තරිදු ජයවර්ධන
ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛ අනුව ඇමැතිවරයකුගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කළ යුතු උපරිම වාහන ගණන තුනක් වුවද කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එම චක්‍රලේඛ උල්ලංඝණය කරමින් වැඩිපුර වාහන හතක් ලබා දී ඇතැයි අනාවරණය වේ.
මේ බව අනාවරණය වනුයේ තොරතුරු දැන ගැනීමේ පනත අනුව කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයෙන් ලබා ගත් තොරතුරු වලිනි. කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයට ජූලි 11 වැනි තොරතුරු ඉල්ලීමක් යොමු කරමින් එම අමාත්‍යංශයේ වාහන පරිහරණය කිරීම සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටි අතර එහි අතිරේක ලේකම් (පාලන) ටී ඩී පී එස් පෙරේරා මහතාගේ අත්සනින් එම තොරතුරු මුදා හැර තිබේ.
ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබූ අංක සීඒ/1/17/1 සහ 2010.05.14 දින දරණ රාජ්‍ය විදයම් කළමනාකරණ චක්‍රලේඛයේ අංක තුන ඡේදයේ ප්‍රතිපාදන අනුව අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කළ හැකි උපරිම නිල වාහන සංඛ්‍යාව තුනකි. අංක සීඑස්ඒ/1/5 හා 2016.04.19 දිනැති චක්‍රලේඛය අනුව එම වාහන සංඛ්‍යාව එලෙසින්ම රාජ්‍ය අමාත්‍යවරුන්ට ද වලංගු බව දන්වා තිබේ.
එසේ තිබියදී කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයෙන් කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයාට ලබා දී ඇති වාහන ගණන 10ක් බව තොරතුරු දැන ගැනීමේ පනතින් ලබා ගත් තොරතුරුවලින් අනාවරණය වේ. කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයාට ලබා දී ඇති රියදුරන් ගණන අට දෙනෙකි.
කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශ සංචිතයේ වාහන 23ක් ඇති අතර තවත් වාහන 16ක් අමාත්‍යංශයේ නිලධාරීන්ට වෙන් කර තිබේ. නිලධාරීන් භාවිත කරන වාහනවලින් දෙකක් මෙහෙයුම් කල්බදු ක්‍රමයට පරිහරණය කරනු ලබන වාහන වේ.
එම අමාත්‍යංශයේ සංචිතයේ ඇති වාහනවලින් 9ක් සඳහා රියදුරන් නොමැති අතර නිල වාහන හමි නිලධාරීන්ට වෙන් කළ වාහන 16න් දෙකක් යොදාගෙන ඇත්තේ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් රියදුරන් වේ. අමාත්‍යවරයාට අනියුක්ත කළ වාහන දෙකක් සඳහා යෙදවා ඇති රියදුරන් සහ ප්‍රාදේශීය රියදුරන් අට දෙනකු ද සමඟ අමාත්‍යංශ රියදුරන් සංඛ්‍යාව 28ක් වේ.
අමාත්‍යවරයාට ලබා දී ඇති වාහන අතර සී.ඒ.වී, සී.ඒ.ඊ, පීඑෆ්, පී.එච්, කේ.වයි සහ කේ.ජී යන ඉංග්‍රීසි අකුරුවලින් පටන් ගන්නා වහන ද වේ.
රාජ්‍ය විදයම් කළමනාකරණ චක්‍රලේඛය අනුව අමාත්‍යවරයකුගේ නිල වාහනයක් සඳහා ඉන්ධන දීමනාව පහත වගුවේ දැක්වේ.
| බස්නාහිර පළාතෙන් පිටත | බස්නාහිර පළාත තුළ | |
| පෙට්‍රල් වාහන එකක් සඳහා | ලීටර් 750 | ලීටර් 600 |
| ඩීසල් වාහන එකක් සඳහා | ලීටර් 600 | ලීටර් 500 |
2015, 2016 සහ 2017 වසරවලදී කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයේ වාහන සඳහා තෙල් වියදම සහ නඩත්තු වියදම පහත වගුවේ දැක්වේ.
| වර්ෂය | තෙල් වියදම | නඩත්තු වියදම |
| 2015 | 25,184,335 | 36,555,039 |
| 2016 | 17,143,901 | 33,861,171 |
| 2017 | 16,723,187 | 37,841,376 |
මේ සම්බන්ධයෙන් විමසීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීට උත්සාහ කළද එය අසාර්ථක විය. අමාත්‍යංශ ලේකම් කේ ඩී එන් ආර් අසෝක මහතාගෙන් මේ ගැනවිමසීමේ දී ඔහු කීවේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ පාලන අතිරේක ලේකම් බැවින් ඔහුට කතා කරන ලෙසයි. කෙසේ වෙතත් මෙම තොරතුරු මුදා හැර ඇත්තේ අතිරේක ලේකම් පරිපාලන ටී ඩී පී එස් පෙරේරා මහතාගේ අත්සනිනි.
