කළු ජූලියෙන් ජීවිත අහිමි වූ හා ඉන් පීඩාවට පත්වූ දෙමළ ජාතිකයන්ගේ පවුල් හා ඔවුන්ගේ මිතුරන් හා එක්වෙමින් ශෝකය බෙදා ගන්නා බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා ඇත.
1983 ශ්‍රී ලංකාවේ සිදු වූ ‘කළු ජූලියට’ වසර 35ක් පිරීම නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ජස්ටින් ටෲඩෝ ඒ බව සඳහන් කර ඇත.
කළු ජූලිය නිසා ජීවිත අහිමි වූ සහ ඉන් පීඩාවට පත්වූ කැනේඩියානු දෙමළ වැසියන් මෙන්ම ලොව පුරා සිටින දෙමළ ප්‍රජාවේ පිරිස් සමඟ ඔවුන්ගේ ශෝඛය බෙදා ගැනීමට තමන් ද එක්වන ඔහු තම නිවේදනය මගින් පවසා ඇත.
කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා තම නිවේදනයේ මෙසේ ද සඳහන් කර ඇත.
“වසර 1983 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇති වූ දෙමළ විරෝධී ක්‍රියාකාරකම් නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත්වුණා. දහස් ගණනකට ජීවිත අහිමි වුණා. තවත් දහස් ගණනක් අවතැන් වුණා. ශ්‍රී ලංකාවේ ගැටුම නිසා ජීවිත රැසක් අහිමි වුණා. අද කැනේඩියානු දෙමළ ජාතිකයන් මෙන්ම ලොව පුරා සිටින දෙමළ ප්‍රජාවේ සාමාජිකයන් එය සිහිපත් කරමින් ශෝක වෙනවා. අප ද ඔවුන් හා එක්වෙනවා.
සතියක් මුළුල්ලේ සිදු වූ ප්‍රචණ්ඩකාරි, විනාශකාරී සහ බිහිසුණු සිදුවීම් නිසා දශක ගණනක ගැටුමක් ඇතිවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස යුද්ධයක් ඇතිවුණා. මෙම යුද්ධයෙන් දස දහස් ගණනක් පීඩාවට පත්වුණා. තවත් දහස් ගණනකට ජීවිත අහිමි වුණා.
වසර 1983 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා කැනඩාව විශේෂ පියවර ගත්තා. ඒ අනුව දෙමළ ජාතිකයන් 1,800කට නිදහසේ කැනඩාවට පැමිණීමට හැකියාව ලැබුණා. අද කැනඩාව තිබෙන තත්ත්වයට ගෙනඒමට ඔවුන් ද දායක වුණා. ඒ වෙනුවෙන් අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.
වසර 2009 දී සිවිල් යුද්ධය අවසන් වුණා. මේ වනවිට සංහිඳියා ක්‍රියාවලියක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නැවත යුද්ධයක් ඇති නොවීම සඳහා දීර්ඝකාලීන සාමයක් උදා කරලීමටත් සංහිඳියාව ඇති කිරීමටත් මෙන්ම අර්ථාන්විත වගවීම් ක්‍රියාවලියක් සඳහා කැනඩාව ශ්‍රී ලංකා රජය සහ සිවිල් සමාජය සමඟ සමීපව කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අපි ශ්‍රී ලංකා රජය සහ සිවිල් සමාජය දිරි ගන්වනවා.
කැනඩා රජය වෙනුවෙන් කළු ජූලිය නිසා ජීවිත අහිමි වූ සහ එම නිසා පීඩාවට පත්වූ පිරිස්වලට මම ශෝකය පළ කරනවා. ඒ වගේම වගවීම, අර්ථාන්විත සංහිඳියාව සහිත දීර්ඝකාලීන සාමයක් සහ සෞභාගයමත් අනාගතයක් වෙනුවෙන් අපි සියලු දෙනා එක්ව වැඩ කරමු”.
055
COMMENTS
පේනවා නේද ලෝකයේ සිංහල අපිට විරුද්ධව බොරු කියන හැටි... මේවට උරදෙන්න තරම් පාලකයෝ අපිට නැහැ. අනේ අපෝ.. මේ කෙනා දෙමළ ඡන්දවලට යටවෙලා කියන කථා.
බොහෝ පින් ඇති අය විතරක් ඉපිදෙන මේ පින් බිම ගැන මොනාද කතා කරන්නේ?
බොහෝ පින් ඇති අය විතරක් ඉපිදෙන මේ පින් බිම ගැන මහතා මොනාද කතා කරන්නේ? (මගේ පිනට මම නම් ඉතාලියේ)
එතකොට ගරු ප්‍රභාකරන් මැතිතුමා විසින් ඝාතනය කරන්නට යෙදුණු සිංහල දෙමල සහ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මොකුත් කරන්නේ නැද්ද? ජාතිවාදයට උඩ ගෙඩි දෙන මේ වාගේ උන්ට බයවෙලා තමයි හැමදාම ඉන්ට වෙලා තියෙන්නේ....
ලිබරල් මැට්ටෝ යුද්දේ කියල කොටි ටික ඔක්කොටම එන්න දුන්න. ඉන්පස්සේ උන් සල්ලි එකතු කරලා ආයුද එවන්න ගත්ත ලංකාවට. මුන් කරන්නෙම ඔහොම වැඩ. දැන් එනවා කිඹුල් කඳුළු හෙලන්න. මුස්ලිම් එවුන්ට එන්න දුන්න හතර දිග්බාගෙන් ඉවක් බවක් නැතුව. ඊයේ පෙරේද මුස්ලිම් එකෙක් හතර අතේ වෙඩි තියල 13 කට තුවාල කරලා දෙන්නෙක් මලා. මෙයා යන්නේ කවදද කියල කැනඩාවේ අපි ඇඟිලි ගැන ගැන ඉන්නෙ.
