IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොළඹ නගරයේ ජලාපවාහන-මලාපවාහන උමං පද්ධතියක් සැකසීමට පියවර

(මුදිතා දයානන්ද)


රුපියල් දසලක්ෂ 5800ක වියදමින් කොළඹ නගරයේ විධිමත් ජලාපවාහන හා මලාපවාහන උමං පද්ධති ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (30) පැවසීය.
දැනටමත් බොරැල්ලේ සිට දේවිබාලිකා විද්‍යාලය හරහා හීන් ඇළට වැසි හා අපජලය ගෙන යන උමං මාර්ගය ඉදිකර අවසන් බවද රණවක මහතා පැවසීය.


රණවක මහතා මෙසේ පැවසූයේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහනගර හා බස්නාහිර සංවර්ධණ අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී වන අතර එහිදී ඉදිරිපත් වූ කරුණු අනුව ඇමරිකන් ඩොලර් මිලියන 321ක ව්‍යාපෘතියක් කොළඹ නගරයේ විධිමත් ජලපවාහන හා මළාපවාහන පද්ධතියක් සකස් කිරිම සඳහා අරඹා ඇත. 


ඒ සඳහා වැය වන මුදලින් ඩොලර් මිලියන 214ක් ලෝක බැංකු ආධාර ලෙස ලැබී තිබේ.  


මෙම ජලාපවාහන හා මළාපවාහන පද්ධති උමං මාර්ග ලෙෂ ඉදිකෙරෙන අතර ලන්දේසින්ගෙන් පසුව එවැනි ව්‍යාපෘතියක් ආරම්බ කරන්නේ පළමු වරට බවද රණවක මහතා පැවසීය. මේ ව්‍යපෘතියට අනුව  ඕලන්ද සමගේ ඉදිවූ මුතුවැල්ලේ උමග ත්‍වනුවට නව උමගක් ඉදිකෙරෙන අතර කින්සි පාර”


 ඩී. එස් විද්‍යාලය හරහා ඇළ මාර්ගයක් ඉදිකිරිම දැනට ආරම්බ කර ඇත. නිදහස් චතුර්ස‍්‍රය. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව ඇතුලූ කොළඹ හත ප‍්‍රදේශය ආවරණය වන පරිදි ටොරින්ටන් උමං මාර්ගය ඉදිකෙරේ.

 

 කොළඹ ගංවතුර පාලනයට කැළනිගග බහුකාර්ය යෝජනා ක‍්‍රමයක් පිළිබඳ යෝජනාවක් මහනගර හා බස්නාහිර සංවර්ධණ අමාත්‍යංශය රජයට ඉදිරිපත් කර තිබේ. එමගින් කැළනි ගගේ වැඩි වතුර වියළි කලාපයට යැවීමටත්, වේලී අලූවැඩියා කිරිමටත්, පානීය ජල යෝජනා ක‍්‍රමය තවත් වැඩිදියුණු කිරීමටත්, කැළණි ගඟ ප‍්‍රවාහන කටයුතු සඳහා යොදාගැනීමටත් බලපොරොත්තු වේ. 

(ඡායාරූප - ගයාන් අමරසේකර)



අදහස් (11)

කොළඹ නගරයේ ජලාපවාහන-මලාපවාහන උමං පද්ධතියක් සැකසීමට පියවර

සචිත් පී ලියනගේ Wednesday, 30 May 2018 02:10 PM

ඉතින් ඔබතුමා පවස පවසා ඉන්නවා විතරනේ.

:       58       193

rasika Wednesday, 30 May 2018 02:47 PM

හොද වැඩක් හැබැයි කරලා පෙන්නන්න ඕනේ. මොකද තාම කරපු දෙයක් නැති නිසා අපිට විශ්වාස නැ.

:       0       134

Raveendrfa Wednesday, 30 May 2018 03:48 PM

බොහොම හොද දෙයක්

:       2       5

wiki Wednesday, 30 May 2018 05:52 PM

හදල තියෙන පාරවල් ටිකේ අවසානේ. දැනටමත් බෙස්ලයින් පාර කඩනවා. හරියට හදන්නේ නැහැ. හදපු පාරකුත් නැහැ, තියෙන ටිකත් කඩනවා.

:       149       189

emerson Wednesday, 30 May 2018 06:07 PM

උමං මාර්ගය හැදුවට මදි අපද්‍රව්‍ය පිරිසිදු කරලා මුහදට යවන ක්‍රමයකුත් හදන්න .

:       0       46

prakaash Wednesday, 30 May 2018 11:16 PM

ගස්ලබු පිත්තෙන් හදපු නලාව වගේ පිඹිනවා. ගස්ලබු පිත්ත ටික දවසයි වේලිලා රැලි ගැහිලා කැඩිලා යනවා හඬත් ,පිත්තත් දෙකම නැහැ.

:       0       0

Keppetipola Thursday, 31 May 2018 02:59 AM

ඕනෑම දියුණු රටක ගොඩනැගිලි හදන්නට පෙර පළමුව යටිතල පහසුකම් සකස් කරනවා. ලංකාවේ වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් විදියකට.

:       0       0

KANDEPOLA Thursday, 31 May 2018 03:19 AM

කරන දෙයක් 2020 ට කලින් කරන්න.

:       0       0

Senarath Thursday, 31 May 2018 04:31 AM

මෙයට අවුරුදු 2 කට කලින් කියපු රුපියල් බිලියන 50,000 මහ කොළඹ සැලැස්මේ මේක තිබුනේ නැත්ද ? පුදුම මහකොළඹ සැලසුමක්නේ ඒක. සුද්දාගෙ කාලෙත් කොළඹ මල ප්‍රවාහන උමං පද්ධතියක් තිබුනා. ගමන ඉබිගමනින්වත් නැති වුනාට, කතාව නම් දොලාවටත් ඉහලින්.

:       0       0

Bamunuarachchi Thursday, 31 May 2018 11:44 PM

දැනට තිබෙන මල ප්‍රවාහක පද්ධතිය සුද්දා සැකසු එකක් එය අවුරුදු 80 වඩා පැරණී ඒ වගේම ඉන්නා ජනගණයට ප්‍රමාණවත් නැත.........

:       0       0

Bamunuarachchi Thursday, 31 May 2018 11:52 PM

හැබැයි ඇමතිතුමෝ ඔය වියදම් කොළඹ නගර සබාවෙන්ම ගන්න. රටේම මිනිසුන්ගේ බදු සල්ලිවලින් කොළඹ මලපහ අදින්න ලැහැස්ති කොරන්න එපා. මොකද පිටින් කොළඹට පැමිණි කෙනෙක් කොළඹ වැසිකිලියක් පාවිච්චි කලොත් රු 10 ගෙවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site