IMG-LOGO

කොළඹ පොත් ප්‍රදර්ශනයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශන අකුරටම

( තිළිණි ද සිල්වා)

කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට යටත්ව  කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන ඉරිදා (27) තෙක් මහජනතාවට විවෘතව පවතින්නේ යැයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සංවිධායක කමිටුවේ අධ්‍යක්ෂක සහ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ හිටපු සභාපති විජිත යාපා මහතා ලංකාදීපයට අද (22) පැවසීය.

පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සෑම අයෙකුම , එය  පැවත්වෙන කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන ගේට්ටුවේ  සිට සමස්ත ප්‍රදර්ශන භූමිය පුරා සහ ප්‍රදර්ශන කුටි වලදී උෂ්ණත්ව පරීක්ෂාව , දෑත් සේදීම , අත් සේදුම්කාර දියර භාවිතා කිරීම අනිවාර්යෙන්ම මුඛ ආවරණ පැළඳීම , ආදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිපදිමින් එම ප්‍රදර්ශනය නැරඹීම සිදු කරන බවද විජිත යාපා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන  මහජනතාව එම සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිටින අතර , එම සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද සිටින අය වෙතොත් ඔවුන්ට අදාළ උපදෙස් දී ඒවා මෙහෙයවීමට සංවිධායක කමිටුව විසින් විශේෂ නිලධාරීන් පවා යොදවා තිබෙන බවද හෙතෙම කීය.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹීමට සති තුනකට පෙර සංවිධායක කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් හමුවී ඊට අදාළ සියලුම අවසරයන් ලබා ගත් බවද විජිත යාපා මහතා කීය.

රට තුළ පැවති කොරෝනා වසංගතය හමුවේ ජනතාවගේ මානසික සෞඛ්‍යයට හා රට යළි පණ ගැන්වීමේ වැඩපිළිවෙළට සහාය දීමක් වශයෙන් කිසිඳු ලාභයක් නොලබා මෙවර පොත් ප්‍රදර්ශනය සංවිධානය කිරීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ඇතුළු එහි සාමජිකයින් සියලුම දෙනා ඇපකැප වූ බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 

 



අදහස් (1)

කොළඹ පොත් ප්‍රදර්ශනයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශන අකුරටම

Demuni Uduwara Tuesday, 22 September 2020 04:56 PM

විශිෂ්ඨයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 138 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site