( ගම්පහ තිලකරත්න දිසානායක)
කුරිරු ත්‍රස්ත ප්‍රහාරයන් හේතුවෙන් ඉකුත් ඉරු දින මිය සියලුම දෙනා වෙනුවෙන් පිං පැමිණවීම සහ එම අයගේ ආත්මයන් වෙනුවෙන්වු යාඥා මෙහෙයක් , ගම්පහ සිරි සුනන්දාරාම විහාරස්ථානයේදී අද (27) දහවල් පැවැත්විණි.
ගම්පහ නාගරික එක්සත් වෙළඳ සංගමයෙහි මෙහෙයවීම යටතේ සහ සුනන්දාරාමාධිපති තුම්මෝදර සමිතසෝම නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම අවස්ථාව පැවති අතර මීට ගම්පහ සිරිකුරුස දේවස්ථානයේ ෆීලික්ස් ශාන්ත පියතුමන් ඇතුළු පියතුමන්ලා සහ හිමි වරුන්ද ගිහියන් පිරිසක්ද එක්ව සිටියහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගම්පහ දේවස්ථානයේ යාඥා මෙහෙය පන්සලේ
Bamunuarachchi Sunday, 28 April 2019 01:15 PM
මුස්ලිම් අයගේ නෝම්බි කටයුතුත්,.. පන්සලක සිදුකළා යූ-ටියුබ් එකේ තිබුණා. ඒ අය නම් පන්සලට පැමිණ තිබුනේ තොප්පි, සෙරෙප්පු දාගෙනයි. මෙතනත් එහෙමද හාමුදුරුවනේ?
Ven. sumanarathna Sunday, 28 April 2019 08:04 PM
බමුණෝ ඕනවට වඩා ජාති වාදී වෙන්න එපා.බුදු හාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ සෙරෙප්පු නොදා පන්සලට එන්න කියලා. එක සම්ප්‍රදායක් පමණයි. සම්ප්‍රදායන්, සංස්කෘතීන් යුගයෙන් යුගයට වෙනස් වෙනවා. අපි ඒවාට අනුගත විය යුතුයි. එහෙම අනුගතවන්නට බැරිවුනොත් මිනිස්සු පන්සල දාල වෙනත් ආගම්කරා යනවා.
BamunuarachchiMonday, 29 April 2019 02:30 PM
වෙනරල් සුමනරත්න 1. මෙතන ජාතිවාදයක් නොමැත. ජාතිවාදය මොකක්ද කියා අටුවා ටීකා බැරිනම් ටිප්පනී හරි පෙරලා ඉගෙන ගන්න. 2. බුදුහාමුදුරුවෝ සෙරප්පු දාගෙන පන්සලට එන්න එපා කියන්නේ කොහොමද ආමිස පූජාවත් කරන්න එපා කිව්වකොට. ඉතිපිසෝ භගවා කියා බුදුන්ට වඳින්න කීවේ නැත. නමුත් අපි ගාථා කියා වඳිනවාය. හලෝ එකක් ඉගෙනගන්න සම්ප්‍රදාය කියන එක පන්සලෙත්, පාර්ලිමේන්තුවේත්, උසාවියෙත්, කෑම මේසේත් තවත් තැන්වලත් තියනවා. අපි උඩුකය ඇරගෙන කෑම මේසයට වාඩිවෙන්නේ නැත. උසාවියේ සියලු දෙනා විනිශ්චයකාරතුමා එනවිට සිටගන්න කියා නීතියක් නැත. නමුත් සියලුදෙනාම සිටගන්නවා එක සම්ප්‍රදායක්... සම්ප්‍රදායක් කැඩීම එම ස්ථානයට තිබෙන ගෞරවය විනාශ කිරීමක්... වැඩිදුර ලියන්නේ නැත. මොලේ ඔලුවේ තිබෙන කෙනෙකුට මේ ටික හොඳටම ප්‍රමාණවත්... ගොබ්බකම පෙන්වන්න එපා.
