ළමයින් සහ කාර්යමණ්ඩලය වැඩිපිරිසක් සිටින ජාතික පාසල් සඳහා පාසල් කළමනාකාරවරයෙකු පත්කිරීමට යෝජනාවක් අධ්‍යාපන අමාත්‍යවරයාට ඉදිරිපත්වී තිබේ.
ජාතික පාසල් පරිපාලන කටයුතුවල පවතින අධික තදබදයට පිළියමක් ලෙස මෙලෙස කළමනාකාරවරයකු පත්කරන ලෙසත්, එවිට පාසලේ විදුහල්පතිවරයාගේ වගකීම් ලිහිල් කිරීමක් සිදුකළ හැකි බවත් අධ්‍යාපනඥයන් සහ විදුහපතිවරුන් විසින් මෙලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට යෝජනාකර ඇත.
ඒ අනුව විශ්වවිද්‍යාල තුළ පවතින ලේඛකාධිකාරී තනතුරට සමාන තනතුරක් හෝ පරිපාලන නිලධාරී ලෙස මෙම තනතුර පත්කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් තිබේ.
ජාතික පාසල් තුළ විදුහල්පතිවරුන්ට රාජකාරි බහුලවී ඇති බවත්, ළමයින් සහ කාර්යමණ්ඩලය වැඩිවනවිට එම කටයුතු තවත් කාර්යබහුල වන බැවින් විදුහල්පතිවරුන් පීඩාවට පත්වන බවත් අධ්‍යාපනඥයන් විසින් පෙන්වා දී ඇත.
ඒ අනුව ළමයින් සහ කාර්යමණ්ඩලයේ පරිපාලන කටයුතු, ළමයින් ඇතුළත් කරගැනීමේ කටයුතු, පාසලේ උත්සව සංවිධානයකිරීමේ කටයුතු ආදී වගකීම් මෙම පරිපාලන නිලධාරියාට පැවරීමට ඇති හැකියාව පිළිබඳවද සොයාබලන බව මේපිළිබඳ විමසීමේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
COMMENTS
වගකීම් හරියටම බෙදල දෙන්න වෙනවා නැත්නම් ලේකකාධිකාරී විදුහල්පති වෙන්ඩ හදනවා
හොද අදහක් සමහර ජාතික පාසල් වලට වැඩක් කර ගන්න ගියවිට (විභාග සහතිකයක්,අස්වීමේ සහාතිකයක් ගන්න වගේ) දවසම රස්තියාදු උනත් කර ගන්න බැහැ අර මිස්ව හම්බවෙන්න මේ සර් ලගට යන්න කියනවා සමහර වෙලාවට කවුරුත් දන්නේ නැහැ වැඩේ කරගන්න පුලුවන් විදියක් ජාතික පාසලක විදුහල්පතිවරයෙක් තියා අංශ ප්‍රධානියෙක් හමුවෙන එකත් ලේසී පහසු කටයුත්තක් නොවෙයී.
මේවා සංදර්ශන... අකිලට පුළුවන් කුලියාපිටියෙන් එයාට වැඩ කරපු යු.එන්.පී කාරයො ටිකකට රස්සාව දීලා ඉස්කොලේ ඇතුලේ ඡන්දෙ කරන්න. අනික විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිලා කී දෙනෙක් ඔය ලොකුයි කියන පාසැල්වල ඉන්නවද? ඊට අමතරව තව අංශාධිපතිලත් ඉන්නවා. ඒවා ඔක්කොමත් තියාගෙන විදුහල්පතිලාට වැඩ වැඩියි කියන්නේ... එයා වැඩ බෙදාගෙන කරන්න කැමති නැතුව ඔක්කොම තමන් කරන්න යනවා. ඒකට ඒ අය අතර කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ හැකියාව වර්ධනය කරන්න ඕනෑ. නැතුව පාසැල් අස්සට රටේ ඉන්න මිනිස්සු ඔබලා හරියන්නේ නෑ. ගැටුම වැඩිවෙලා පාසැල බෙදනවා මිසක් මේකෙන් හොඳක් වෙන්නේ නෑ.
