අවුරුදු 25කින් පසු ඇතිවුණු දරුණු සුළි කුණාටුවක් ජපාන දූපත් හරහා හමා යන බව වාර්තා වේ.
ජේබි ලෙසින් හඳුන්වා ඇති සුළි කුණාටුව ශිකොකු දූපත හරහා හමා ගොස් ජපානයේ විශාලම දූපත වන හොන්ෂු වෙත ඇතුළුවීමට නියමිතව ඇත.
ගංවතුර, නායයෑම් හා සුනාමි තත්ත්වයන් ඇතිවිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇති හෙයින් දසලක්ෂ ගණනක් ජනතාව ආරක්ෂක ස්ථාන කරා ඉවත් කරනු ලැබ ඇත.
පැයට කිලෝමීටර් 172ක වේගයෙන් සුළං හමනු ඇතැයි අපේක්ෂිතය.
ගුවන් ගමන් වාර සියයක්, දුම්රිය ගමන් හා මුහුදු ගමනාගමනයන් අවලංගු කර තිබේ.
පසුගිය ජූලි මාසයේ ද ජපානය මෙවැනිම කාලගුණික තත්ත්වයකින් පීඩා විඳි අතර ඇතිවූ ගංවතුර හා නායයෑම් තත්ත්වයන් හේතුවෙන් 200ක් පමණ ජීවිතක්ෂයට පත්වූහ.
(බීබිසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ප්‍රබල ජන කුණාටුවක් 5 වෙනිදා රට හරහා හමා යනබව වාර්තා වෙනවා