බිඟුන් මේනක ගමගේ
රජය තේ වගාව සඳහා ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමට කෙලින් තීන්දුවක් නොගන්නේ නම් රට පුරා විරෝධතා දියත් කිරීමට කටයුතු කරන්නේ යැයි සමස්ථ ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සන්ධානය පවසයි.
වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමට ගත් තීන්දුව කුඩා තේ වතු හිමියන්ගේ අගය කිරීමට ලක් වන නමුත් විවිධ පාර්ශ්ව ඊට අකුල් හෙලීම කනගාටුවට කරුණක් යැයි එහි සභාපති කේ.එල් ගුණරත්න මහතා 'ලංකාදීපය'ට කීය.
ග්ලයිපොසේට් තහනම හේතුවෙන් තේ කර්මාන්තයේ කඩා වැටීම නිසා පවුල් ලක්ෂ 5ක ජීවන මාර්ගය අනතුරේ වැටී ඇතැයි කී හෙතෙම මේ නිසා රජයේ නායකයන් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ඉක්මනින්ම ප්‍රකාශයට පත්කළ යුතු යැයි අවධාරණය කළේය.
උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත ඇමැතිවරයා සමඟ සාකච්ඡාවක් කළේ යැයි ද එහිදී සිය තීන්දුව දැනුම් දුන්නේ යැයි ද ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
ග්ලයිපොසේට් වල් නෘශකයකි. ඇයි කෘමිනාශකත් තහනම් නොකරන්නෙ. ඒවනෙ සෘජුවම මිනිස් පරිභෝජනයට එක්වෙන්නෙ.
මේ ඔව්වගෙන් මැරෙන්නේ ඔයාලා නෙමේ පහත රට ඉන්න මිනිස්සු. හොදාගෙන ඔක්කොම එන්නේ පහලට. ඔයාලට තියෙන්නෙ කම්මැලිකම 1970 ට කලින් ග්ලයිපොසෙට් එන්න කලින් වල් මර්ධන කලේ කොහොමද? අනික ග්ලයිපොසෙට් ගැහුවට එ්කෙන් ඔයාලට හානියක් නෑ.
ඇස්බැස්ටෝස් තහනම් කරන්න බැහැ, රුසියාවෙන් තේ ගන්නේ නැහැ. ග්ලිෆොසෙට් තහනම් කරන්න බැහැ. ජපානෙන් තේ ගන්නේ නැහැ. ඔය එක රටක්වත් අපිට උදව්වට නෙමේ ඉන්නේ. ඖෂධ මාෆියාව වහාම ආර්ථිකය සංවෘත්ත කල යුතුයි, අවරුදු පහකට.
වහ කන්න කවන්න තියෙන උනන්දුවක්
රටේ ජනතාව අනාගත දරුපරපුර වෙනුවෙන්. ග්ලයිපොසෙට් පමණක් නොව අනෙකුත් වස විසද තහනම් කලයුතුයි. මේ වනවිට වස විස නොමැතිව සාර්තකව වගාකරන රට දැයට ආදරය කරන උතුම් ගොවියන් ඒ බව සනාථ කොට ඇත. වස විස නැතුව බැරි රටට ජනතාවට ආදරය නැති කම්මැලියන්ට පමනයි.
ග්ලයිපොසේට් තහනමට එරෙහිව රට පුරා විරෝධතා දක්වන සහ එය තහනම් කිරීමට උන්නන්දුවන සියලු දෙනාම ග්ලයිපොසේට් තහනම් කිරීමට පෙර ඒ වෙනුවට වෙනත් විකල්පයක් සොයා එය අත්හදා බැලීමෙන් පසු ග්ලයිපොසේට් තහනම් කිරීමට කටයුතුකරන්න. ලෝකයේ වෙනත් රටවල්නම් කරන්නේ එසේය නමුත් ලංකාවේ ඉන්න සියලුදත්ලා ග්ලයිපොසේට් තහනමට එරෙහිව රට පුරා විරෝධතා කර මේ කරන්න යන මහා මෝඩ ක්‍රියාවෙන් පසු ලැබෙන ප්‍රතිපලය කුමක්ද.
ග්ලයිපොසේට් හා කෘමිනාශකම ඉල්ලලාම අඩන්නේ ඇයි මහ ලොකු ඉතිහාසයක් තියන රටේ පැරණි ක්‍රම බාවිතා කරන්න කෝ
මේ දේවල් ඔක්කොම කරන්නේ කෘමිකනාශක, වල්නාශක මාපියාවන්. ඔවුන් ඔවුන්ගේ කලු සල්ලි මෙම තහනම ඉවත් කර ගැනීමට යොදා ගන්නවා. වාසී ලබා ගැනීම සඳහා බෝහෝ දෙනා උත්සහ කරන බවයි පෙනියන්නේ. ඒ අයගේ සල්ලි වලට මැති ඇමතිවරු, නිළධාරීන් නිතැතින්ම යට වේ. තේ වගාවේදි ග්ලයිපොසේට් භාවිත කිරීමට තරම් වල‍්පැල හට නොගනි. පැල සන්ධීයේදි පමනක් වල්පැල භාවිත කිරිමට සිදුවිය හැක. මේ උත්සහ ගන්නේ ගොවියන්ව ඉදිරියට දමා බහුජාතික මාපියා කාරයන්ගේ අවශ්‍යතා ඉටුකර මැති ඇමතිවරු, නිළධාරීන් තම මල්ල තර කර ගැනිමටයි. මෙයට අසු නොවෙමු.
ලක්ෂ 5 ක ජනතාවක් වෙනුවෙන් ලක්ෂ 200 ක ජනතාවගේ වකුගඩු බිලිදෙන්න ඕනෙද? ග්ලයිපොසෙට් එන්න කලින් මොනවද පාවිච්චි කලේ? වල් මරන්න වෙනත් විකල්ප හොයාගනිල්ල.