IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


ජ’පුර මරණ පරීක්ෂණවලට මුදල් අයකිරීම ගැන වෛද්‍ය සංගම් කරුණු විමසයි

බිඟුන් මේනක ගමගේ 

 

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිදුකරනු ලබන මරණ පරීක්ෂණවලට මුදල් අයකිරීමට එම රෝහල් කළමනාකරණ මණ්ඩලය තීරණය කළේ කවර පදනමකින් දැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ මහතාගෙන් ලිඛිතව විමසා ඇත.

 

ශ්‍රී ජයවර්ධනපුර රෝහල් කළමනාකරණ මණ්ඩලය විසින් පසුගිය ජුනි 28 වැනි දා ගත් තීරණයක් අනුව නිකුත් කරන ලද ලිපියක් මගින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිදුකරනු ලබන මරණ පරීක්ෂණ සඳහා එක් මරණ පරීක්ෂණක් වෙනුවෙන් රුපියල් 2500 ක මුදලක් අයකිරීමට තීරණය කර ඇතැයි ද එම මුදල ගෙවන තුරු මෘත ශරීරය නිදහස් නොකරන බව එහි දක්වා ඇතැයි ද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

 

ශ්‍රී ලංකාව තුළ රජයේ රෝහල් තුළදී මරණ පරීක්ෂණ සඳහා මුදල් අයනොකරනු ලබන්නේ යැයි ද ශ්‍රී ජයවර්ධනපුර රෝහල ද මීට පෙර එවැනි මුදල් අයකිරීමක් නොකළේ යැයි ද එම සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සභාපතිවරයාට යොමු කළ ලිපියේ දැක්වේ. 

 

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදු කරනු ලැබූ මරණ පරීක්ෂණ සිදු කරනු ලැබුවේ කලූබෝවිල රෝහලේ වෛද්‍යවරුන් හා හදිසි මරණ පරීක්ෂකවරුන් විසින් යැයි ද ඒනිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මරණ පරීක්ෂණ සඳහා මුදල් අයකිරීම තීරණය කරනු ලැබුවේ කුමන කරුණු මතදැයි පැහැදිලි කරන්නැයි ද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටියි. 

 



අදහස් (1)

ජ’පුර මරණ පරීක්ෂණවලට මුදල් අයකිරීම ගැන වෛද්‍ය සංගම් කරුණු විමසයි

rocky Tuesday, 14 August 2018 06:53 AM

මුදල් ගෙවන තුරු මිනී නිදහස් නොකරන්නේ නම් ඔවුන්ටම තියා ගන්න කියන්න. වැඩේ ඉවරයිනේ ලේසියෙන්ම!

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 282 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 319 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1247 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site