(රංජිත් රාජපක්ෂ )
චිනයෙන් මෙරටට ආනයනය කරන ලද එස් 14 වර්ගයේ බලවේග කට්ටල සහ මැදිරි සහිත දුම්රියක් පරික්ෂණ චාරිකාවක් සදහා අද (02) කොළඹ කොටුවේ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා ධාවනය කළ බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආන්නද කරුණාරත්න මහතා පැවසිය.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනයට එක් කිරිම සදහා එස් 14 වර්ගයේ දුම්රිය පරික්ෂණ චාරිකාවක් සදහා (02) දින ධාවනයට එක් කළ බවත් , මේ වන විට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කළ එස් 12 වර්ගයේ දුම්රියන් වෙනුවට එස් 14 වර්ගයේ දුම්රියන් 4 ක් ධාවනයට එක් කර ඇති බව මධ්‍යම පලාත් දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා පැවසිය.
(02) දින පරික්ෂණ චාරිකාව සදහා එක් කල එස් 14 වර්ගයේ දුම්රියද ඉදිරි දින වලදි කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනයට එක් කරවන බවත්, මෙවැනිම එස් 14 වර්ගයේ බලවේග කට්ටල සහිත දුම්රියන් හයක් මෙරටට ආනයනය කර ඇති බවයි දුම්රිය ප්‍රවාහනඅධිකාරිවරයා කියා සිටියේ.
මෙම පරික්ෂණ චාරිකාවට චින ජාතික ඉංජිනේරුවන් පිරිසක් සහ මෙරට දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඉංජිනේරුවන් කිහිප දෙනෙක්ද එක් වි සිටිහ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.