IMG-LOGO

ගීතා සුව අතට

(විනීතා එම් ගමගේ)

පිළිස්සුම් තුවාල හේතුවෙන් රෝහල් ගත කර සිටින සම්මානනීය සිනමා නිළියක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකද වන ගීතා කුමාරසිංහ මහත්මිය මේ වනවිට සුව අතට හැරෙමින් සිටින බව ලංකා හොස්පිටල් හි වෛද්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව් එම් එස් රත්නප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය.

පිළිස්සුම් තුවාලවලට විෂබීජ යෑම වැලැක්වීමට මෙන්ම අමුත්තන් විශාල පිරිසක් පැමිණීම වැලැක්වීමටත් ඇය තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ තබාගෙන ප්‍රතිකාර කරන බවත් හෙතෙම පැවසීය.

සුව අතට හැරෙමින් සිටින ඇයට තවත් දින කිහිපයක් රෝහලේ රැඳී සිටින්නට සිදුවනු ඇතැයි වෛද්‍ය රත්නප්‍රිය මහතා  කියයි.

නාවල පිහිටි සිය නිවසේදී ගෑස් නලයක ගෑස් කාන්දුවක් නිසා  උදුනක ඇතිවූ ගිනි කාන්දුවකින් දෑතෙහි සහ පාදයක ද පිළිස්සුම් තුවාල ලබා ඇති කුමාරසිංහ මහත්මියගේ හිස කෙස් ද එම අනතුරින් පිළිස්සී ගොස් තිබේ.



අදහස් (5)

ගීතා සුව අතට

ජගත් Sunday, 03 September 2017 09:23 AM

පියසේන ගමගේ මහත්තයා නම් දේවාලයට ගිහින් තමයි.

:       45       48

senakarodrigo Sunday, 03 September 2017 09:27 AM

දේශපාලන වශයෙන් මම ගීතා කුමාරසිංහ මහත්මිය සමග එකඟ නොවුණත් මෙවන් විපතකදී අතිශයින්ම කණගාටුවට පත්වෙමි. ත්‍රිවිධ රත්නයේ පිහිට සහ ආශිවාදයෙන් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි...

:       51       110

jayasiri manimendraSunday, 03 September 2017 04:51 PM

දේශපාලන වශයෙන් ඔබ එකඟ වුණා කියා හෝ නොවුණා කියා හෝ ඇයට පාඩුවක් නැත. ඒ වගේම මමද එතුමියට ඉක්මන් සුවය පාර්ථනා කරමි.

:       11       64

senakarodrigoMonday, 04 September 2017 12:37 AM

දේශපාලනයෙන් ඇයට පාඩුවක්ද ලාබයක් ද ලැබෙන්නේ යන්න තීරණය කිරීමේ ශුද්ධවූ අයිතිය තිබෙන්නේ මමත් ඔබත් වැනි ඡන්ද දායකයින් අතේ බව තේරුම් ගැනීමට නොහැකි ඔබ වැස්සකටවත් පාසලකට නොගිය අයෙක් බවනම් හොඳින්ම පෙනෙනවා.

:       0       8

අබ්දුල් Monday, 04 September 2017 10:21 AM

වෛද්‍ය අධ්‍යක්ෂ 'ඩබ්ලිව් එම් එස් රත්නප්‍රිය' මහතා කියන්නේ... අපේ සමන් රත්නප්‍රිය මහත්තයාද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 69 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 628 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site