IMG-LOGO

‘ගුරු-විදුහල්පති වැඩ වර්ජනය බංකොලොත්’


 
(අංජුල මහික වීරරත්න)
 
දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක කරන්නට ගිය ගුරු විදුහල්පති වැඩ වර්ජනය සම්පුර්ණයෙන්ම බංකොලොත් වු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (4) පැවැසීය.
 
දිවයිනේ  පාසල් 10,147න් එකඳු පාසලක්වත් වැඩවර්ජනය නිසා වසා නොදැමුණු බව කී අමාත්‍යවරයා ස්ථාන කීපයක පමණ පාසල් අතලොස්සක පමණක් සිසුන්ගේ පැමිණීමේ අඩුවක් පැවතිනැයි ප්‍රකාශ කළේය.
 
රටේ දරු පරපුරේ අනාගතය ගැන සිතා පුහු වැඩ වර්ජන වලට පිටුපා පාසල් වලට පැමිණි විදුහල්පතිවරුන්ට මෙන්ම ගුරුවරුන්ට ස්තූතිය පළ කරන්නේ යැයි ද අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
අධ්‍යාපනය සුරකින බව කියමින් වෘත්තිය සමිති මේ කරන්නේ රටේ අනාගතය සමඟ සෙල්ලම් කිරීම බවද ඇමැතිවරයා කීය.



අදහස් (7)

‘ගුරු-විදුහල්පති වැඩ වර්ජනය බංකොලොත්’

Sanath Wednesday, 04 July 2018 07:07 AM

අපි නම් අද ඉස්කෝලේ ළමයි පාසැල් යනවා දැක්කේ නැහැ.

:       107       119

supun Wednesday, 04 July 2018 07:11 AM

ඔයා තොත්ත බබා කියල අපි දන්නවා මහත්තයෝ... අගමැතිතුමාට හුණු ගානවා මිසක් වෙන දෙයක් ඔයාගෙන් දැක්කේ නෑ... තව අවුරුද්දක් ඔහොම කියන්නකෝ.... ඔයාලගේ ආණ්ඩුවට පිදුරු ගහත් නැතිවෙලා යනවා....

:       130       200

lankaputha Wednesday, 04 July 2018 07:45 AM

කිසිදු බාදාවකින් තොරව අද මම වාහනය රැගෙන ආවිට දැන ගන්නට ලැබී තිබුනේ, වර්ජනය නිසා සියලුම පාසල් වල ළමුන් උදැසන 6:00 ටත් ප්‍රථම පාසල් වෙත වාර්තා කර තිබු බවය.

:       8       1

Hafeel Wednesday, 04 July 2018 08:11 AM

කොටහේන පාසලක් ළමුන් නොපැමිණි නිසා වහලයි කියමින් මාධ්‍යවලින් දැනගන්න ලැබුණා. කොහොම හරි වැඩ වර්ජනයට යන්න කලින් ප්‍රශ්නය විසදන්න බැරිවුන එක අදාළ ඇමතිගේ නොහැකියාව තමයි.

:       32       43

ananda Wednesday, 04 July 2018 09:16 AM

මෙහෙනම් එක ළමයෙක්වත් ඉස්කෝලෙ ගියේ නැහැ................

:       3       8

kalani Wednesday, 04 July 2018 09:59 AM

රජයට අනුව සියලුම වෘත්තීය සමිති ක්‍රියා මාර්ග වැරදියි. අනේ මොකට කියනවද?

:       1       19

shan saudi Wednesday, 04 July 2018 12:36 PM

අධ්‍යාපන අමාත්‍යයංශය බංකොලොත් වූ විට පාසල් හා විදුහල්පතිවරු ගැන කුමන කතාද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 137 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site