IMG-LOGO

ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කල පාසල් සිසුවා ගෙල සිර වී මරුට

 


 
(රංජිත් රාජපක්ෂ)                       

ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවෙකු එම ලණුවට ගෙල සිර වි අද (11) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නොර්වුඩ් ඩන්කන් වත්තේ ඉහල කොටස් පදිංචි අවු 8 වයසැති විග්නේෂ්වරන් දිලුක්ෂන් නැමති පාසල් සිසුවෙකි.

මිය ගිය සිසුවා පවුලේ තෙවනියා වු බවත් ,එම සිසුවා නොර්වුඩ් ඩන්කන් දමිල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේය.

තම නිවස ආසන්නයේ පිහිටි එම වතු යායේ කොවිලේ ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කිරිමට (11) දින උදැසන 9 ට පමණ ගිය සිසුවා ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරන අවස්තාවේ ඝාණ්ඨාර ලණුව ගෙල ප්‍රදේශයේ සිර වි පාසල් සිසුවා ලණුවේ එල්ලි සිටියදි එම වතුයායේ වතු අධිකාරිවරයා විසින් දැක එ පිලිබදව වතු කම්කරුවන් වෙත දැනුම් දි ලණුවේ ගෙල සිර වි සිටි සිසුවා ඉන් මුදාගෙන රෝහල් ගත කරන විටත් සිසුවා මියගෙස් සිටිය බවයි පොලිසිය පවසයි.

මිය ගිය පාසල් සිසුවාගේ සිරුර මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් හැටන් දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කරන බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

පාසල් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.



අදහස් (2)

ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කල පාසල් සිසුවා ගෙල සිර වී මරුට

චින්තක Saturday, 12 December 2020 07:33 AM

අහෝ දෙවියනි දැන්වත් මේ නුගතුන්ට භක්තිය නොව බුද්ධිය ලබා දුන මැනව...!!!

:       1       6

chandima Sunday, 13 December 2020 11:37 AM

මෙවැනි තැන්වලදී පරිස්සම් විය යුතුයි... හැමටම තේරුම් ගන්න දෙයක් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 160 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site