(එම් .සුසිල් ප්‍රියන්ත )
ජන සෙත පෙරමුණ කරන්දෙණිය ප්‍රධාන සංවිධායක වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහන දම්මුල්ල මහතා සිය පක්ෂයෙන්, පක්ෂයේ සියලුම තනතුරුවලින් මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමෙන් ඉවත් කළ බව ජනසෙත පෙරමුන නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අද (31 ) පැවසූහ.
ජන සෙත පෙරමුණ පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව විනය විරෝධී කටයුත්තක් නිසා ඔහු පක්ෂයෙන් මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමෙන් ඉවත් කිරීමට සිදුවූ බවද උන්වහන්සේ පැවසූහ .
රෝහන දම්මුල්ල මහතාගෙන් හිස්වූ කරන්දෙණිය ජන සෙත පෙරමුණේ නව සංවිධායකධුරයට හා වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීධුරයට සදුන් රත්නායක මහතා පත් කළ බවද සීලරතන හිමියෝ පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවනේ.., අපේ මන්ත්‍රීතුමාට විනයක් නැද්ද? එහෙම කළානම් අප ආයේ එයාට ඡන්දය දෙන්නෙම නෑ...
ජන සෙතක් අවශ්‍ය නම්, භික්ෂු දේශපාලනය තහනම් නම් කළ යුතුමය.. ශිෂ්ටාචාර රටක, ජාතියක හෝ ආගමික නමකින් දේශපාලන පක්ෂ නොතිබිය යුතුය.
අප මහ බෝසතානන් වහන්සේ සිදුහත් රජතුමා ලෙසට සියළු සැපසම්පත් විඳ එහි අනිත්‍යය දැකීමෙන් සසර කලකිරී මහණදම් පුරා බුද්ධත්වය ලැබුවා. අපේ සමහර හාමුදුරුවන් වහන්සේලා මහණදමේ ආනිශංස දැකලා රජවෙන්න හදනවා.