( තිළිණි ද සිල්වා )
ජාත‍්‍යන්තර විනිසුරුවරුන් සහභාගී කර ගනිමින් ශ්‍රී ලංකාව මානව හිමිකම් චෝදනාවලට පිළිතුරු ලබාදිය යුතු බව කැනඩාව යළි අවධාරණය කර තිබෙන බව ජීනීවා තානාපති ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 37 වැනි මානව හිමිකම් සැසිවාරය අමතමින් කැනඩාව මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
යුද්ධයෙන් පීඩාවට පත් වූ පුද්ගලයින්ගේ සිත් සුවපත් කිරීම සඳහා සැබෑ ප්‍රතිසංවිධානයක් ක්‍රියාත්මක කළ යුතු බව ද කැනඩාව මෙහිදී පවසා තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට දශක තුනකට ආසන්න කාලයක් පැවැති යුද්ධයේ අවසන් අවස්ථාව ඉතා වැදගත් මොහොතක් වූ බවයි.
එමෙන්ම යුදයට මුහුණ දුන් පාර්ශව වල විශ්වාසය තහවුරු කිරීම සඳහා වගවීමේ ක්‍රියාවලිය යළි ස්ථාපිත කිරීම පිළිබඳව ද කැනඩාව යළිත් සිහිපත් කර ඇති බව සඳහන්ය.
මේ සඳහා ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලය ජාත්‍යන්තර විනිසුරුවරුන් නීතිඥයින් සම්බන්ධ කර ගනිමින් කටයුතු කිරීම ඔවුන් ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කිරීමක් බව කැනඩාව වැඩිදුරටත් පවසා ඇත.
COMMENTS
දැන් ඉතින් ලෝකයම පිළිගත් බව කියන සුත්තර පුංචා ඇතුළු අයට ශරීරය නවාගෙනම ගොස් රටේ ඉතිරි ටිකත් පාවාදීමට තීරණ ගත හැකිය.
මෙහෙමයි කැනඩාවට ඕනෑ විදියට නටන්න අපි සූදානම් නැහැ. කැනඩාවේ කොහොමත් කොටි හිතවාදීන් වැඩියිනේ.. අපේ ජෙනරාල් සරත් ෆොන්සේකාට බාර දෙන්න. රට හදයි නියමෙට... විනයක් ඇතිව...
සමරවීරගේ ඉදිරිපත් වීමෙන් එකඟ වූ පාවා දීමේ විපාක තමයි මේ... නිවට ගොබ්බ සිරිසේන දුෂ්ඨ ද්‍රෝහී බටහිර රූකඩ, කොටි ඩයස්පෝරාවේ මුදලින් පෝෂිතව ක්‍රියාත්මක කළ දෙය තමයි මේ. එ් නිසා මෙම දුෂ්ඨයින් පලවා හැරිය යුතුයි.
කැනඩාවට ඕනෑනං ඔය කියන කොටි ටික හුරතල් කර කර ඉන්න. ඒකත් බැ වගේනන් කැනඩාවෙන් කෑල්ලක් දෙන්න ඔය කියන ඩයස්පෝරාවට. ලංකාවේ ඉන්න දෙමළ ජනතාවට ඔවුන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. ලංකාවේ හැර වෙන ඕනෑම තැනක ඔය කියන ඊළම බැරිනන් ඊට වඩා එකක් වුණත් හදාගන්න. අපි දන්න සිංහලෙන් එච්චර තමයි කියන්න තියෙන්නේ..
ඇමෙරිකාව ඇතුළු බොහෝ බලවත් රටවල් තම රටේ තම යුද සෙබළුන්ව සලකන්නේ වීරයින් හැටියටයි. නමුත් ඔවුන් අපට කියන්නේ වෙනත් දෙයක්. මෙයට ප්‍රධානම හේතුව අප විසින්ම අප රටේ ගෞරවය කෙලෙසා ගැනීමයි. බොහෝ දේශපාලකයින් තම පටු වාසි ඉටුකර ගැනීමට බොරු කියනවා. අනිත් පැත්තට ගියාම වෙනත් දෙයක් කියනවා. පාට, පක්ෂවලට බෙදිලා වැඩ කරනවා. මගේ විදෙස් ජනමාධ්‍ය විචාරවලදී ඇමෙරිකානුවන් හට බින්ලාඩන් කොතරම් හානි කළාද? ප්‍රභාකරන් අපට ඊටත් වඩා හානි කළ බව මා නිතර පවසා තිබෙනවා. ඇත්තෙන්ම ඔවුන්ට ඒවා හරි හැටියට අපගේ ආණ්ඩු පැහැදිලිකර නැහැ. අපේ සමහර දෙනා සුදු ඇඳගෙන බොරු හා වහසි බස් දොඩනා බව ඔවුන් දන්නවා. මේවා නොදන්නා අපේ ජනතාව ජාත්‍යන්තරය ගැන වරදවා සිතනවා. නමුත් ජාත්‍යන්තර ත්‍රස්තවාදී ජාල ඉතා සියුම් ලෙස අසත්‍ය ප්‍රචාරය කරනවා. අප ජාති, ආගම් කුල ආදී වශයෙන් බෙදී පිරිහෙමින් පවතිනවා.
පාවාදීම ඇත්ත වශයෙන්ම කරලා තියෙන්නේ ඔය කියන විදිහට එකඟවෙලා ජාත්‍යන්තරයට පොරොන්දු දුන් ලොක්කා බව ඔයගොල්ලෝ අමතක කරන්න එපා!
අත්තේ වහන්න ඉන්න සාමයේ සහ නීතියේ පරෙවියා කලින්ම පිළිගත්තා අපි සුදුකොඩි කාරයින් ඝාතනය කළා කියලා.. ඊට පසුව කිව්වා අපි යුද අපරාධ කළා කියලා. එහෙම නම් බෙල්ල කපන්න ඕනෑ ඒ කාලේ හමුදාව පාලනය කළ හාදයාගේ නේද?