IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ගුරුකන්ද විහාරයේ නාම පුවරුව මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉවත් කරලා

(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහ විහාරස්ථානය ලෙස නම් සඳහන් කර එම විහාරස්ථානය ඉදිරිපිට ප‍්‍රදර්ශනය කර තිබූ නාම පුවරුව අද (14) මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ගලවා ඉවත්කරනු ලැබීය.

වසර දහයකට පමණ පෙර ස්ථාපිත කළ මෙම නාම පුවරුව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සීමාවේ අවසර නොමැතිව ප‍්‍රදර්ශනය කිරීම හේතුවෙන් ලැබුණ මහජන පැමිණිල්ලක් අනුව මෙලෙස ගලවා ඉවත්කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ගුරුකන්ද විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමි ට දැනුම් දී තිබේ.

පසුගියදා මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ විහාරස්ථානයේ දේවාලය නීරාවි පිල්ලයාර් කෝවිල ලෙස හදුන්වන ලෙස තීන්දුව ප‍්‍රකාශකිරීමෙන් අනතුරුව පිරිසක් පැමිණ එහි නම ප‍්‍රදර්ශනය කොට දෙමළ බසින්වූ නාම පුවරුව ඉවත් නොකර ඇති අතර ගුරුකන්ද විහාරස්ථානයේ නාම පුවරුව පමණක් ගලවා ඉවත කිරීමට කටයුතු කළබවද ගුරුකන්ද විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියෝ පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගුරුකන්ද පුරාණ රජමහ විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියෝ මෙසේද කීහ.

‘මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දැනුම්දී තිබුණා විහාරස්ථානයේ නම සදහන් පුවරුව ගලවා ඉවත්කරන බව. ඒ අනුව ඔවුන් පැමිණ මෙය ගලවා ඉවත්කළා. නමුත් මෑතකදී විහාරස්ථානය ඉදිරිපිට දෙමළ බසින් ප‍්‍රදර්ශනය කළ  නීරාවි පිල්ලයාර් කෝවිල යන නාම පුවරුව ඔවුන් ඉවත් කළේ නැහැ. අපගේ නාම පුවරුව ඉවත්කොට එය අපට බාරදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් යන්න ගියා.

මෙම විහාරස්ථානය බුද්ධශාසන අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කරලා තියෙන්නේ. ඒ අනුව විහාරස්ථානයේ නම ප‍්‍රදර්ශනය කිරීමට පුළුවන්. අප මෙම නාම පුවරුව වසර දහයකට පමණ පෙර ස්ථාපිතකළ නාම පුවරුවක්. නමුත් එය ඉවත් කළා. විහාරස්ථානය තිබෙන්නේද මාර්ගය ආසන්නයේ වන බැවින් පන්සල් භූමියේ ඉදිකළත් මාර්ග සංවර්ධන නිලධාරීන් නාම පුවරුව ගලවා ඉවත් කරයිද යන්න සැකයි. මේ පිළිබඳව ඇත්තේ  දැඩි කණගාටුවක්‘ යැයි හිමියෝ පැවසූහ.

(ඡායාරූප- සිතුම් චතුරංග)

 

වීඩියෝ දසුන් - රොමේෂ් මධුෂංක



අදහස් (14)

ගුරුකන්ද විහාරයේ නාම පුවරුව මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉවත් කරලා

roha Friday, 14 June 2019 09:56 AM

අපි ඉන්නේ බෞද්ධ රටකද? නැතිනම් වෙන කොහේහරිද? මහානායක හිමිවරු මේ ගැන චුට්ටක් සොයාබැලුවොත් හොඳයි මේ ප්‍රශ්නේ ගැන...

:       2       408

himal Friday, 14 June 2019 10:00 AM

ඡායාරූපවලට අනුව නම් නාම පුවරුව පාර අයිනේ ඇති කාණුවක් හරහා තමයි තබා තිබෙන්නේ. මේ නාම පුවරුව පන්සලට කිට්‍ටුවෙන් තබාගත්තා නම් ගැටළුවක් ඇති නොවෙන්න තිබ්බා. මේ හාමුදුරුවන්ට නීතිය පැත්තෙන් සහාය දෙන්න කැමති නීතිඥ පින්වතෙක් නැද්ද?

:       3       136

Dilan Friday, 14 June 2019 10:30 AM

කොළඹ නගරයේ පදික වේදිකා වල යන්න බෑ හැම තැනම කඩවල් අටවගෙන. කාණුවටවත් පාරටවත් අවහිරයක් නැති මේ බෝඩ් එක ගලවපු අයට ඒව පේන්නෙ නැත්තෙ ඇයි?

:       124       215

himalFriday, 14 June 2019 04:42 PM

හරියට ප්‍රවෘත්තිය කියවන්න. මහජන පැමිණිල්ලක් මතයි පුවරුව ඉවත් කරවලා තිබෙන්නේ. ඔයාත් ගිහිල්ලා කොළඹ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න කියලා පැමිණිලි කරන්න.

:       321       134

bandula Friday, 14 June 2019 10:17 AM

කොළඹ කොච්චර දෙමළ දේවස්ථාන තියෙනවද? ඒ පළාත්වල අපිට එ්කවත් දෙනවද?

:       9       107

SUMITH Friday, 14 June 2019 10:39 AM

ඔන්න සංහිදියාව දොරේ ගලන හැටි පේනවා නේද?

