IMG-LOGO

ග්ලයිෆොසෙට් ගැන හොයන ඇමැති කමිටුව එක් වරක්වත් රැස්වෙලා නෑ


 
විනීතා එම් ගමගේ
 
ග්ලයිෆොසේට් තහනම ඉවත් කරනවා ද නැද්ද යන්න ගැන තීරණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කැබිනට් ඇමති කමිටුව ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එකම වතාවක් හෝ රැස් නොවූ බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මඟින් ඒ පිළිබඳව ඉදිරිපත් කර ඇති කැබිනට්  පත්‍රිකාවේ සඳහන් වේ. 
 
‘ගරු ඇමතිතුමන්ලාට‘ ඇති අධික රාජකාරි හේතුවෙන් ඔවුන් රැස් නොවූ බව සඳහන් කරමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති එම පත්‍රිකාවෙන්  නිර්දේශ කර ඇත්තේ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට සළකා බැලිය යුතු බවයි.    
 
ග්ලයිෆොස්ට් තහනම ඉවත්කරන ලෙස හිටපු  කෘෂීකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක හා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන අමාත්‍යවරුන් දෙදෙනා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබු කැබිනට් පත්‍රිකාවක් අනුව එය කළ හැකි ද නැද්ද යන්න ගැන සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා  එම කමිටුව පත් කළේය.
 
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, සෞඛ්‍ය  පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහත්වරු   එම කමිටුවට අයත් වූහ.
 
රටටම බලපාන බරපතල ප‍්‍රශ්නයක් වී ඇති ග්ලයිෆොසේට් භාවිතය පිළිබඳව කැබිනට් අමාත්‍යවරු මෙවැනි නොසැලකිලිමත් බව පෙන්වීම  ඉතාම කණගාටුදායක තත්ත්වයක් යැයි  වස විස නැති ජාතික ගොවි ජාලය අද (15) පැවැත්වූ මාධ්‍ය හමුවක දී එහි සභාපති ප්‍රියන්ත පතිරණ මහතා ප්‍රකාශ කළේය. 

ඡායාරුප - චතුර එස් කොඩිකාර



අදහස් (1)

ග්ලයිෆොසෙට් ගැන හොයන ඇමැති කමිටුව එක් වරක්වත් රැස්වෙලා නෑ

himal Tuesday, 15 May 2018 12:46 PM

ඕකට අමාත්‍ය අනු කමි‍ටු වෙනුවට රසායන විද්‍යා හා කෘෂි කර්මය ගැන විශේෂඥ කණ්ඩායමක් පත් කරා නම් ප්‍රායෝගික නිර්දේශ ගන්න තිබ්බා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 293 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 469 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 190 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site