IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජනාධිපති අධිකරණ සේවා කොමිසමේ මතය විමසයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

පෞද්ගලිකව නීතීඥ වෘත්තීයේ යෙදුණු රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ මතය කුමක්ද යන්න ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අධිකරණ සේවා කොමිසමෙන් විමසීමක් කොට ඇතැයි වාර්තා වේ.

පෞද්ගලිකව නීතීඥ වෘත්තීයේ යෙදුණු රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීම සඳහා ලබාදී තිබු නිර්දේශය තවදුරටත් නීතීය හමුවේ බලරහිත නිර්දේශයක් බව අධිකරණ සේවා කොමිසම ජනාධිපතිවරයා වෙත දැනුම් දීමෙන් පසු ජනාධිපතිවරයා පෙරළා අධිකරණ සේවා කොමිසමෙන් මේ බව විමසා ඇතැයි වාර්තා වේ.

අධිකරණ සේවා කොමිසමේ තීරණයෙන් අනතුරුව අධිකරණ සේවා සංගමය (විනිසුරුවරුන්ගේ සංගමය) ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් රාමනාදනන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීම සඳහා ලබාදී තිබු නිර්දේශය තවදුරටත් නීතීය හමුවේ බලරහිත නිර්දේශයක් බව දැනුම් දී ඇති හෙයින් රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරිම සඳහා ජනාධිපතිවරයා විසින් අත්සන් තැබු අධිකාරී පත්‍රය ආපසු කැඳවා එම මහාධිකරණ විනිශ්චයකාරවරයා ධූරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක් කොට ඇත.



අදහස් (4)

ජනාධිපති අධිකරණ සේවා කොමිසමේ මතය විමසයි

සෙනෙවි Wednesday, 29 March 2017 01:27 PM

අධිකරණය දේශපාලන බලපෑම් වලින් මුදා ගත්තා යැයි කීම කෙප්පයක් නොවේද ?

:       1       183

dharma Wednesday, 29 March 2017 06:42 PM

වවුනියාව දිසා විනිසුරුවරයා ලෙස සේවය කරන ඩී.එල්.ඒ. මනාෆ් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් නොකර රාමනාදන් කන්නන් නීතිඥවරයා පත් කිරීම වරදක් සේ අධිකරණ සේවා සංගමය දැකීමද පදනම් විරහිතය. මන්ද යත් මනාෆ් මහතා පත් කර නැත්තේ ඔහු විසින් කරන ලද පෙර වරදක් නිසාය. ඔහු නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කවුන්සිලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කර ඇති අතර එසේ කර ඇත්තේ අධිකරණ සේවා කොමිසමේ නිසි අවසරයක් නොමැතිව ය. එපමණක් නොව ඔහු එම සරසවියේ කවුන්සිල සාමාජිකයෙකුව සිටිමින් එහි සේවකයෙකු අස් කිරීම සඳහා තමා විසින්ම අධිකරණයේ නඩුවක් අසා තීන්දුවක් දී සේවකයා අස්කර තිබේ. එය බරපතල විෂමාචාරයකි. ඒ අනුව මනාෆ් මහතා පත් නොකිරීම නීත්‍යාණුකූලය.

:       0       0

susantha Wednesday, 29 March 2017 09:52 PM

අධිකරණ කොමිසමේ මතය කිවුවට පස්සේ ආයෙම ඒකෙ මතය අහන්නේ මොන පිස්සුවකටද? ගිය සතියේ පැහැදිලිව ලියමනක්වු යැවුවනේ ඔවුන්ගේ මතය කියල. මේකත් හරියට බැඳුම්කර මංකොල්ලේ දැන දැනත් බොරුවට ජනාදිපති කොමිසමක් දැම්ම වගේ වැඩක්, මේ විහිලු හොඳයි 62 ලක්ෂයක් ක්‍රෝටන් කොළ, කොස් කොළ කන උදවියට.

:       53       1

චන්දා Thursday, 30 March 2017 03:48 AM

ලක්ෂ 62 ක් ඉල්ලීම වුනේ මේක ද ? අප්‍රසන්නයි.

:       57       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 4 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site