(නිමල් අල්ගෙවත්ත )
මේ වර්ෂයේ ගතවූ කාලය තුළ ඒඞ්ස් රෝගීන් 07 දෙනෙකු හමුවී ඇති බවත් එච්.අයි.වී ආසාධිතයින් 130 දෙනකු පමණ වාර්තා වී ඇති බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඞ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.
2016 වර්ෂයේ එච්.අයි.වී ආසාධිතයන් 249ක් සිටි බවත් ලියනගේ මහතා පවසයි.එච්.අයි.වී ආසාධිතයන්ගෙන් බහුතරයක් පිරිමින් වන බවද ඒ මහතා පවසයි.
ගතවූ වසර පහේ දී ඒඞ්ස් රෝගීන් 273දෙනෙකු වාර්තා වී තිබේ. 2016 වර්ෂයේදී එච්.අයි.වී පරීක්ෂණ ලක්ෂ 10ක් පමණ කළ බවත් මේ වසරේදී එච්.අයි.වී පරීක්ෂණ ලක්ෂ 11ක් පමණ කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කියයි.
එමෙන්ම බන්ධනාගාර රැඳවියන් එච්.අයි.වී පරීක්ෂණවලට භාජනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇති බව ද සිසිර මහතා ප්‍රකාශ කරයි.
COMMENTS
මේම පරීක්ෂණ ආරම්භ කලයුත්තේ බණ්ඩාරවෙල ආශ්‍රිත "ඇල්ල" ප්‍රදේශයෙනි. සංචාරකයින් බහුලව ගැවසෙන රාවණා ඇල්ල ප්‍රදේශයේ ගෘහස්ත නවාතැන් පහසුකම් (සාමාන්‍ය ගෙවල් වල කාමර ලබාදීම) ලබාදීම සහ උමාඔය ව්‍යාපෘතිය නිසා අපේ දුපත් තරුණ තරුණියන් විදේශිකයන්ගේ ගොදුරු බවට පත්වෙලා.
ප්‍රශ්නය සංචාරකයෝ නොවෙයි, මේ පිළිබඳව සමාජය දැනුවත් කිරීමයි.
ඉස්සර වගේ නෙවෙයි අද කාලේ, අපේ එවුන් මොන කෙලිය කලත් හත් පොලේ ගා ගන්නවා. දේශයේ වරද්ද? එහෙම නැත්නම්,ජාතියේ වරදද කියලයි මම මේ කල්පනා කලේ? ප්‍රීතියෙන් තොරව ප්‍රීතිය ලබන්න ගියාම ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද?
මේකට කාටවත් බැනල හරියන්නේ නෑ, ලිංගික අධ්‍යාපනය හරියට ලබාදෙන්න ඕනි පාසල් වලින්. දැන් කියයි ඕව කරන්න අනුබල දෙනවා කියල. ඒ උනාට නිසි අධ්‍යාපනයක් තියෙනවනම් ඔහොම වෙන්නේ නෑ.