සමන් පාලිත නානායක්කාර
අද පැවැති මහ වැසිත් සමඟ බණ්ඩාරවෙල දික්අරාව ප්‍රදේශයේ ගිලාබැසීමේ අවදානමක් නිසා පවුල් 150ක් පමණ ඉවත් කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (බදුල්ල) ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
උමා ඔය ව්‍යාපෘතිය නිසා පොළොවේ ඇති වී තිබූ පැල්මකින් ජල බුබුලක් මතුවී ගලා යෑමට පටන් ගැනීමත් සමඟ මෙම අවධානම් තත්ත්වය ඇතිවී ඇති බව උදය කුමාර මහතා කීවේය.
මෙසේ ඉවත් කළ පවුල් බණ්ඩාරවෙල බිඳුණුවැව යොවුන් සේනාංක පරිශ්‍රයේ තාවකාලිකව රඳවා තිබේ.
කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය දික්අරාව ප්‍රදේශයෙන් පැයක පමන කාලයකට වසා දමා තිබූ අතර මීට ටික වේලාවකට පෙර පාර විවෘත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපට ලැබිච්ච සංවර්ධනය, බණ්ඩාරවෙල විතරක් නෙවේ රටම ගිලෙන්න ඔන්න මෙන්න දැන් තියෙන්නේ,
එක පැල්මක් නොවෙයි මෙි විනාශකාරි ව්‍යපෘතිය නිසා මුලු බණ්ඩාරවෙලම සුනුවසුණුවෙලා ඉවරයි. කවුරැ කරත් ජනතාව අනාතයි
ඕකට හමුදාව දාල ගිලා බැසීම නතර කරන්න බැරිද?
මගේත් උපන් ගම... ඒකාබද්ධය මේවට කටක්වත් අරිනවද? දඬුවම් දෙන්නේ නැති එකේ වරද තමයි.