:       0       0

sharm warn Friday, 14 June 2019 10:42 AM

මේ විහාරස්ථානයට සාධාරණයක් කරන්න නීතිමය සහයක් දෙන්න කවුරුහරි ඉදිරිපත් වෙනවද? මේ පළාත්වල ඉන්න සිංහල ජනතාවට ඉන්න එකම හව්හරණ මේ ස්වාමීන් වහන්සේලා.. ඒ නිසා මේ කෙනෙහිලිකම් වලට ඉඩ දෙන්න එපා. නීත්‍යානුකුලව හරි දෙය කරගන්න උදව් කරන්න.

:       0       207

ලංකාපුත්‍ර Friday, 14 June 2019 12:12 PM

කන්න ඕනෑ වුණාම කබරගොයත්, තලගොයා වෙනවා කියනවා. ඔය පැත්තේ සිටිනා එවුන් ඔක්කොම එක්වල්ලේ පොල් තමයි. සෑම ගෙඩියක්ම එකයි... වෙනස තියෙන්නේ ගෙඩිවල ප්‍රමාණය අනුවයි. මේ රටේ සියලු නීති තියෙන්නේ සිංහල අයට විතරයි.

:       2       217

රංග Friday, 14 June 2019 01:57 PM

පෙනෙනා අන්දමට නං මේ පුවරුව තියෙන්නේ මාර්ගයට ඉතාම ආසන්නයේ. ඕක ටිකක් පාරෙන් අයිනට වෙන්න හයිකරගත්තා නං ඉවරනේ.

:       30       190

Kriss Friday, 14 June 2019 09:20 PM

එකක් කියන්න පුළුවන්. මේ කරන්නේ ත්‍රස්තවාදයක් නිර්මාණය කිරීමක්.

:       0       277

Bamunuarachchi Saturday, 15 June 2019 12:06 AM

ඡායාරුපයේ පෙනෙන විදිහට නාම පූවරුවේ එක කණුවක් මාර්ගයට අයිති ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. කානුවත් ඉඳිවීමත් මෙම නාමපූරුව නිසා නැවතී තිබෙන බව පෙනෙනවා. හාමුදුරුවෝ අදාළ ආයතනවලට ගිහිල්ලා කතා කර මෙම පූවරුව ගැලවීමට නියම හේතුව ප්‍රසිද්දියේ කියන්න.

:       0       0

දිලුම් Saturday, 15 June 2019 04:29 AM

මහනායකලාට මේවට මැදිහත් වෙන්න වෙලාවක් නෑ. අස්වුණු මුස්ලිම් ඇමතිවරුන්ට පින්සේන්ඩුවෙනවා මේ දවස්වල ආපහු එන්න කියලා. දුක්විඳගෙන බුද්ධාගම රකින අති දුෂ්කර ජීවිත ගෙවන ජීවිත හා මරණය සමඟ සටන් කරමින් ජීවත්වන මේ ස්වාමීන්වහන්සේලා ගැන බලන්න මහනායකලත් නෑ පොඩි නායකලත් නෑ. මහනායකලාගේ රජ සැපෙන් තුන්කාලක්වත් නොවිඳ මේ අසරණ ස්වාමීන් වහන්සේලා මේ ප්‍රදේශවල සිටින දුප්පත් ජනයා වෙනුවෙන් ලොකු සේවයක් කරනවා. ඒක අගයන්න හෝ ඒ ස්වාමීන්වහන්සේලාට යම් පහසුකමක් සලසන්න අපේ පාලක හිවලුන්ට තේරෙන්නේ නෑ.

:       0       658

thilakasiri Saturday, 15 June 2019 08:36 AM

මේ නාම පුවරුව පාරේ නම් සවිකර ඇත්තේ මාර්ග අධිකාරිය එය ගලවා හාමුදුරුවන්ට සුදුසු ස්ථානයක සවිකර දෙන්නයි තිබුනේ. හාමුදුරුවෝ එයට විරුද්ධ වෙන්නේ නෑ. මෙතන තියෙන්නේ මේ පුවරුව ගලවන්න අණ දුන් ඉහළ නිලධාරියා හාමුදුරුවන් සමග කතිකා කර ශිෂ්ඨ සම්පන්නව මේ වැඩේ නොකළ වරදයි. නීතියට පටහැනි නොවන්න මේ වැඩේ කරන්න කොතරම් ක්‍රම තියනවද? හාමුදුරුවන්ටම කියලා බෞද්ධයින් පිරිසක් ගෙන්නාගෙන මේ නාම පුවරුව හාමුදුරුවන්ට කැමති තැනක සවිකර දීම ගලෝපු නිලධාරියාගේ හැදිච්ච කම මිසක් නීතියක් නොවෙයි.

:       0       78

Gajaba Monday, 17 June 2019 12:03 PM

මට මහා නායක හාමුදුරුවරු ගැන තියෙන්නේ පුදුම කළකිරීමක්. මෙම ස්වාමීන් වහන්සේ වගේ ජාතියට, ආගමට සේවයක් කරන අයට උදව් කළොත් නරකද? කෝවිලේ නාම පුවරුව තියලා පන්සලේ පුවරුව විතරක් අයින් කලේ, කොටි ඩයස්පෝරාව සනසා, උතුරේ අතීත බෞද්ධ උරුමය මකා දමන්නද?

:       0       228

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 91 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 240 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 49 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 83 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 128 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මන්ත්‍රී යෝජනා 5ක් සම්මතයි
2025 මැයි මස 09 445 0

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 27 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1294 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site