(තරිඳු ජයවර්ධන)
රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්කි ලබා දුන් අධ්‍යාපන අමාත්‍යංශයේ සැපයුම් අංශයේ අධ්‍යක්ෂ අයි බී සී කේ ඉලංගසිංහ මහතාට හදිසියේ ලබා දුන් ස්ථාන මාරුව වලංගු කරන අධ්‍යාපන ලේකම්වරයාගේ ලිපිය අද එම අධ්‍යක්ෂවරයා අතට ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.
පාසල් පෙළපොත්වල අමතර වියදමක් දරමින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ රුව සහිත වර්ණ ඡායාරූපයක් පළ කිරීම සම්බන්ධයෙන් එවකට ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ලෙස සිටි අයි බී සී කේ ඉලංගසිංහ මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ සාක්කි ලබා දීමෙන් පසු ඒ මහතා සේවය කරමින් සිටි සැපයුම් අංශයේ අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කර සේවා ආයතනයේ සංචිතයට ස්ථාන මාරු කර තිබිණි.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම් එන් රණසිංහ මහතාගේ අත්සනින් 2019 ජූලි 24 දිනැතිව ඊඩී/4/58/6/285(iii) අංකයෙන් මෙම ස්ථාන මාරු ලිපිය නිකුත් කර තිබුණු අතර ඒ මහතා හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අධ්‍යාපන ලේකම්වරයාගෙන් කරුණු විමසීය.
මෙම ස්ථාන මාරුව සිදු කිරීමට කිසිම සාධාරණ හේතුවක් නැති හෙයින් එය අවලංගු කරන ලෙස ජනාධිපති කොමිසම අධ්‍යාපන ලේකම්වරයාට කළ දැනුම්දීමක් අනුව ස්ථාන මාරුව අවලංගු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඉලංගසිංහ මහතාගේ ස්ථාන මාරුව අවලංගු කරමින් ලිපියක් නිකුත් කළ බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම් එන් රණසිංහ මහතා තහවුරු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉලංගසිංහ යනු අවංක, දක්ෂ නිලධාරි මහත්මයෙක්...
එතකොට මෙවැනි අත්තනෝමතික ක්‍රියා සිදු කරන අයට දඬුවමක් නැද්ද..? කවදා කවුරු මේ ක්‍රමය නිවැරදි කරයිද?
අකිලත් ගෙදර ඇරිය යුතුයි. සියල්ල ඡන්ද දායකයාට බාරයි.