IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


චූදිත අපේක්‍ෂකයන්ගේ ලයිස්තුවක් පොලිසියට

(විනීතා එම් ගමගේ)

මෙවර පළාත්  පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතර සිටින විවිධ චෝදනාවලට ලක්වූවන්ගේ තොරතුරු සහිත වාර්තාවක් අද (29) පෙරවරුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත  භාර දුන් බව පැෆරල් සංවිධානය පවසයි. 
එම අපේක්ෂකයන් ගැන සමීප නිරීක්ෂණ සිදුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද පැෆරල් සංවිධානය කියයි. 
පොලිස් මූලස්ථානයේ දී අද පෙරවරුවේ පැෆරල් සංවිධානය පොලිස්පතිවරයා හමුවු අතර එම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පතිවරුන් රැසක් ද සහභාගිවී යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
නාමයෝජනා අවසන් වූ අවස්ථාවේ පෙළපාලි ගිය අපේක්ෂකයින්ට එරෙහිව මේ වනවිට පරික්ෂණ ආරම්භ කර ඇති අතර මැතිවරණය සම්බන්ධ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හා දූෂණවලට වගකිව යුතු 50 කට ආසන්න පිරිසක් මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස්පතිවරයා පැවැසූ බවත් හෙට්ටිආරච්චි  මහතා පැවැසීය.
මැතිවරණය ප‍්‍රකාශ්‍යට පත්කිිරීමෙන් පසු ගතවූ කාලය තුළ පොලිසියේ හැසිරීම පිළිබඳ පැෆරල් සංවිධානය එහි දී අගය කළ  බවත් මැතිවරණ සමයේ දිගටම පොලිසියේ ප‍්‍රශස්ත සේවාවක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළ බවත් හෙට්ටිආරච්චි මහතා කීය.  



අදහස් (1)

චූදිත අපේක්‍ෂකයන්ගේ ලයිස්තුවක් පොලිසියට

Bamunuarachchi Monday, 01 January 2018 10:45 AM

මේක නම් පොලිස්පතිතුමාත් ගෙදර යන වැඩක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site