ක්‍රිෂාන් ජීවක ජයරුක්
වසර පහක කාලයකදී ජල ගාස්තු සංශෝධනයක් සිදු වී නොමැති නිසා ඉදිරියේ දී අනිවාර්යෙන්ම ජල ගාස්තු වැඩි වීමක් සිදු කිරීමට සිදු වන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද (06) මාතරදී පැවසීය.
මාතර ජල සම්පාදන ව්‍යාපෘතියේ හතරවැනි අදියර ක්‍රියාත්මක කිරීම සඳහා මුල් ගල් තැබීමේ උත්සවයේ දී ඔහු ඒ බව කීය. මාතර නූපේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල කාර්යාලයේ දී එම උත්සවය පැවැත්විණි.
ජල ගාස්තු සංශෝධනය වසර තුනකට වරක් සිදු කළ යුතුව තිබුණත් නව රජය බලයට පත් වු පසු එය සිදු නොකළ නිසා වසර පහක් තිස්සේ ජල ගාස්තු සංශෝධනය වී නැතැයි ද, එනිසා එය සංශෝධනය කළ යුතුව ඇතැයි ද, රටේ බහුතර ජනතාවක් නියඟයෙන් පීඩා විඳන නිසා ජල ගාස්තු සංශෝධනය ප්‍රමාධ කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
COMMENTS
ඔව් ඇත්ත. පහුගිය කාලේ ප්‍රවෘත්තියක් හැටියට තිබුණා ඇමතිතුමාට අළුත් වාහනයක් ඇණවුම් කළා කියලා. ජනාධිපතිතුමා නැවැත්තුවා කියලා. පයිප්ප වතුර කොච්චර අපිරිසිදුද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ පාන්කඩයක් ගැටගැහුවොත් කියලා දන්නේ නැතුව ඇති.
මට තියෙන ප්‍රශ්නේ ඇයි මොවුන් ජලය පිරිපහදු කරන්න යන වියදම ගැන දොඩවන්නේ ? හෝටල්වල තියෙන ,ගරාජ් වල තියෙන ,කාණු වල තියෙන සියලුම අපද්‍රව්‍ය බැහැර කරන්නේ පානීය ජලය සපයන ගංගා වලට. පාරේ විසිකරන සියලුම අපද්‍රව්‍ය ,පොලිතින්,කොකාකෝලා ,පෙප්සිකෝලා ,යෝගට් කප් ,ටොපි කොළ .සියල්ල අවසානයේ නතරවන්නේ ජලපිරිපහදුවක,වාහන හෝදන බොහොමයක් තැන් වල වතුර පිරිසිදු නොකරම කානු වලට යවනවා.ගංගා ඉවුරු දිගේ ගෙවල් හදන්න අවසර කොයින් ද ? පරිසර අධිකාරියට,ජල ප්‍රවාහන මණ්ඩලයට.රජයට කිසිම උවමනාවක් නැහැ මෙවැනි දේ නවත්වන්න හෝ මිනිසුන් දැනුවත් කරන්න.ඒ මොනවත් නැතිව වතුර පිරිසිදු කරන්න යන වියදම ගැන අඬා වැලපෙනවා.ජලය අපිරිසිදු නොකරන්න වැඩපිළිවෙලක් නැතිව කොහොමද වියදම අඩු කරගන්නේ ? සරල ක්‍රියධාමයක් සංකීරණ කරගන්න තරම් මොවුන් නොසැලකිලිමත් ද ? මාසේ පඩිය විතරක් ගෙදර අරගෙන යන්න හිතන්නේ නැතිව වතුර පිරිසිදුව තියාගන්න අවශ්‍ය නීති ,දැනුවත් කිරීම ,නීති ක්‍රියාත්මක කිරීම් කරන්න ,එතකොට වියදම නිකන්ම අඩුවෙවේ.ජපානෙට පුළුවන් නම් අපිට බැරි මොකද ?
මෙතුමා හිතනවා ඇති ජනතාව මෝඩයි කියලා. සංශෝධන කියන්නේ වැඩිවීමක් පමණක්ද? අඩුවීමක් වන්නේම නැද්ද?
ඔබට සතුටුයිද දැන්....
අවුරුදු 3ට වරක් බිල වැඩි කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියද? ආණ්ඩුව කියන්නේ බිස්නස් කරන තැනක්ද? අපි ඡන්දේ දීල පත්කර ගන්නේ මේකටද?
දැන් ලංකාවේ වතුර බිල.., වතුර නොමැති රටවල බිලටත් වඩා ඉහලයි.