Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 02 වන බ්‍රහස්පතින්දා
(නිමන්ති රණසිංහ)
අල්ලස් සිද්ධියකට අදාළව රක්ෂිත භාරයේ සිටින ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති 10 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඇප ලබාදීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම මත නඩු විභාගය අවසන් වන තුරු ඔවුන් රක්ෂිත බාරයේ තැබීමට අධිකරණය මගින් නියෝග නිකුත් කරනු ලැබ තිබුණේ ඉකුත් ජුනි මාසයේදීය.
පසුව කිහිප වතාවක්ම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරුන් අධිකරණය හමුවේ ඇප ලබා දෙන ලෙසට මහේස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලීම් කරනු ලැබූ අතර, අද දිනයේදී ද නඩු තීන්දු කිහිපයක් ඉදිරිපත් කරමින් ඔවුන් පැවසුවේ සැකකරුවන් සුවිශේෂී කරුණු නොමැති හෙයින් නඩු විභාගය අවසන් වනතුරු තම සේවාදායකයින් රක්ෂිත බාරයේ සිටීම ඔවුන්ට වන අගතියක් බවයි.
ඒ අනුව සැකකරුවන් සම්බන්ධයෙන් ඇප ලබාදීම සඳහා අල්ලස් කොමිසමේ ස්ථාවරය දැන ගැනීමට නඩුව ලබන 10 වැනි දා තෙක් කල් තැබීමට අධිකරණය තීරණය කළේය.
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ලබාගත් බව කියන එම අල්ලස් සිද්ධියට අදාළව විත්ති පාර්ශවයේ ලිඛිත දේශන ගොනු කිරීම සඳහා නඩුව කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.