ප්‍රසන්න පද්මසිරි
උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවී ඇති හානිය බැලීමට කළ සංචාරයේ දී ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා කාමරයකට දමාගෙන තමාට තර්ජනය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සහ ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.
ව්‍යාපෘතිය නතර කරන ලෙස ඔහු තර්ජනය කළ බවත්, තමා එම කාමරයෙන් එළියට පැණගත් බවත් අමරවීර මහතා පවසයි.
මහින්ද අමරවීර මහතා අද එහි ගියේ බණ්ඩාරවෙල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබූ සාකච්ඡාවකට සහභාගී වීම සඳහාය. උමා ඔය ව්‍යාපෘතියේ ගැටලු ගැන සාකච්ඡා කිරීමට එම රැස්වීම කැඳවා තිබුණු අතර ඊට රාජ්‍ය නිලධාරීන් රැසක් කැඳවා තිබිණි.
එම රැස්වීම කඩා කප්පල් කිරීමට ද පිරිසක් සැලසුම් කර ඇතැයි කී අමරවීර ඇමැතිවරයා තමා සාකච්ඡාවට නොයන බවත්, නිලධාරීන් කොළඹට කැඳවා සාකච්ඡාවක් සිදු කරන බවත් සඳහන් කළේය.
COMMENTS
බලන්න මේ මිනිස්සු අහිංසක ඇමති කෙනෙක්ට කරලා තියෙන වැඩේ... හොඳ වෙලාවට ඇමතිතුමාට යන්න ලැබුනේ. නැත්නම් මොනවායින් මොනවා වේවිද දන්නේ නෑ.
මේ දේවලින් හොඳින් පෙනී යන්නේ හැම දෙයක් පිටුපස ජ.වී.පෙ සිටින බවයි. මෙහෙම කියන්නේ යු.එන්.පි ය හෝ එස්.එල්.එෆ්.පි. ය හොඳයි කීම නොව ජ.වී.පෙ ඇති දෙමුහුන් ක්‍රියාවලියයි. එළිපිට ප්‍රසිද්ධියේ දේශපාලනය කිරීමත් බැරි වූ විටක දී දෙවැනි කාර්යය වශයෙන් සන්නද්ධ අරගලයකින් ආණ්ඩුව පෙරලා බලය අතට ගැනීමට නිහඬ සුදානමයි. දැනුත් මේ කෙරෙන දේවල් සැක සහිතය. මෙතරම් විමුක්ති ව්‍යාපාරයක් නම් නාස්ති නොකර අසරණ දුගී ජනයාට දිය යුතුය. මේ කවුරුන්ගේත් අැත්තේ බලලෝභීත්වයයි. මෙවැනි අහස පොලොව නුහුලන දේ කිරීමෙන් රටට සෙතක් නොමැත... එකමුතුව රටේ යහපතට වැඩ කිරීමට ඥාන බුද්ධිය පහළවේවා !!!
ධීවර ඇමතිතුමා එතනට ගියේ මාළු බාන්නද? උමා ඔයේ භූගත උමං මාර්ගයේ යන්නයි තිබුනේ...
මේවා සුරංගනා කථා... ඒ කාලේ අපේ අම්මලාත් කිව්වා අපිව රෑට නිදිකරවන්න.
ආරක්ෂක වළල්ලක් මැද ඉඳගෙන මෙහෙම කියන්නේ කොහොමද?
පසුගිය ආණ්ඩුවෙන් ඕව හදන්න කැබිනට් එකේ අනුමැතිය ගන්න කොට ඔබතුමාත් එකේ ඉඳගෙන හිටිය බව " ඔබට මතක නැති වුණාට අදවාගේ මතකයි මට " කියලා ජ.වි.පෙ. මන්ත්‍රී කියන්න ඇති...
සාමාන්යෙන් මේ ගොල්ල පාරේ යනකොට අවිගත් රැකවලුන් පුරවාගත් ඩිපෙන්ඩර් දෙකක්වත් යනවා , ඒමදිවට අදාල පොලිස් බලප්රෙදේශයේ ට්‍රැෆික් යතුරුපැදි දෙකක්වත් යනවා , ජ වී පෙ මන්ත්‍රී කටින් තර්ජනය කල කියල රැස්වීමට සහභාගී නොවී අපහු හැරිලා එන්නේ මොකද ? චන්ද රැස්වීම වලදී නම් වේදිකාවට බෝම්බ ගහන කිවුවත් නගින ජාතියේ මිනිස්සු මේගොල්ල ,අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි නිසා රැස්වීමට නොයන්න හේතුවක් හොයා හොයා ඉන්න කොට මේ සිද්ධිය වෙලා තිබෙන්නේ ,