IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යටවේ - ගමනාගමනයට බාධා

 (අමල් වික්‍රමරත්න)

ගාල්ල දිස්ත්‍රික්කයට දින තුනක් අඛණ්ඩව කඩින් කඩ ඇදහැලෙන වර්ෂාවෙන් මේ වනවිට මාර්ග ගණනාවක් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ලවී ඇත.

ගිංගඟ ආශ්‍රිත ප්‍රධාන ඇළ මාර්ග සහ පහත්බිම් බොහොමයක් පිරී ඉතිරී යාම  නිසා  මෙම තත්වය ඇති වී තිබේ.

බද්දේගම උනන්විටිය නාගොඩ හරහා කුරුපනාව උඩුගම ප්‍රධාන මාර්ගය, උනන්විටිය,කැප්පිටියාගොඩ සහ කුරුපනාව අතුරු මාර්ග ,ගාල්ල මාපලගම මාර්ගයේ ස්ථාන කිහිපයක්,මාපලගම ඇල්පිටිය මාර්ගයේ ස්ථාන රැසක්,ගාල්ල වක්වැල්ල මාර්ගයේ ඇතැම් ස්ථාන,ගාල්ල බද්දේගම මාර්ගයේ ඇතැම් ස්ථාන,දොඩන්ගොඩ සන්දරවල මාර්ගය ඇතුළු අතුරු මාර්ග රැසක් මේ වනවිට ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකයේ ගාල්ල සහකාර අධ්‍යක්‍ෂක කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි.



අදහස් (0)

ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යටවේ - ගමනාගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site