ජනාධිපති ලේකම් තනතුර සඳහා නැගෙණහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත් කෙරෙනු ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගැනීමට තිබේ.
මේ වනතුරුත් පත්වීමේ ලිපිය ප්‍රනාන්දු මහතාට බාරදී නැතත් ඉදිරි දින තුනේදී ඒ මහතා ජනාධිපති ලේකම් තනතුරට පත් කෙරෙනු ඇතැයි කියැවේ.
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනාධිපති ලේකම් තනතුරට ඔස්ටින් ප්‍රනාන්දු
සමන් Saturday, 01 July 2017 08:02 AM
ගාල්ලේ රිච්මන්ඩ් වරයකු වීම ගැන මට ආඩම්බරයි...
ජයන්ත Saturday, 01 July 2017 08:15 AM
ඒ කාලයේ අැපල් අරන් ඉස්පිරිතාලෙකට ගිය මහත්තයා ද?
ඩයස් Saturday, 01 July 2017 08:48 AM
අර අැපල් අරන් ගිය මහත්තයා නේද ?
සමරසිංහ Saturday, 01 July 2017 09:40 AM
1949 දී කන්තලේ ගන්තාලාවේ උපත ලැබූ හිටපු ජනපති ලේකම් තුමා අද මෙතරම් පොහොසත් වුයේ කෙසේදැයි කරුණාකර සොයා බලන්න...
jaya Saturday, 01 July 2017 10:48 AM
නාවික හමුදා නිලධාරියාට ස්ටේජ් එක උඩදී දොස්නගන වෙලාවේ මෙතුමාගේ හිනාව මතකද? හොඳ කශේරුවක් තියෙන දක්ෂ නිලධාරියෙක්ව හොයාගන්න බැරි ඇයි ජනපතිතුමනි?
සිරි Saturday, 01 July 2017 04:27 PM
මෙතුමාගේ පත්වීම ගැන ඇහුව ගමන් මටත් එක පාරටම මතක් වුනේ ඒ නිවට හිනාව.
upali Saturday, 01 July 2017 01:09 PM
ඔව් ඉතින් කලින් ලොක්කනේ..
athula Saturday, 01 July 2017 02:08 PM
ආ.. දැන් නම් නියම ආණ්ඩුවක් හැදෙන්නයි යන්නේ...
ධම්ම Saturday, 01 July 2017 02:23 PM
තමිල් චෙල්වම් මහත්තයත් හිටියා නම් සංහිඳියාව දොරේ ගලයි.
ranjan Saturday, 01 July 2017 04:13 PM
බුදු සරණේ ! ජනාධිපතිට ඉල්ලා අස් වෙන්න වෙන වැඩක් NGO කාරයෝ ටික කරාද මන්දා ?
lusena Saturday, 01 July 2017 04:35 PM
මේවා දකිනවිට අපිට හිතෙන්නේ කවදා ලංකාව ගොඩට ඒවිද කියලයි. හැමදාම පිටරටවලට වෙලා ඉන්න තමයි අපිට වෙන්නේ මහා එකාලගේ කෝලම් බලබල ලුසේනා
තිළිණ Saturday, 01 July 2017 04:47 PM
එතකොට අර ප්‍රභාකරන් ට මචං කිව්වේ කව්ද?
ranjith Saturday, 01 July 2017 04:47 PM
හිටපු ජනපති ලේකම් අබේකෝන් මහතා මෙතරම් පෝසත් උනේ කොහොමද කියල හොයන්න,එතුමාගේ දුවල ඉගෙන ගත්තේ විදේශ වල
චන්දා Saturday, 01 July 2017 08:12 PM
වැටත් නියයරත් ගොයම් කා නම්, කාට කියම් ඒ දුක .. මරු මිනිහට රටේ ඉහලම තනතුරක් භාර දෙන්නේ...
somasiri Saturday, 01 July 2017 10:53 PM
කොටි සමග රහස් සම්බන්දතා තිබුන කියා ඉස්සර මොහුට චෝදනා තිබුන .චන්ද්‍රිකාගේ කාලේ හිටිය ආරක්ෂක ලේකම් මෙයා. my belly is white කියන පොත ලියා එයා LTTE කොටි සමග තිබු රහස් සම්බන්දතා වලට නිර්දොශියි කියා කීවා මට මතකයි.
SL Sunday, 02 July 2017 01:00 AM
ජනාධිපතිවත් අන්දවා සිංහල බෞද්ධ විරෝදී ව්‍යවස්ථාව සමතකරගැනීමේ කුමන්ත්‍රණයේ ආරම්භය!
Roshan Sunday, 02 July 2017 02:43 AM
කොටි හිතවාදියෙක්...
සෙනෙවි Sunday, 02 July 2017 05:36 AM
ඉස්සර "සර්" ලවා "සර්" කියලා කියවා ගන්නකොට මාර ගතියක් දැනෙනවනේ...
sudarshana Sunday, 02 July 2017 06:42 AM
මම නම් දන්නේ නැහැ. ඇත්තටම කවුද මේ?
shamal Sunday, 02 July 2017 07:33 AM
කලින් ලේකම්තුමා නම් පරම්පරා ගානකට හම්බ කර ගත්තනේ... දැන් අලුත් කෙනෙක්ට ඒ අවස්ථාව දෙන්න ඕනේ...
ජයන්ත Sunday, 02 July 2017 07:48 AM
අනේ ජනාධිපතිතුමනි, රට, ජාතිය ගැන කැක්කුමක් අති එක්කෙනෙක් වත් අපේ රටේ නැති වෙලාද? අනේ අපොයි මදැයි ලංකාවට පදිංචියට එන්න හිටියා....
Senarath Sunday, 02 July 2017 10:32 AM
මෙහෙම වෙනකොට සිංහලයන්ට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද සාධාරණයක්? කොටින්ගේ ඩොලර්වලට කලින්ම අවශ්‍ය විදියට වැඩ ටික කරලා දේවි. මේ ආණ්ඩුවට ඕනෙත් ඒ වගේ පතෝල කරල් වගේ මිනිස්සු නේ...
hasantha. Sunday, 02 July 2017 11:38 AM
මම හීනෙන්වත් හිතුවේ නෑ... අපේ නායකතුමා මෙතරම් දුර්වල කෙනෙක් කියලා... පුදුම කලකිරීමක් හිතට දැනෙන්නේ.... ආයේ ඉතින් රට ගැන කිසිම බලාපොරොත්තුවක්, විශ්වාසයක් තබා සිටීම තේරුමක් නැහැ.
අතුල Sunday, 02 July 2017 01:32 PM
ජනාධිපතිතුමාගේ "නුවණක්කාර තේරීමක්". හිටපු ලේකම්තුමා වගේ නොවෙයි. රාජකාරි දිවිය පුරා බොහෝ ඇසූ පිරූ තැන් ඇති මහත්මයෙකි.