අජන්ත කුමාර අගලකඩ
ග්ලයිෆොසේට්වලට පනවා ඇති තහනම ලිහිල් කර තේ වගාව සඳහා පමණක් ගල්යිෆොසේට් භාවිත කිරීමට අවසර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (20) දහවල් පැවැති ජාතික ආර්ථික සභා රැස්වමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තාවේ.
ගල්යිෆොසේට් රසායනික ද්‍රව්‍ය භාවිතය වකුගඩු රෝගය ඇතිවීමට එක් හේතුවක් විය හැකි බව පවසමින් රජය 2015 නොවැම්බර මාසයේ දී ගල්යිෆොසේට් භාවිතය තහනම් කළේය. ගල්යිෆොසේට් තහනම තේ අස්වැන්න අඩුවීමට ප්‍රභල ලෙස බලපා ඇති බැවින් තේ වගාවට පමණක් ගල්යිෆෝසේට් රසායනිකය භාවිතයට අවසර දෙන්නැයි තේවගා කරුවන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබිණි.
COMMENTS
ඉතා හොදයි.
මේක මොන මෝඩ යෝජනාවක්ද ? තේ වගාව වැඩිපුරම කරන්නේ මධයම කඳුකරයේ . එහි මේ ග්ලයිෆොසේට් භාවිතා කලවිට මධයම කදුකරය හරහා ගලා බසිනා සියලු ගංගාවලට මේ රසායිනිකය මුසුවේවී ඒ තුලින් රටේ සමස්ත වාරි පද්ධතියටම නැවත ග්ලයිෆොසේට් එකුතු වේවී.ඊට වඩා හොදයි තහනම ඉවත්කලා නම්.
ලෝකේ දිඋනු රටවල හොද වල්නාසකය ලෙස මෙය බවිත කරනවා මෝඩ පණ්ඩිතයන්ගේ උපදෙස් නිසා කෘෂිකර්මය නෙති වෙනවා
කිසිඳු සාධාරණ හා විද්‍යාත්මක හේතුවක් නොමැතිව මේ වල් නාශකය තහනම් කලේ කාගේ වුවමනාවකටද? මෙතෙක් ඇමෙරිකානු කොම්පැනියක් සතුව තිබූ ගල්යිෆොසේට් ඒකාධිකාරය අහෝසි වූ පසු දැන් එය මහා පරිමාණයෙන් චීනයේ නිපදවයි. එය යටපත් කිරීමට ඊට එරෙහිව බටහිර ව්‍යාපාරික මාෆියාව විසින් කරනු ලබන දුෂ්ඨ ප්‍රචාරක ව්‍යාපාරයට අප කවුරුත් යට වී ඇතිබව කිසිවෙක් නොදනී. ගල්යිෆොසේට් රසායනික ද්‍රව්‍ය භාවිතය වකුගඩු රෝගය ඇතිවීමට එක් හේතුවක් විය හැකි බව මෙතෙක් කිසිවෙක් විද්‍යාත්මකව ඔප්පුකර නොමැත. මෙය කියවන කිසිවෙකුට එසේ කල හැකි නම් සාධක සහිතව ඔප්පුකරන ලෙස මම අභියෝග කරමි.
යහපාලන ජවනිකා... ඇස්බැස්ටෝස් පිළිකාකාරකයක් නොවේ. ගල්යිෆොසේට් භාවිතය වකුගඩු රෝග ඇතිනොකරයි.
තේ වගාව නැත්නම් ලංකාවේ මිනිස්සු බඩ ගින්නේ යයි කීවොත් එය බොරුවක් නොවේ. මැද පෙරදිග අර්ධ වහල් සේවයට යන අපේ ශ්‍රමිකයන් නැත්නම් ලාංකිකයින්ට අත්වන්නේ ද ඉහත කී ඉරණමයි. 60 දශකයේ අග භාගයේ රෝහණ විජේවීර නම් වූ විප්ලව වාදියා තේ ආර්ථිකයෙන් මිදෙන්න ගෙනගිය සටන ට එදා ආචීන කල්පික අදහස් දැරු දේශපාලන නායකයින් සැවොම විරුද්ධ වුණා. තේ නිෂ්පාදනයෙන් 1871 සිට වසර 75 කට වඩා කාලයක් ශුද්ධ ලාභ ලැබුවේ සුදු වතු පාලකයින්. ඊට පසු කළු සුද්දන්. වතු කම්කරුවන් අදත් ජීවත් වන්නේ අවම පහසුකම් යටතේ. දැන් තේ වගාවේ පලදායකත්වය අඩු වීමට පිළියමක් වශයෙන් ග්ලයිෆොසෙට් රසායනිකය මධ්‍යම කඳුකරයේ පසට එකතු කරන්න යෝජනා කරනවා. එවැනි ක්‍රියාවක් තුලින් මුළු ලංකාවටම ජලය සපයන මධ්‍යම කඳුකරයේ දිය උල්පත්වලට මේ රසායනිකය ද්‍රව්‍යය මුසු වුනොත් සිදුවන අයහපත් තත්වයන් ගැන භූ විද්‍යාත්මක පර්යේෂණවලින් සොයා බැලිය යුතව තිබෙනවා. අපේ දේශීය කෘෂි විද්‍යාඥයින් මේ ක්ෂේත්‍රයේ බොහෝ කලකට පෙර උනන්දුවක් දැක්වුයේ නම් විකල්ප පිළියමක් සොයා ගන්න තිබුනා කියා අපට සිතෙනවා.
ඡන්දෙට වියදම් කරපු කලු කඩ මුදලාලිලට ඒ වෙනුවට මොනව හරි දෙන්නත් එපැයි. කමක් නෑ රටේ මිනිස්සු ඔහේ මැරිච්ච දෙන්.
අපේ රටේද, පොඩ්ඩක් ඉඩදුන්නොත් විනාශයේ මුල තමා. එක්කෝ සම්පුර්ණයෙන් තහනම් නැතිනම් තහනම ඉවතට. බාගෙට තහනම ඉවත් කලොත් දෙසපලුවෝ සල්ලි හොයන ක්‍රම ක්‍රියාත්මක වෙයි.
වස විස නැති රටක අපි කල යුතු දෙයක් ද හිතන්න 3 න් වරක්
තේ බොන එක නවත්වන්න වෙයි වගේ
ග්ලයිෆොසේට් නිසා රජරට භූගත ජලය සම්පූර්ණයෙන්ම වාගේ විෂ වුණා. වකුගඩු රෝගීන් බහුල වුණා. මරණ අනුපාතය වැඩි වුණා.. දැන් මධ්‍යම කඳුකරයේ භූගත ජල පද්ධතිය විනාශ කරලා රටම විෂ කරන්න හදන්නේ.. බලධාරීන් දැන ගන්න ඕනේ මධ්‍යම කඳුකරෙන් තමයි සියලුම ගංගා පටන් ගන්නේ කියන එක. වැදගත් තීරණයක් ගත යුතු කාරණයක් කියන දේ ඕනෙම කෙනෙක්ට තේරෙනවා.