IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


ගණකාධිකාරීවරු- ආයුර්වේද වෛද්‍යවරු හෙට ලෙඩ වෙති

(ඩයනා උදයංගනී)
 
රජය විසින් තෝරාගත් සේවා කිහිපයක දීමනා සහ වැටුප් වැඩිකිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පා ගණකාධිකාරීවරුන්, දේශීය ආදායම් කොමසාරිස්වරුන්, ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු   වෘත්තීය සමිති කිහිපයක නිලධාරීන් හෙට (9) දිනයේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.
 
අධිකරණ ක්ෂේත‍්‍රයේ නිලධාරීන්ට, අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ පරිපාලන නිලධාරීන්ට මෙලෙස වැටුප් හා දීමනා වැඩිකර එම දීමනාවන්ට ද අදාළව විශ‍්‍රාම වැටුප් ද සකස් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පා මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයෙහි නිරත වන බව ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ඇන්ටන් පෙරේරා මහතා පැවසීය.
 
ශ්‍රී ලංකා විගණන සේවා සංගමය, සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය, ගණකාධිකාරී සේවා සංගමය, දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය, දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, දේශීය ආදායම් පොදු සේවා සංගමය ඇතුළු සංගම් කිහිපයක් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය සඳහා එක්ව සිටින බව ද ඇන්ටන් පෙරේරා මහතා සඳහන් කළේය.
          
මෙම ලෙඩ නිවාඩු දැමීමේ ක‍්‍රියාමාර්ගයට අමතරව හෙට (9) දහවල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක ද නිරත වන බව ඔහු සඳහන් කළේය.
          
ප‍්‍රධාන ලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, ඞී.ආර් විජේවර්ධන මාවතේ පිහිටි සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ මහජන බැංකු කාර්යාලයේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 



අදහස් (3)

ගණකාධිකාරීවරු- ආයුර්වේද වෛද්‍යවරු හෙට ලෙඩ වෙති

සුරංග Sunday, 08 July 2018 02:20 PM

කිසිම රජයක් කරන්න බැරි මේ නිලධාරි පැලැන්තිය නිසා තමයි මේ රටට විදේශ විනිමය ගෙනෙන්නේ රටගිය කාන්තාවනුයි, ඇඟලුම් සේවිකාවන් ටිකයි දවල් රෑ නොනිදා. .මේ නිලධාරි පැලැන්තිය ගේන්නේ පිටරට වල හදන කාර් ටික විතරයි පර්මිට් වලට අවුරුදු පහකට සැරයක්... සමහරු පර්මිට එක විකුණනවා. මේ රටේ අධ්‍යාපනයේ වරප්‍රසාද අහිමි මේසන් වැඩ කරන කුලි වැඩකරන මිනිසුන්ට බැරිදාට පැන්ෂන් එකක්වත් නැහැ. මේ සමාජ ක්‍රමය වෙනස් කළ නිලධාරීන් ටික දණ ගැස්වීමේ දැන් කාලය ඇවිත්... ඉදිරි බල පෙරලියේදී මේවාට උත්තර ලැබේවි...

:       24       103

Sanath Sunday, 08 July 2018 05:22 PM

අධිකරණ සේවයේ ඉන්න නීතිඥයින්ගේ වැටුප අසාමාන්‍ය ලෙස දෙතුන් ගුණයකින් වැඩිකරලා තියෙනවා. ඔවුන්ගේ අවම වැටුප රුපියල් ලක්ෂ 3 ක් පමණ වන අතර උපරිමය ලක්ෂ 6 ක් වේ. නමුත් පරිපාලන සේවයේ උපරිම වැටුප රුපියල් 130000/-. විශ්‍රාම ලබනවිට නීතිඥයින් රුපියල් ලක්ෂ 4 ක් ගන්න විට ජනාධිපති ලේකම් ලබන්නේ රුපියල් 110000/- පමණකි. මෙය මුළුමහත් රාජ්‍ය සේවයේම හදවතට කිනිසි පහරක් ගැසීමකි.

:       1       52

කල්ප Monday, 09 July 2018 02:16 PM

මම 1995 දී ලිපිකරු සේවයේ පළමු පන්තියට උසස්වීමක් ලැබූ අයෙක්. 2004දී ලිපිකරු සේවය අහෝසිකර කළමනකරණ සහකාර සේවය ඇතිකළා. එම අවස්ථාවේ ලිපිකරු සේවයේ අධිශ්‍රේණිය මාණ්ඩලික ශ්‍රේණියේ කියා වැටුප් වැඩිකලේ නැහැ. එසේ තිබියදී මට 2002 සිට අධිශ්‍රේණියට උසස්වීමක් ලැබුණා. එ් නිසා මට කළමනාකර සහකාර සේවයේ පළමු පංතියට හිමි වැටුප ලැබුණෙත් නැහැ. මෙසේ තිබියදී රා.පරි.චක්‍ර6/2006 යටතේත් වැටුප් ගන්නවුනේ... අඩු වැටුපක්. දැනට මම විශ්‍රාම ලබා සිටින අතර මා සමගම පත්වීම් ලබා උසස්වීම් කිසිවකුත් නොලබා සිටි අයත් එකවිටම පත්වීම් ලබා 44/90 චක්‍රලේඛයෙන් අවුරුදු 10ක සේවා කාලයක් පමණක් ඇතිව විශ්‍රාම ගත් අයත් මට වැඩියෙන් විශ්‍රාම වැටුප් ලබනවා. මෙවැනි බරපතල විෂමතා තිබෙනවා. එක් වෘත්තිය සමිතියක් අධිකරණයට ගියාලු. වැටුප් කොමිසමට ගියාලු... කියා මුදල් එකතු කරනවා. අපිට නම් සෙතක් නැහැ.. දේශපාලන පලිගැනීම් කමිටුත් නැහැ. කියන්නත්, අහන්නත් කිසිවෙකුත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 70 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15593 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 533 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site