IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගිංඔය රක්ෂිතයේ ව්‍යාජ ඔප්පු හදා ලක්ෂ ගණනකට අලෙවි කරලා

චන්දන ප්‍රනාන්දු

                                 
නයිනමඩම වෙල්ලමංකරය ප්‍රදේශයේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස ජනපදයක ගිංඔයේ රක්ෂිතයට අයත් බිම් කොටසක් ව්‍යාජ ලෙස ඔප්පු හදා අලෙවි කිරිම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පුත්තලම් දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරි කාර්යාලය පවසයි.
                                                   

ගිංඔයේ ධීවර කටයුතු කරන ධීවරයන් පිරිසක් තම ධීවර යාත්‍රා ගාල් කරන ස්ථානයට යාමට තිබු රක්ෂිතයට අයත් ස්ථානය අවහිර කර පුද්ගලයෙක් කම්බි ගසා තිබීම සම්බන්ධයෙන් තම කාර්යාලයට කරන ලද පැමිණිල්ලක් මත එම ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේදී  රක්ෂිතය ගොඩකර තිබීම හා එය වටා තාප්පයක් ඉදිකර තිබීමෙන් කරුණු තහවුරු වු බව නිවාස සංවර්ධන අධිකාරිය කීය.                                                      

මෙම ඉදිකිරිම කර ඇති අයට එම ප්‍රදේශයේම පදිංචි අයෙක් මෙම රක්ෂිතයට අයත් කොටස ලක්ෂ ගණනකට අලෙවි කර ඇති බවත් මෙම ඉඩම් කොටස රක්ෂිතයට අයත් බව ජනපදයේ ඉඩම් ඔප්පු පරික්ෂා කිරිමේදී තහවුරු වු බවත් එම කාර්යාලය කීය.
                                                                   
මෙම අනවසර ඉදිකිරිම ඉවත් කරගන්නා ලෙස එහි ඉදිකිරිම් කර ඇති අයට උපදෙස් දුන් බවත් මෙම ඉඩම අලෙවි කළ පුද්ගලයන්ට ද නීතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව පුත්තලම් දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු චමින්ද තෙන්නකෝන් මහතා පැවසීය.
 



අදහස් (1)

ගිංඔය රක්ෂිතයේ ව්‍යාජ ඔප්පු හදා ලක්ෂ ගණනකට අලෙවි කරලා

sanath Friday, 29 June 2018 05:37 PM

තව ටික කාලයකින් අපිට සෙල්ලම් කරන්න හදලා තියෙන පිට්ටනි ටිකටත් ඔප්පු හදලා විකුණයිද මන්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site