ඡන්දෙට වැඩකරපු කුලියාපිටිය පැත්තේ 1,000 කට විතර හොද රැකියාවක් දෙන්න පුළුවන් අවස්ථාවක් (කම්කරු සහ සෙකියුරිටි ජොබ්ස් වලට අමතරව)
මේ කටයුත්ත සඳහා නියෝජ්‍ය විදුහල්පති කෙනෙක් ප්‍රින්සිපල් යටතේ යොදවන්නේ නම් හොඳයි. නැතිනම් විදුහල්පතිතුමාම කළා නම් හොඳයි.
ජාතික පාසල් හැර විජාතික පාසලුත් තියෙනවද?
මෙන්න මේ කියමන මතක් වුණා. ටූ මෙනි කුක්ස්, ස්පොයිල් ද බ්‍රොත්...
දේශපාලන හෙන්චයියෝ ටිකකට පත්වීම් දෙන්න විදිහක් හොයනවා වගේ. ළමයින් ඇතුළත් කිරීමේ බලයත් දුන්නොත් හොඳ ගාණක් හම්බ කරගන්න චාන්ස් එකක්...
මේ යෝජනාවෙන් පාසල්වල පරිපාලනය දෙකට බෙදෙනවා. ගුරුවරු දෙකට බෙදෙනවා. සිසුන් දෙකට බෙදෙනවා. දෙමවුපියන් දෙකට බෙදෙනවා. මුළු ජාතියම බෙදිලා කුලල් කා ගන්න එකේ පාසල්වලටත් ඒ ටික පුරුදු කළාම හරි. එතකොට පුටුවට මෙසේටත් අයිතිවාසිකම් කියන්න වැඩ වර්ජන කරන්න පුළුවන්නේ...
දේශපාලන පත්වීම් නොවන විධිමත් උපාධිධාරීන් පමණක් බඳවාගත්තොත් හරි... නැත්නම්, ළමා අපචාර, දේශපාලන අැඟිලි ගැසීම් වැඩිවෙනවා... වෙන තැනට පාසැල පත් වේවි. ඉතාමත් කාලෝචිත අදහසක්.... !!
නරියාට කුකුල්ලු භාර දුන්න වගේ තියේවි. කාන්තා පාසලක් නම් දෙවියන්ගේම පිහිටයි.
මේවට කියන්නේ අලි මදිවට හරක් කියලයි...
බලයට ආපු දවසේ ඉඳල කරන හැම වැඩකින්ම ඔක්කොම විනාශ කරලා පාසලත් විනාශ කරලා තමයි මේ අය නවත්තන්නේ.
මේ ඇමතිට වැඩක් කරන්න පුළුවන්ද? තවත් හෙන්චයියලා යොදා ගෙන තවත් විනාශ කර දමයි. මේ කල්ලිය මේ රට කනවා.
පාසලේ විදුහල් පති හැරෙන්න නියෝජ්‍ය විදුහල්පති අංශභාර ගුරුවරු, විෂය භාර ගුරුවරු, ඉන්නවනේ . රැකියා දශලක්ෂයක් දෙන්නත් එපැයි. අපරාදේ සල්ලි
එතකොට අර කුමාර වෙල්ගම මහත්තයා පහුගිය ආණ්ඩුව කාලේ ලං.ග.ම.යේ අලුත් රස්සාවක් ඇති කරලා පඩි ගෙව්වා කියලා නඩුත් විභාග කරනවා. එහෙනම් ඉතින් මෙහෙම තනතුරු ඇති කරනවාටත් නඩු දාන්න එපායැ ..
එක පාසලකට එක රාජ්‍ය ඇමතිවරයෙක් පත් කරමු. නැති ප්‍රශ්න අැති කරන්න එපා හලෝ... අවුරුදු සිය ගණනක් මෙම පාසල් පාලනය වුණේ කළමනාකරුවන්ගෙන්ද? කාට හරි රැකියාවක් දෙන්න වුවමනාවක් තිබෙනවා නම් පින්පඩියක් ගෙදරටම යවන්න.