IMG-LOGO

ගිං ගඟේ ඉහළ කොටස පිටාර මට්ටමේ

(සිරංගිකා ලොකුකරවිට  සහ ඩී ජී සුගතපාල ) 


ගාල්ල දිස්ත්‍රික්කයට සෙනසුරාදා (19) සවස සිට නොනවත්වා ඇදහැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ගිංගඟේ ජලමට්ටම පිටාර ගැලීමට  ආසන්න වීමෙන්  අවදානම්  ප්‍රදේශවල සිටින ජනතාව ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව   දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු එල්.එස්.සූරියබණ්ඩාර මහතා පැවසීය.
 
තවදුරටත් වැසි ඇතිවන බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන බැවින් මෙම තීරණය ගත්බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
 දැනට නෙළුව,තවලම හා නියාගම ප්‍රදේශයන්හි මෙලෙස ගංවතුර අවදානමක් හටගෙන ඇති බැවින් ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් ඒ පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුම්වත් කිරීමටත් ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.
 
නෙළුව, තවලම හා නියාගම ප්‍රදේශවලට නාවුක හමුදාවේ බෝට්ටු කිහිපයක් යවා ඇති බවත් ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමට මුදවාගැනීමේ කණ්ඩායම් හා සහන සේවා සූදානම්ව ඇති බවත් දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි. 
 
පහත්බිම්වල සිටින ජනතාව වඩාත් විමසිලිමත්ව සිටින ලෙසත් ගංවතුර තත්ත්වයක් ඇතිවන්නේ නම් ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වන ලෙසත් ඔවුන් ජනතාවගෙන් සිටියි.
 
 

 



අදහස් (0)

ගිං ගඟේ ඉහළ කොටස පිටාර මට්ටමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 133 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 674 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site