම් ගිහි සමාජය, උන්වහන්සේ රට, දැය, සමය වෙනුවෙන් කෝප ගැන්වී, කෙනෙකුට විශේෂයෙන් සැමියා මගහැරුණු කාන්තාවකට තර්ජනය කිරීම අනුමත නොකරයි. එම නොකළයුත්ත සාධාරණිකරණය කිරීම වෙනුවෙන් කෙනෙක් මහා වංශයට රිසි තැනකින් රිංගා සිංහලයින්ගේ අනන්‍යතාවය සොයති. වානර පරම්පරාවකින් {රිසැස්} අහම්බයක් ලෙස කශේරුඛාව ඍජුව තබාගත් මානවයාගේ පරිණාමිය අභ්‍යාසයේදී එක් එක් බිම්කඩවල හුදකලාවීම නිසා ජාතියක් වශයෙන් ගොනුවෙයි. සිංහල ජාතිය විජයගෙන්ද, මහා රාවණාගෙන්ද නැත්නම් ස්ටෙප්ස් තණ බිම්වලින් දකුණු දිශාවට සංක්‍රමණය වූ මිනිසුන්ගෙන්ද යන්න තවමත් නිශ්චිත නැත. ඉතිහාසය වරදවා කියවාගත් නුතනයා තර්ක විද්‍යාවෙන් අතීතකාමියකු බවට පත්වීම ධර්මයද, නීතියද යටපත් කරයි. මෙතැනදී සැලකිය යුතුවෙන්නේ මානව ධර්මවලට පටහැනි ක්‍රියා වෙනුවෙන් විරුද්ධවීම මිස ඉතිහාසය කියවීම නොවේ.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site