COMMENTS
ඇයි මොකක්ද මෙහි ඇති වැරැද්ද? කර්මාන්ත ඇමති කියන්නේ ලෙහෙසි පහසු ඇමතියෙක් නොවෙයිනේ. මොකද මුළු රටේම තියන සියලුම කර්මාන්ත ගැන හොයලා බලන්න ඕනෙනේ. ඉතින් වාහන 7 නොවේ 14 ක් දුන්නත් මදි කරන වැඩ කන්දරාව බැලුවම. මේ ඇමති නිසා අපේ කර්මාන්ත කොච්චර දියුණු වෙලාද අපේ රට හැම අතින්ම ස්වයන්පෝෂිත වෙනවා.
එක අවුරුද්දක නඩත්තු වියදම සහ තෙල් වල වියදම 25,184,335 36,555,039 =61739374 වෙනවා. ලක්ෂ 617 ක් තෙල් ගහන්න සහ නඩත්තු කරන්න වාහන 10ක් කොහොමද මෙයාලගේ වියදම. අරහෙන් කැලේ කපනවා. මෙහෙන් මහජන සල්ලි කොල්ල කනවා. දැන් තියෙන්නේ වාහන අවභාවිතය කියල නඩු දාන්න. මොනවද කර්මාන්ත දියුණු කරන්න කලේ කියල. තව මෙයාගේ මුළු වියදම හොයල බලන්න ඕනේ.
ඉතාමත්ම හොඳයි. නායකයින්ට ගැලපෙනම පුද්ගලයෙක් තමයි මේ. එකනේ මේ වගේ අය මේ රටේ සහජීවනයෙන් යුතුව, ඉතාමත්ම වැදගත් ලෙස ජීවත් වෙන්නේ?
මෙන්න තවත් යහපාලන ඡන්ද ප්‍රතිපලයක්. පොඩි මිනිහාගේ පුංචි වාහනයටත් බදු ගහන ගජයින්ට චක්‍රලේඛත් උල්ලංගනය කරලා දෙන සැප.
කැලෑ කපන්න, පුරාවස්තු විනාශ කරන්න, වැඩිපුර වාහන තියාගන්න, සතොස ලේබලේ යටතේ සතුටින් කුඩු ගෙනෙන්න ..තව කොච්චර වරප්‍රසාද තියෙනවද මෙතුමාට..
විල්පත්තුවට ලයිසන් දීලනේ මෙයාව යහපාලන ආණ්ඩුවට ගත්තේ. ඉතින් වැඩිපුර වාහනවලටත් ඒ වෙලේම ලයිසන් දෙන්න ඇති,
ඔය ගත්ත වාහන ගන්න ඇත්තෙ විල්පත්තුව කපන්න යන්න.
තව වාහන 10ක් 15ක් දෙමු.
මේ වගේ අයට ඇමතිකම් දෙන අයට ඡන්දෙ දුන්නට අපිට ගහන්න ඕනේ
ලෝකේ දුෂිතම රටවල් අතර හතරවෙනියා. ජීවත්වෙන්න සුදුසුම රටවල් අතර 130 වෙනියා. සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ හතක විතර ණයකාරයෙක්. මෙවැනි තත්වයක් ඇතිකිරීමට දවසේ පැය විසිහතරම වෙහෙසෙන කෙනෙකුට තව සුඛෝපභෝගී වාහන 14ක් විතර දෙන්න අවශ්‍යයි.
මොකොවත් කියන්න එපා ..සන්හිදියාවට හොද නැහැ....
ඒ විතරක් ද උසාවියට ගල් ගහන්න තියෙන වරප්‍රසාදය..... දෙන්න ඕන රජ කාලේ දඩුවම්
එකනේ කියන්නේ අපි මේවා නිකං නොවේ කිව්වේ වාහනා 7 නොවේ 49 උනත් කමක් නැහැ. මොකද විල්පත්තු කැලේ නිතරම් යන්නත් තියෙනවා එතකොට පුවක් , කාරුංක වගේ දේවල් ගෙනත් ගානක් අතේ තියාගෙන නැවත මෙහෙන් පැටවීම වගේ එකී මෙකි නොකී සුළු පටු රාජකාරියක් ද මේ අයට තියෙන්නේ. ඒ නිසා නිකං විහිළු කරන්න එපා රථ ගායට උපරිමයෙන් ගේමු
මෙතුමාට විල්පත්තු වන සංහාරය ඉක්මන් කිරීමට චොපර් ලබාදී චොපර් බෑම සඳහා අංගනයක්ද වහාම ඉදිකරදිය යුතුවේ.
ගස් කපන්න යන්න නෙමයි..කපපු කොටන් ටික අදින්න
මේවට නඩු දාන්න...
ඡන්දෙ කාලෙට මේ මිනිස්සුන්ගේ ඡන්දෙ හිඟා කෑවම ඔය වගේ වරප්‍රසාද දෙන්න වෙනවා. හැම නායකයාම කලේ ඕක තමා.....
ඒ විතරක් නෙවෙයි.. පුත්තලමේ අයට ලැබෙන්න තියෙන රැකියාවලටත් විදිනවා. අහන්න කෙනෙක් නෑ. පුත්තලමට එනකොට ආවේ සිලිසිලි බැග් එකක් අරන්... දැන් තියෙන දේපළ හත්මුතු පරම්පරාවටත් එහා....නීතිය කෝ?