(ජයමාල් චන්ද්‍රසිරි)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මේ වන විට ගුරු සංගම් කිහිපයක් එක්ව උද්ඝෝෂණයක් අරඹා තිබේ.
බුද්ධදාස ක්‍රිඩාංගණය අසළින් ඇරැඹි උද්ඝෝෂණය මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවැත්වෙන අතර ගුරු සංගම් දෙකක් එකිනෙකට විරුද්ධ මත පළ කිරීම සහ සිය ඉල්ලීම් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම නිසා මේ වන විට උද්ඝෝෂකයින් අතර උණුසුම් තත්ත්වයත් මතු වී ඇත.
මේ හේතුවෙන් කොට්ටාව , පැලවත්ත මාර්ග අංක 174 හි වාහන ගමනා ගමනය මුළු මනින්ම නැවතී ඇති අතර දැඩි රථවාහන තද බදයක්ද පවතී.අවට ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා කැරලි මර්දන ඒකකය යොදවා තිබේ.
ඡායාරූප සඳහා පහත ලින්ක් එකට පිවිසෙන්න
COMMENTS
හැමෝගෙම වැඩ උද්ඝෝෂණ කරන්න එක............
වැඩ කරන මිනිසුන්ගේ කාලේ කන්නේ නැතුව මුලින්ම කොහෙට හරි රැස් වෙලා තමන්ගේ ප්‍රශ්න ඉවර කරගෙන එක මතයකට ඇවිල්ලා ඊට පස්සේ ඒක රජයට ඉදිරිපත් කරන්න.
ළගදි දමිළ චිත්තරපටියක් බැලුවා ඉන්දියාවේ දේශපාලනය ගැන (ලංකාවටත් අදාල වේ). සැබෑ ලෝකේ එය යථාර්තයක් කල හැකි නම් රටම ඉහලට ගෙන යා හැකිය. හැම පැතිකඩක් ගැනම අධ්‍යක්ෂක කතා කරනවා. උද්ඝෝෂණ ගැන පවා.
අවුරුදු 20 ක් විතර දේශපාලන පළිගැනීම් වලට ලක් වූවන්ට සාධාරණයක් ඉටු කරන්න කීවෙත් මේ අයමයි. ඒකට කමිටුවක් දාල සොයා බලල අසාධාරණ වූ අයට සාධාරණය කළාම ඒකටත් විරුද්ධව වැඩ වර්ජනය කරනවා. පුදුම කුහකයෝ ටිකක්. මේගොල්ලන්ගෙන් ඉගෙන ගන්න අපේ දරු පරපුරට යන කල දසාව අයියෝ.
අවිධිමත් ලෙස දේශපාලන පලිගැනීම සිදුවූ බව කියන අයට පත්වී ම් දීමට විරුද්ධව උද්ඝෝෂණ කලේ.
තමුන්ගේ බඩවඩා ගැනීම සදහා අනුන්ට හිරිහැර වෙන විදිහට කරන මේ උද්ඝෝෂණයෙන් තරයේ හෙළාදකිමු ගුරු සේවය යනු ගරු සේවයන් බව මේ ගුරු හොරු අමතක කරලා නැත්නම් දරුවන්ට උගන්වන්න තියන වටිනා කාලය මේවගේ පලක් නැති උද්ඝෝෂණ වලට යොදාවිද .