IMG-LOGO

ජාතික සම්පත් විනාශ වේ නම් මහා සංඝරත්නය එකමුතු විය යුතුයි - කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි

(චමිල් රුපසිංහ)

 

අතිතයේ දී රටට යම් විපතක් වන විට මහා සංඝරත්නය එකමුතුව එය වළක්වා ගැනිමට පෙරමුණ ගත්තාක් මෙන් වර්තමානයේද රටේ ඡාතික සම්පත් වලට යම් විපතක් වන විට මහා සංඝරත්නය එකමුතුව පෙරමුණ ගත යුතු යයි ගැටඹේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ඡි. එල්. පීරිස් මහතා හමුවේ පැවැසුහ.

සිරිවිමල හිමියන් බැහැදැකීමට ගිය පීරිස් මහතා රටේ ඡාතික සම්පත් විදෙස් රටවලට විකිණීමට වත්මන් රඡය සැරසෙන බැවින්  රටට අහිතකර ප්‍රතිපල ඇතිවන්නට පෙර  මෙම ක්‍රියාව නවත්වා ගත යුතු යැයි පෙන්වා දුන්නේය.

“මහා සංඝරත්නය හැටියට වත්මන් රඡය මෙවන් ක්‍රියාවක් කරනවනම් අපි ඊට එකඟවෙන්නෙ නැ. රඡයට යුතුකමක් තියෙනව රටේ ඡාතික සම්පත්  රැකගන්න. රටේ සම්පත් විකූණා ඉවර උනාම මේ ගොල්ලන්ගෙ ගෙදර දේවල් තමා අන්තිමට විකිණීමට වෙන්නෙ.“යැයි නාහිමියෝ කීහ.

“රඡය හදන්නෙ ප්‍රශ්න ගොඩාක් හදාගෙන ඒ මැද්දෙන් ගමනක් යන්න.මෙහෙම ගියොත් ලොකු අමාරුවක රට වැටෙනවා. විපක්ෂයත් මේවට වග කියන්න ඕන විපක්ෂය පාර්ලිමේන්තුවෙදි හඬක් නගන්න ඕන“යැයි නාහිමියෝ පැවැසුහ.



අදහස් (5)

ජාතික සම්පත් විනාශ වේ නම් මහා සංඝරත්නය එකමුතු විය යුතුයි - කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි

PANSILU Monday, 10 April 2017 03:57 PM

මේ ගොල්ලො ඔක්කොම එකයි...!!

:       196       564

parakrama Monday, 10 April 2017 05:53 PM

සමහරක් කියන ඒවා හිතට එකඟව කියනවා. තව සම-හරක් ද්වේශ සහගතව ඇතැම් දේ කියනවා. තවත් සම-හරක් පාට කන්නාඩිය ගලවන්නෙම නැතිව කියනවා. නිදාගන්නෙත් පාට කන්නාඩි දමාගෙන නිසා හීන පෙනෙන්නෙත් ඒ පාටින්මයි. හැබැයි ඉතින් එක පාද යාත්‍රාවක් ආරම්භ කළේ මෙතනින් බව මුළු රටම දන්නවා.

:       0       342

himal Monday, 10 April 2017 06:08 PM

අවසර හාමුදුරුවනේ. එතකොට සමහර පන්සල්වල ලොකු කුලයේ අය විතරයි මහණ කරන්නේ, ඒත් බුදු දහමේ එහෙම දේශනා කරලා නෑනේ. අන්න ඒ වගේ දේකට එකමුතු වෙලා තීරණයක් අරන් පෙන්වන්න.

:       0       234

kalpa Tuesday, 11 April 2017 03:11 AM

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් අසනු කියල පරණ කියමනක් තියෙනවා එනිසා අපේ හාමුදුරුවනේ ඔය මහාචාර්යතුමා කියන දේ ගැන පරික්ෂ කරලා තීරණයක් ගන්න

:       2       189

chandima Tuesday, 11 April 2017 06:16 AM

අපේ රටට සිද්ද වෙලා තියෙන්නේ මහා පුදුම කරුමයක්. ස්භාවික සම්පතක් තිබුනොත් ඒක හරියට කළමනාකරණය කරලා රටේ දියුණුවට යොදා ගන්න බැහැ වෙන කොහෙහරි ඉන්න එකෙක් එක්ක ගනුදෙනුවක් කරලා අපිට හද්ද පාඩු වෙන විදියට විකුණන ඒක තමයි අන්තිමට වෙන්නේ. හම්බන්තොට වරායටයි ත්‍රිකුණාමල වරායටයි තෙල් ටැංකි ටිකටයි වෙන්න යන්නේ ඔය කරුමේ තමයි. අපේ රටේ උගත්තු නැද්ද මේ සම්පත් පාලනය ගැන සැලසුම් හදන්න? මට මතකයි කාලෙකට ඉස්සෙල්ල අර එප්පාවල පොස්පේට් නිදියත් විකුණා ගන්න අපේ ඔය දේසපාලන උත්තමයෝ ටික දඟලපු දැඟලිල්ල.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 138 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site