BamunuarachchiMonday, 29 April 2019 02:42 PM
"එහෙම අනුගතවෙන්න බැරි වුනොත් මිනිස්සු ආගම දාලා වෙන ආගම්වලට යනවා" හලෝ ඔබ හිතාගෙන ඉන්නේ අනික් ආගම්වල ඒ ආගම්වලට ආවේණික සම්ප්‍රදායවල් නැහැ කියලද? පිටරැටියන් බෞද්ධ පන්සල්වලට යනවිට තොප්පි සෙරප්පු ගලවනවා නම් ක්‍රිස්තියානි අය පල්ලියට අතුල් වෙනවිට හිස්වැසුම් ගලවනවා නම් මුස්ලිම් මිනිස්සු පල්ලියට අතුල්වෙනවිට පාවහන් ගලවනවා නම් මිනිසුන්ට පන්සලට අතුල් වෙනවිට හිස්වැසුම් පාවහන් ගලවන්න බැරි මොකද? ගොබ්බකම ලෝකෙට පෙන්නුවට අපිට පෙන්වන්න එපා හලෝ...
Jayantha Sunday, 28 April 2019 01:20 PM
මෙන්න මේවට තමයි කියන්නේ නියම සංහිඳියාව කියලා. හරිම සතුටුයි මේවගේ කණගාටු අවස්ථාවක බෞද්ධ සහ කිතුනු මිනිස්සු එ්කට එකතුවෙලා ඉන්න එක ගැන..
BamunuarachchiMonday, 29 April 2019 01:31 AM
කොහොමද නියම සංහිදියාව වෙන්නේ මෙතන මුස්ලිම් අය නැහැනේ? ඉතිහාසයේ කවදත් බෞද්ද ක්‍රිස්තියානි සංහිදියාව තිබුනා. ඒක අලුත් දෙයක් නොවෙයි.
Senani Sunday, 28 April 2019 01:36 PM
උතුම් ආදර්ශයක්...! සියලුම පන්සල්වල දොරටු කිතුනු සහෝදර ජනතාව වෙනුවෙන් විවෘත වේවා කියා බෞද්ධයකු ලෙස මා ප්‍රාර්ථනා කරමි! මගේ රටට සියලුම දෙවි දේවතාවුන්ගේ පිහිටයි..!
රජින්ද Sunday, 28 April 2019 02:13 PM
කුමන්ත්‍රණකරුවන් එක් එක් කාලවලදී මෙම ගැටුම් අවුලවමින් ගියා මිසක් සංහිඳියාව සිංහල රාජ්‍යයේම කොටසක් වී පැවතිණි. ලංකාවේ බොහෝ පවුල් බොදු-කිතුනු මිශ්‍ර වන අතර, එසේ මිශ්‍රවීම ටිකක් අඩු ලංසි පවුල්ය. එහෙත් මුස්ලිම් පවුල්වල සිංහල මිශ්‍ර විවාහයන් සිදු නොවන තරම්ය. ඔවුන් අන්තවාදය පතුරවන ප්‍රධානම ප්‍රභවයද එයයි.
Raveendra Sunday, 28 April 2019 02:26 PM
ඇත්තෙන්ම අප හදවතින්ම මෙය අගය කරන්නෙමු. ගරුතර සංඝ රත්නය ඇතුළු කිතුනු පුජකතුමාලට නමස්කාර පුරකව ස්තුති වන්ත වන්නෙමු. අවාසනාවකට මිහරකුන් 225 ට මෙලෙස කටයුතු කිරීමට නොහැකිවීම ඒ ඒ හරකුන්ගේ සිත්වල මොනතරම් කුහක කම , වෛරය මුල්බැස ගෙන ඇද්ද ...? ලැජ්ජයි අනේ.......
සේන Sunday, 28 April 2019 02:55 PM
පන්සලත් කිතුණු පල්ලියත් ඕනෑම මිනසෙකුට විවෘතයි. ඇයි ආවෙ කියලා කවුරුත් අහන්නෙ නෑ. ආගම තියෙන්නෙ මනස දියුණු කරගන්න. පිරිහෙන්න නෙවෙයි. මේ ආදරයට අපි ආදරෙයි.
isurandi Monday, 29 April 2019 05:17 AM
මම බෞද්ධයෙක්..... හරිම සතුටක් දැනුණා මේ කටයුත්ත දැකීමෙන්. අපි කවුරුත් මිනිස්සු ජාති ආගම් භේදයක් උවමනාම නැත.... කලයුත්තේ සහයෝගයෙන් කටයුතු කිරීමයි