(චමිල් රුපසිංහ)
අඹගස්තැන්න මාර්ගය පිළිසකර කර දෙන්නැයි ඉල්ලමින් එහි ප්‍රදේශවාසීහු පිරිසක් මහනුවර කොළඹ මාර්ගය ඉලුක්වත්ත ප්‍රදේශයෙන් අවහිර කරමින් අද (10) උද්ඝෝෂණයක් පැවැත්වූහ.
පැය 3කට ආසන්න කාලයක් මාර්ගය අවහිර කර මෙම විරෝධතාව පැවැත්විණි.
එම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැමිණි අතර එම මාර්ගයේ වැඩකටයුතු ජනවාරි මාසයේදි ආරම්භ කරන ලෙස අවශ්‍ය ස්ථානවලට උපදෙස් ලබා දෙන බව ගම්වැසියන්ට දුන් ලිඛිත පොරොන්දුවක් මත විරෝධතාව නැවැත්විණි.
ප්‍රධාන අමාත්‍යවරයා ගම් වැසියන් සමග අදාළ මාර්ගය නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම පොරොන්දුව ලබා දුන්නේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට මං නම් ඔය රෝඩ් බ්ලොක් එකෙන් බේරුණා. තව විනාඩියක් පරක්කු වුණා නම් පැය 3 ක් පාරේ ඉන්න තිබුණා.
ඕවා ඉක්මණින් හදලා දෙන්න. නරක තමයි මහජනතාවට පිඩා කරන එක....
උද්ඝෝෂණය නොකර දැන් වැඩ කරවා ගන්නට බැහැ. අපේ පාර හදාගන්නත් ලියුම් ලියලා එපාවෙලා දැන් උද්ඝෝෂණයක් කරන්නයි හිතාගෙන ඉන්නේ.
සාරි පොට අල්ලනවට වඩා ලොකු වැඩ තියනවා නේද මහ ඇමතිතුමෝ !