ඒ දවසෙම එල් ටි ටි එකෙන් ඝාතනය උණු හමුදා සෙබළුන්ගේ පවුල් දුක්වෙන එක මෙයාට පෙනෙන්නේ නැහැ. ඒ සිදුවීම තමා , අවස්ථාවාදීන් යොදාගත්තේ අහිංසක දෙමල වැසියන්ගේ දේපල කොල්ල කන්න. මේ සිදුවීම එල් ටි ටි එක හිතාමතා සැලසුම්කරල කරපු දෙයක්. ඔවුන් තවත් ඒ වගේ සිදුවීම් කරන්න කිහිපවරක් උත්සාහ කල. ශ්‍රීමහ බෝධිය ළඟ කල ඝාතන, දළදා මාලිගාවට බෝම්බ ගැසීම වැනි දේ . ඒ වගේම එල් ටි ටි එකට රජයේ උපදෙස් මත යටත් උණු පොලිස් නිලධාරීන් 650 ඝාතනය් කිරීම සහ ඔවුන්ගේ පවුල් ගැනමෙයාට කිසිම දුකක් කනගාටුවක් නැහැ. මේවා එදත් එහෙමයි, අදත් එහෙමයි .
කැනේඩියානු අගමැති තුමා ඊට කලින් ශෝඛය බෙදා ගත යුත්තේ සහ සමාව ගත යුත්තේ කැනේඩියානු ආදිවාසින් ගෙන් නොවේද? 18 සහ 19 ශත වර්ෂ වල ඔබතුමන්ලා නැත්තටම නැති කල ආදිවාසින්ගේ සමාජය අමතක වගෙයි.
ශ්‍රී ලංකාවේ විදේශ තානාපති සේවා සඳහා බුද්ධිමත් කාර්යශුර නිලධාරින් වෙනුවට දේශපාලන අනාථයින් යැවීම නිසා විදේශ රාජ්‍ය මෙවැනි බරපතල ප්‍රකාශ නිකුත් කිරීම සාමාන්‍ය දෙයක්.
බටහිර රටවල් අවුරුදු 500ක් අපිව කොල්ලකාපු එක අපේ මිනිස්සු මරපු එක ගැන දුක් වෙන්න කවුරුවත් නෑහැ....
ගරු අගමැති තුමනි 1983 කළු ජූලියෙන් අසරණ වුනේ දමිල සහෝදර පවුල් විතරද ? සිංහල අපගේ සහෝදර පවුල් ගැන නැතිවූ හමුදා සහෝරදර වරු ගැන සිංහල අයගෙත් දේපල, ජීවිත ගැන ඔබ තුමා දැනුවත් ද ? කෙසේ නමුත් මුව වෙස් පෙරලගෙන ඔබ රටට රිංගා ඇති දැන් එහි ඔබවත් ගොනාට අන්දගෙන ඉන්නාවූ ම්ලේච්ඡ කොටි සංවිධාන කැනඩාව තුළත් ඉතා නුදුරේ ඊළාම් රාජ්‍යයක් පිහිටවන බව අවුරුදු 30ක් යුද්ද කල අපට ඉවෙන් මෙන් දැනේ .
ගරු අගමැති තුමනි 1983 කළු ජූලියෙන් අසරණ වුනේ දමිල සහෝදර පවුල් විතරද ? සිංහල අපගේ සහෝදර පවුල් ගැන නැතිවූ හමුදා සහෝරදරවරු ගැන සිංහල අයගෙත් දේපල, ජීවිත ගැන ඔබ තුමා දැනුවත් ද ? කෙසේ නමුත් මුව වෙස් පෙරලගෙන ඔබ රටට රිංගා ඇති දැන් එහි ඔබවත් ගොනාට අන්දගෙන ඉන්නාවූ ම්ලේච්ච කොටි සංවිධාන කැනඩාව තුලත් ඉතා නුදුරේ ඊළාම් රාජ්ජයක් පිහිටවන බව අවුරුදු 30ක් යුද්ද කල අපට ඉවෙන් මෙන් දැනේ .
කැනඩාවේ දෙමල අය ගොඩක් ඉන්න පාටයි. එයාලගේ ඡන්දෙ වෙනුවෙන් තම මෙයා මේ කතා කරන්නේ.
උඹලගේ පාරවල් අතු ගාන්න තවත් උවමනා නම්, ලක්ෂ 5 විතර එවන්න පුළුවන්.
ඉතිහාසයේ කුණු ගොඩවල් අවුස්සලා තමන්ගේ ප්‍රතිරූපය ගොඩනන්වා ගන්න නිහින උත්සාහයකයි මෙයා නිරතවෙලා ඉන්නේ. කණගාටුව ප්‍රකාශ කරනවා නම් ලෝක ඉතිහාසයේ මොන තරම් කරුණු කාරණා තියනවාද ? ඒවා හැමදාම සිහිපත් කරනවා නම් මේයාට වෙන වැඩක් කරන්න කාළයක් ඉතිරි වෙන්නේ නැහැ.
ඔබතුමාගේ පියාට නම් ඔයිට වැඩිය දූරදර්ශි නුවණක් තිබුණා කියලා අපි අසා තිබෙනවා. තේරේවි වඳින්න ගිය දේවාලේ ඔලුවට කඩා වැටුණු දවසට...
මෙයා එක්සත් ජාතික පක්ෂයට සහ රාණිට ස්තුති කළාද?