IMG-LOGO

ජනපතිවරණයට එන්න අවශ්‍යතාවයක් නෑ - ගෝඨා

චමිල් රූපසිංහ

2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට තමන්ට අවශ්‍යතාවයක් නැති බවත් තමන් සැමවිට පවසන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ කවුද කියා තෝරන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14)  මහනුවරදී පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවැසුයේ වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන් හමුවීම සඳහා අද (14) මහනුවරට පැමිණි අවස්ථාවේදීය.

ඇමරිකානු තානාපතිවරයා  ගෝඨාභය  රාජපක්ෂ මහතාට දේශපාලයට ඒමට ඉඩ නොදීම සම්බන්ධයෙන් අදහස් විමසූ විට ගෝඨාභය  රාජපක්ෂ මහතා මෙසේ කීවේය.

‘‘මම දන්නේ නෑ එහෙම ප්‍රකාශ කළාද කියල. නමුත් එහෙම ප්‍රකාශ කළානම් ඇමරිකානු තානාපතිවරයා එතරම් පහත් තත්ත්වයකට වැටෙයි කියා මා විශ්වාස කරන්නේ නෑ.

දූෂණය නැති කරනවා කියා කියන්නේ තමන්ට විරුද්ධ දේශපාලකයන් අල්ලා හිරේ දමන එක නොවෙයි.  දූෂණය නැති කරනවා කියන්නේ නියම හොරු අල්ලන එක. අපි හොරෙන් සල්ලි අරගෙන මුදල් හම්බ කළේ නෑ. දුෂණය නැති කරනවා කියා මිනි මරපු අය පැත්තක සිටියදී ඒවා නිවරදි ලෙස නිරික්ෂණය නොකර අසරණයන් පිටුපස එලවනවා. ‘‘



අදහස් (13)

ජනපතිවරණයට එන්න අවශ්‍යතාවයක් නෑ - ගෝඨා

mahinda Thursday, 14 June 2018 05:52 PM

එත කොට මහජන මුදල් හිතුමනාපයට වියදම් කිරීම හොරකමක් නොවෙයිද?දළදා මාලිගාව වටේට රේස් පැද්දේ මොන බලයෙන් ද ?

:       362       437

rohana Friday, 15 June 2018 01:17 AM

කොහොමත් මෙයාට ඉල්ලන්න බැහැ නේද ඇයි ද්විත්ව පුරවැසි භාවය තියෙන කෙනෙක් නේද? ඇමෙරිකාවෙත්

:       239       70

ධනුෂ්ක Friday, 15 June 2018 02:17 AM

අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ අනිවාර්යෙන්ම පැරදවිය යුතුය. නමුත් මේ කුමන්ත්‍රණයනම් හොඳ එකක් වගේ. අනික එයාලාගේ පුරවැසියොනේ එ් තානාතිපතිට එ්කට අයිතියකුත් තියනවා. මෙතුමගේ පුරවැසිභාවය අතහැරීමට ද නොහැකි බව දන්වලා තියනවා. නායකයන් විය යුත්තේ ලංකාවේ හා ලෝකේ හැමෝම එක්ක ගනුදෙනු කල හැකි තුන්කල් දකින අය

:       332       120

sam Friday, 15 June 2018 05:59 AM

ඇමරිකානු තානාපතිවරයා මෙතුමාට ජනපතිවරණයට එන්න ඉඩ නොදෙනවා කියන කියමන විහිලු සහගතයි. තානාපතිතුමා ඒ සම්බන්ධයෙන් තියන නීතිමය තත්වය පැහැදිලි කරන්න ඇති. එවිට ජනපතිවරණයට එන්න බැරි බව තේරෙන්න ඇති.

:       129       82

sathyapala Friday, 15 June 2018 06:22 AM

ඇමෙරිකාවේ තානාපති හිතන්න ඇති ඇමෙරිකාවේ පුරවැසියෙක් ලංකාවේ ජනාධිපතිවරණයට ඉල්ලා පරාද උනොත් එක ඇමෙරිකාවට වන අගෞරවයක් කියලා.මොනවා කලත් තමන්ගේ රටේ පුරවැසියෙක්නේ.

