IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ගාල්ලේ සයිටම් විරෝධී උද්ඝෝෂණය උණුසුම් වෙයි

(නිමල් අල්ගෙවත්ත)

සයිටම් විරෝධතාවයට පොලිසිය පහරදීමට විරෝධය පළ කරමින් අද (22) ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්විණි.

ගාල්ල පොලිසිය අසල සිට පෙළපාලියකින් ගමන් ගත් උද්ඝෝෂකයෝ ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයේ නිරත වූහ.

මෙසේ උද්ඝෝෂණයේ යෙදෙන අතර තුර මාතර කොළඹ මාර්ගයේ එක් තීරුවක ගමනාගමනයට බාධා ඇති වූ අතර එම අවස්ථාවේ දී මෙම උද්ඝෝෂණය රූපගත කරමින් සිටි පුද්ගලයකුගෙන් සිසුන් මාධ්‍ය ආයතනය කුමක් ද යන්න විමසු අතර එම අවස්ථාවේ දී ඔහු එම ස්ථානයෙන් පළා යාමට උත්සාහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.

එම පුද්ගලයාව අල්ලාගත් සිසුහු වීඩියෝව සහිත ‘මෙමරි කාඩ්පත‘ ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

ඇති වූ උණුසුම් තත්ත්වය නිසා කැරලි මර්දන ඒකකය කැඳවීමට පොලිසිය කටයුතු කළ අතර පසුව ගාල්ල පොලිසිය පැමිණි සිසුන්ට පොලිසියේ ගේට්ටු වැසිණි.

පොලිසිය හා සිසුන් අතර උණුසුම්කාරී තත්තවයක් ඇති වූ අතර පසුව පොලිසිය මැදිහත් වී සිසුන් ආපසු බස් නැවතුම්පොළට හරවා යවනු ලැබූහ. එහිදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පඹයෙක් සාදා ඊට ගිනි තබමින් යළිත් උද්ඝෝෂණයේ යෙදුණු සිසුහු මද වේලාවකට පසු විසිර ගියහ.



අදහස් (3)

ගාල්ලේ සයිටම් විරෝධී උද්ඝෝෂණය උණුසුම් වෙයි

Sanjeewa Thursday, 22 June 2017 12:00 PM

මට අනිත් ටික ලියන්න බෑ... ඇඬෙනවා..

:       0       0

shan saudi Thursday, 22 June 2017 01:08 PM

රට අස්ථාවර කරන්න හැකි හැම දේම කරනවා. නීතිය දැඩිව ක්‍රියාවේ යොදවන්න. ගිය රජයෙන් මේවා ඇති කරනකොට දැන් එනවා නීති ගැන කතා කරන්න.

:       0       0

සාරාසී Thursday, 22 June 2017 01:43 PM

ලංකාවේ විතරයි පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නැති රට.. මෙහෙ දරුවො කොච්චර රට යනවාද? නිකං බොරු සයිටම් එකක් අල්ලාගෙන දඟලනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 564 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 325 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site