(තරිඳු ජයවර්ධන)
යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර්ට රැකවරණය දීම සහ පැන යෑමට ආධාර අනුබල දීමේ චෝදනාවට සැකපිට මධ්‍යම සහ ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා මීට ටික වේලාවකට පෙර රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට
ranasinghe Saturday, 15 July 2017 09:25 AM
විද්‍යා දැරිය පමණක් නොව රටේ වෙනත් ඝාතන වලටත් අනුබල දුන්න අයත් අත්අඩංගුවට ගන්න. විශේෂයෙන් රගර් ක්‍රීඩක තාජුඩින්. මද්‍යාවේදී ලසන්ත වික්‍රමතුංග වගේ අය ඝාතනය කළ අය අත්අඩංගුවට ගන්න.
Hafeel Saturday, 15 July 2017 12:20 PM
රණසිංහ කියන එක හරියට හරි. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න තෝරා බේරා කොටසකට පමණයි. ලසන්ත, තාජුදීන්, එක්නැලිගොඩ, වැලිකඩ ඝාතනවලට අනුබල දුන් පුද්ගලයාටත් තරාතිරම් නොබලා දඬුවම් දියයුතුයි.
GihanSaturday, 15 July 2017 03:32 PM
මිලේනියම් සිටි සිද්ධියෙන් මියගිය අපේම හමුදා සාමාජිකයෝ ගැනත් හොයමු.
Perakum Saturday, 15 July 2017 10:31 AM
නීතිය රකින අය මෙහෙම කරන කොට අපිට කාගේ පිහිටක්ද? අනිවාර්යයෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න.
menna Saturday, 15 July 2017 11:00 AM
ලලිත් ජයසිංහ මහත්තයා සිංහලද? ස්විස් කුමාර් දෙමලද? මම ඇත්ත නොදනිමි, මේ ලිපිය කියෙව්වාම මට ඉන්දියන් ද්‍රවිඩ ජාතිකයෙක් කියපු කතාවක් මතක් වුණා. ඉන්දියන් ද්‍රවිඩ ජාතිකයා හා වෙනත් ජාතින් කිහිප දෙනක් එක්ක කතාවක හිටිය වෙලාවේ, ඒ කාලේ යුද්දේ තිබුණු දවස්, මනුස්සය කිව්වා ලාංකිකයෙක් ඔවුන්ගේ අගමැති ඝාතනය කර කියල. මට ලැජ්ජාවකුත් අපේ රට ගැන කියාගන්න දේවලුත් අමතක් වුණා. විදේශිකයන්ට ප්‍රභාකරන් වැනි මිනිස්සු ලාංකිකයෝ වුණාට, මට නම් ලාංකිකයෙක් නොවේ. සිංහල හෝ වේවා... දෙමළ හෝ වේවා ... මනුස්සකම් තියෙන නීතිගරුක පුරවැසියෝ ඉන්න රටක් වේවා.
godaya Saturday, 15 July 2017 12:36 PM
රණසිංහ, එහෙම වුණොත් ඇතිද? එතකොට රෝහණ විජේවීර, රිචඩ් ද සොයිසා වගේ අයගේ ඝාතන ගැන එපාද?
පිටිගල මිලානෝ Saturday, 15 July 2017 01:12 PM
රාළහාමිලා මීට වඩා අවංක විය යුතුයි.
asanka Saturday, 15 July 2017 01:26 PM
අපේ ගමේ චන්දරේ, ආනන්ද, සාන්ත, බෙම්මුල්ලේ සමන් මෙකී නොකී දහස් ගානක් 88- 89 ඝාතනය කළ අයව කල්පනා වෙන්නේ නැද්ද?
samSaturday, 15 July 2017 10:00 PM
88-89 කාලේ රජය මගින් කල ඝාතන කිසිසේත්ම අනුමත කරන්න බැහැ. නමුත් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමට සුදුසු සාමකාමී වාතාවරණයක් ඇති කිරීම රජයේ වගකීමක්. මිලියන විස්සක ජනතාවක් භීෂණයෙන් මුදවා ගැනීමට දහස් ගණනක් ඝාතනය කිරීමට සිදු වුවා නම් එය භීෂණය ඇතිකළ පිරිසගේ වරදක් මිස භීෂණය නැති කල අයගේ හෝ රජයේ වරදක් නොවේ.
kapSunday, 16 July 2017 06:21 AM
අසංක, ඔයා ඔය කිව්ව මෙකී නොකී දහස් ගානක් සෙට් එකේ අය 88/89 දී ඝාතනය කරපු අහිංසක මිනිස්සු ගැන මොකද කියන්නේ?
sahan Saturday, 15 July 2017 03:03 PM
මෙයත් එක්ක දකුණේ පාතාලය මෙහෙයවපු හාමුදුරුවෝ දැන් කොහේද?
Oshan Saturday, 15 July 2017 04:07 PM
දැන් මේකටත් ඒකාබද්ධේ අය කියාවි රණවිරුවන් හිරේ දානවා කියලා...
Senarath Saturday, 15 July 2017 04:39 PM
රණසිංහ, ඔබ ඉඳගන්න එපා !!! මොලේ පොඩිවෙයි.
චන්ද ජොති හිමි Saturday, 15 July 2017 05:14 PM
නීතිය, යුක්තිය, ජාතිය ගැන හිතුවට... එතැන නීතිය යුක්තිය නැත.
lusena Saturday, 15 July 2017 05:15 PM
88,89 පේරාදෙණියේ ජ.වි.පෙ. රජයෙන් මරාදැමූ වෛද්‍ය සිසුන් ගැනත් සොයමු.
Susil Saturday, 15 July 2017 05:28 PM
නීතිය හරි පීල්ලට වැටිලා වගෙයි... ඔහොම යං..
Raawana Saturday, 15 July 2017 05:44 PM
වැරදි කරන අයට කොට කලිසම් අන්දන්න තිබෙන්නේ. එතකොට ජනතාව දන්නවා එයා මොන ජාතියේ කෙනෙක්ද කියලා.
Susil Saturday, 15 July 2017 09:51 PM
මෙයා 2020 දී අප්පච්චි යටතේ පොලිස්පති වෙන්න හිටිය කියල කතාවක් යනවා. ඒක එහෙම නම්, මෙයත් අනුර මහත්තයා වගේ ගොඩක් දේවල් කරලත් ඇති...
abaran Saturday, 15 July 2017 11:24 PM
කැප්පෙටිපොළ, පුරන්අප්පු, සරදියෙල් ආදී ඝාතකයින් හොයලා ඒ අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න.
chandan australia Saturday, 15 July 2017 11:56 PM
88- 89 ඝාතනය ආණ්ඩුවට විරුද්ධව ආයුධ ගත්ත, අහිංසක මිනිසුන්ව මරපු තරස්තවාදී සමුහයක් කියලා අමතක කරන්න එපා. කොටි ත්‍රස්තවාදීන් සහ ඔවුන් අතර වෙනසක් නැහැ.
lal Sunday, 16 July 2017 12:51 AM
ඇයි බටලන්දේ වධකාගාරයේදී පරලොව ගිය අහිංසක කොල්ලෝ කෙල්ලෝ?
abe Sunday, 16 July 2017 08:02 AM
නීතිගරුක නිලධාරියෙක් තමයි මෙතුමා... ඔබට ජය අත් වේවා!!!