:       208       141

පිටිගල මිලානෝ Friday, 15 June 2018 08:30 AM

ඡන්ද ලකුණ වාහනයක්ද?

:       42       7

සේනකFriday, 15 June 2018 09:18 AM

ලකුණ මොකක් වුණත් මොකද මහාත්තයෝ ,බඹරෙ වැල්ලේ ගැහැව්වත් කැරකෙනවනම්.

:       2       38

සේනක Friday, 15 June 2018 08:40 AM

රටේ ප්‍රධාන පුරවැසියෝ දෙන්න රටේ සම්පත් ටික විකුණාගෙන කන එකේ,රටට ජාතියට ආදරය ඇති, වැඩක් කරපු මිනිහෙකුට ද්විත්ව පුරවැසිභාවය තිබුණයි කියලා මොකද වෙන්නේ. අනිත් එක රටේ ජනතාව කැමැති ඒ මනුස්සයටනම් ජනාධිපතිවරණයට ඉල්ලුවාට කමක් නැහැ . දැන් මේ රට විනාශ කර ගෙන යන විදිහට මේ වගේ පුද්ගලයෙක් ජනාධිපතිවරයෙක් වුණොත් එක අපේ ජාතියේ වාසනාව.

:       19       324

athuraFriday, 15 June 2018 10:02 AM

පස්සෙන් යන කට්ටියට නම් වාසනාව තමයි.හැබැයි කාගෙවත් පස්සේ නොයන උදවියගේ අවාසනාව තමයි.

:       0       1

Ajith NissankaFriday, 15 June 2018 01:01 PM

රටට, ජාතියට ආදරය කිව්වට ඇමෙරිකාවටද දන්නේ නැහැනේ ආදරේ! මෙතුමාගේ මාටියා සල්ලි ඇමරිකාවේ ආයෝජනය කරනවා කියලා බොහෝ අය විශ්වාස කරනවා! මෙතුමා කෙළින්ම සම්බන්ධයි කියලා චෝදනා කරන මිග් ගනුදෙනුවට සම්බන්ධ උදයංග සහ ජාලිය යන නෑයෝ දෙන්නත් ඔය රටේම සැඟවිලා ඉන්නවා! ඔය වගේ චෝදනා තියන මෙතුමා පළමුවෙන් කල යුත්තේ අධිකරණයට වෙට්ටු දමමින් කල් මැර මැර ඉන්නේ නැතුව තමන් නිර්දෝෂයි කියලා ඔප්පු කරන එකයි! එතකොට කාටත් බයක් සැකක් නැතුව මෙතුමාට සහය දෙන්න පුළුවනි!

:       56       2

narahda Friday, 15 June 2018 09:10 AM

ඕනෙම ඇමරිකානු ද්විත්ව පුරවැසියෙකුට තමන්ට අවශ්‍ය නම් තම පුරවැසි භාවය අත්හැරිය හැකියි. එසේ කොට, ලංකාවේ නීතියට අනුව මෙතුමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි. ඕනෙම අයෙකුට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කල හැකි නමුත්, ඇමරිකානු තානාපතිවරයා වැනි කෙනෙක් තව රටක ප්‍රජාතාන්ත්‍රික දේශපනලය සඳහා ඉදිරිපත්වෙන අපේක්ෂකයෙකු ගැන තම අදහස් පල කිරීම එතරම් යෝග්‍ය නොවන දෙයක් බවයි මගේ අදහස.

:       2       55

Nuwan Friday, 15 June 2018 10:10 AM

අවශ්‍යතාවයක් නෑ නෙමේ අවශ්‍යතාවයක් තිබුනට එන්න නීතිමය වාතාවරණයක් නැහැ

:       0       1

Cyril Friday, 15 June 2018 01:48 PM

ඊශ්‍රායෙල් දැන් ඉන්න අගමැති ඇතුළු හිටපු අගමැතිවරු ඇතුළු සැහෙන පිරිසකට ද්විත්ව පුරවැසි භාවය තියෙනවා. අපේ නීතියත් යූ.එස් නීතිය අනුව පුරවැසි භාවයෙන් ඉවත් විය හැකිය. අවලංගු කල හැක...

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 632 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site