IMG-LOGO

ජාත්‍යන්තර පාසල් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක්

(ඩයනා උදයංගනී)
 
ජාත්‍යන්තර පාසල් ලියාපදිංචිය හා නියාමනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත්කිරීමට ඇමති මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

 
අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
 
විධිමත් නෛතික රාමුවක් සකස් කරනු ලබන තෙක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දෙනු ලබන නිර්දේශය මත සමාගම් පනත යටතේ ජාත්‍යන්තර පාසල් ලියාපදිංචි කිරීම නැවත ආරම්භ කිරීමට ද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
 
ජාත්‍යන්තර පාසල් ලියාපදිංචි කිරීම , අක්ත ගැන්වීම, නියාමනය, ගුණාත්මක බව සහතික කිරීම සහ අධීක්ෂණය සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ස්ථාපනය කිරීම එම පාසල්වල ගුරුවරුන් පුහුණු කිරීම ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට සිංහල, දෙමළ, ආගම සහ ඉතිහාසය යන විෂයයන් ඉගැන්වීම අනිවාර්යය කිරීම යනාදී කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත පැවරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ජාත්‍යන්තර පාසල් සම්බන්ධයෙන් නීතිරීති හා රෙගුලාසි මෙතෙක් සකස් කර නොතිබීම හේතුවෙන් විවිධාකාර අවධිමත් ක්‍රම ඔස්සේ නිසි ප්‍රමිතියකින් තොර ජාත්‍යන්තර පාසල් සීමාවකින් තොරව රටපුරා ස්ථාපනය වීමේ අවදානමක් පවතින බැවින් මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා පැවසීය.
 
මෙම පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 95කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලාංකික දරුවන් බැවින් රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන ගුණාත්මක අධ්‍යාපනයක් මෙම සිසුන් විසින් ලබා ගන්නා බවට සහතික කළ යුතු බව ද ඇමතිවරයා සඳහන් කළේය.
සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබාගැනීම සඳහා විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව නැවත මෙරටට ගෙන්වා ගැනීමේදී සහ විදේශ ආයෝජකයින් මෙරටට ආකර්ෂණය කරගැනීමේදී නිසි ලෙස ප්‍රමිතිකරණයට ලක් කරන ලද ජාත්‍යන්තර පාසල් පැවතීම අත්‍යවශ්‍ය ප්‍රබල සාධකයක් බව ද ගයන්ත කරුණාතිගක මහතා කීවේය.
 
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත්  බවද  ගයන්ත කරුණාතිලක මහතා කීවේය.



අදහස් (0)

ජාත්‍යන්තර පාසල් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 33 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site