IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 03ක සංචරණ සීමා

 

 
(සිරංගිකා ලොකු කරවිට)

ගාල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම නිලධාරී වසම් 03ක දැඩි සංචරණ සීමා පැනවීමටත් තවත් වසම් 05 සංචරණ සීමා ලිහිල්කර පවත්වාගෙන යාමටත්  ඊයේ තීරණය කළ ද ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසන්නේ තමන් එම යෝජනාව ක්‍රියාත්මක නොකළ බවයි.

ඒ සම්බන්ධව අදහස් දක්වමින් නගරාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය,

“සෞඛ්‍ය අංශ කියනවා සංචරණ සීමා දාන්න කියලා. නමුත් මට තේරෙනවා දැන් ගාල්ලෙන් කොරෝනා ආසාදියන් වාර්තාවීම අඩුවෙලා. දැන් අවදානමක් නැහැ. අපීට සංචරණ සීමා දාලා ඒ මිනිස්සුන්ට රුපියල් 5000.00 ගෙවන්න හැකියාවක් නැහැ. සංචරණ සීමා දානවා නම් ඒ අයට කන්න බොන්න දෙන්න ඕන, මේකට අවශ්‍ය ප්‍රතිපාදන නැහැ. ඉතින් සංචරණ සීමා දාන්න බැහැ. මීට පෙර සංචරණ සීමා දාපු වෙලාවේ ඒ ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණය නොකර තියාගත්තේ බොහොම අමාරුවෙන්. අදත් සංචරණ සීමා දානවා කියලා ආරංචි වූ වෙලාවෙත් උද්ඝෝෂණය කරන්න සූදානම් වෙලා අපි මැදිහත් වෙලා නැවැත්තුවා. අපි සංචරණ සීමා දානවානම් කොළඹත් එක්ක කතා කරලා මේ අයට අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීමේ ක්‍රමවේදයක් යොදා සංචරණ සීමා යොදන්න වෙනවා. ඒ නිසා මම සංචරණ සීමා පැනවීමේ ලිපි නිකුත් නොකරන්න තීරණය කළා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාටත් මා කීවා සංචරණ සීමා නොදාන බව.”

මෙලෙස තවදුරටත් සංචරණ සීමා පවත්වාගෙන යාමට තීරණය කළේ ඊයේ (18) ගාල්ල ලබුදූව දක්ෂිණ පායේ දී දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කමිටු රැස්වීමේ දී ය.

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ඊයේ දහවල් 12.00 වනවිට කොරෝනා ආසාදිතයන් 120කට වඩා වාර්තා වී තිබූ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ මිලිද්දුව පොකුර නමින් හඳුන්වා ඇති එම රෝගීන් සමූහයෙන් තවදුරටත් කොරෝනා පැතිරීමේ සක්‍රීය මට්ටමක පවතින බවයි.

එබැවින් ඒ වනවිට දැඩි සංචරණ සීමා පනවා තිබූ ග්‍රාම නිලධාරී වසම් පහක සංචරණ සීමා ලිහිල් කිරීමටත් කටුගොඩ, මිලිද්දුව හා තලාපිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාසවල දැඩි සංචරණ සීමා තවදුරටත් පවත්වාගෙන යාමටත් කොවිඩ් කමිටුවේ දී ලැබුණු සෞඛ්‍ය උපදෙස් මත තීරණය කෙරිණි. නගර සභා ආඥා පනතේ ඇති බලතල අනුව මෙම සංචරණ සීමා පැනවීමේ ලිපිය පොලිසිය වෙත නිකුත් කිරීම නගරාධිපතිවරයාට පැවරිණි.

එසේ වුව ද නගරාධිපති ප්‍රියන්ත සහබන්දු පවසන්නේ තමන් සංචරණ සීමා පැනවූයේ නැති බවයි. ඒ අනුව මේ වනවිට ගාල්ල මහ නගර සභා බල සීමාවේ කිසිදු ස්ථානයක සංචරණ සීමා නැතැයි ද හෙතෙම කීවේය.

 



අදහස් (2)

ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 03ක සංචරණ සීමා

Prasad Saturday, 19 December 2020 01:41 PM

සමෘද්ධි නියාමක කෙනෙක්ගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. මතකද පොල්ලෙලි... ?

:       0       3

Galle kolla Saturday, 19 December 2020 01:43 PM

මහින්ද සුළගින් ගසාගෙන පැමිණි පොල්ලෙල්ලක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site