IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ග්‍රාම නිලධාරියෝත් පොටකට එන්න අරඅඳිති

(ක.ග කරුණාරත්න)

මේ රටේ ග්‍රාම නිලධාරීන්ගේ මෙතෙක් නොවිසිදුණු දැවෙන ප්‍රශ්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීම්ට බලාපොරොත්තු වන බවත් තම ගැටලුවලට නිසි විසඳුමක් නොලද හොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සහ නීතිමය ක්‍රියාමාර්ගයකට යන දෙකටම ඉදිරි කාලයේදී යාමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්.පී.බී වන්නිනායක මහතා පවසයි.

ග්‍රාම නිලධාරී සේවාව වෙනම සේවාවක් බවට පරිවර්තනය කිරීම ඇතුළුව ඉල්ලීම් ගණනාවක් දිගින් දිගටම රජයෙන් කර ඇතත් මෙතෙක් ඒවා ඉටු වී නැතැයිද ග්‍රාම නිලධාරීන්ගේ අනාගතය උදෙසා මේ රටේ 14000 ක් ඉක්මවූ ග්‍රාම නිලධාරීන් පමණක් නොව ජනතාව ද සමඟ අත්වැල් බැඳගෙන ඕනෑම ක්‍රියාමාර්ගයකට යොමු වන්නට සූදානම් බවත් ඔහු කීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය මගින් අද(01) පෙරවරුවේ පොළොන්නරුව, නව නගරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.



අදහස් (3)

ග්‍රාම නිලධාරියෝත් පොටකට එන්න අරඅඳිති

darshana Friday, 01 December 2017 12:54 PM

අපිට ඔය ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ. රැහේ කෙනෙකුටම කියල බලන්න.

:       6       69

සජිත් Friday, 01 December 2017 03:38 PM

ඇත්ත තමයි...., ⁣ගමට කොච්චර රජයේ සේවකයෝ දැම්මත් ගමට එන්නෙ ඔච්චරයි. අනික් අය වැඩක් කරන්නෙත් නෑ. දේශපාලන වැඩ නම් කරවා ගන්නවා මේ ගොල්ලන්ට දේශපාලනේ කරන්න බැරි හින්දා ගණන් ගන්නෙත් නෑ. මේ වෙලාවෙත් අනික් අය ට්‍රිප් ගිහින් රාළහාමිලා ගංවතුරෙ, සුළි සුළඟේ වැඩ...

:       0       49

sam Friday, 01 December 2017 09:27 PM

ඔය කියන "වෙනම සේවාව" පිහිටෙව්වාම දල ඇතුන් මරන්න අවසරයකුත්ලබා ගන්න පුළුවන් වෙයි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 656 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site