IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොළඹ කසල පුත්තලමට ගෙන යාම හොඳ වැඩපිළිවෙළක් - ඇමති පාඨලී

(ඩයනා උදයංගනී)

කොළඹ කසල පුත්තලමේ අරුවක්කාලූහි පිහිටි හිරිගල් වලවල්වලට ගොස් දැමීමට පසුගිය රජය සියලූ කටයුතු සූදානම් කරතිබූ බවට ඇතැමුන් කරන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, මෙම වැඩපිළිවෙලට කැබිනට් අනුමැතිය ලබාගත්තේ පසුගිය ජනාධිපතිවරණයට මාස තුනකට පෙර දී බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එම වැඩපිළිවෙල හොඳ එකක් බැවින් වත්මන් රජය යටතේද ඉදිරියට ගෙන ගිය නමුත් පරිසර වාර්තා අනුව තෝරාගෙන තිබූ ස්ථානයේ එය ක්‍රියාත්මක කළ නොහැකි වූ බව කී අමාත්‍යවරයා දැන් එය අරුවක්කාලූහි වෙනත් ස්ථානයක ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බව ද සඳහන් කළේය. අරුවක්කාලූ ප්‍රදේශයේ විද්‍යාත්මක කසල රඳවනයක් තැනීමේ වගකීම තම අමාත්‍යාංශය භාරගෙන ඇතැයි කී අමාත්‍යවරයා ඉදිරි වසර දෙක තුළ එය ඉටුකරන බව ද කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (11)

කොළඹ කසල පුත්තලමට ගෙන යාම හොඳ වැඩපිළිවෙළක් - ඇමති පාඨලී

shirly kurera Thursday, 20 April 2017 01:48 PM

පැරිස් නගරයේ මොන තරම් කසල කළමනා කරන තැන් තියෙනවද? අඩුම ගණනේ මේ වගේ රටවලට ඇවිත් මේ ගැන විමසලා බලල කතා කලොත් නේද සුදුසු. මේ වගේ රටවලට ඇවිත් වෙන වෙන දේ වලට නේද යන්නේ. පුත්තලමට අරගෙන යන්නත් ලොරි වලට යන වියදම, පරිසරය දුෂණය විම,කාලය ගැනවත් හිතන්නේ නැතිවද මේවා කියන්නේ .

:       0       0

සෙනෙවි Thursday, 20 April 2017 02:40 PM

පසුගිය රජය යටතේ පුත්තලම හිරිගල් වලවල් වලට කසල දැමීමට කැබිනට් අණුමැතියක් ලබා දී තිබුණා නම් "පසුගිය රජය සියලූ කටයුතු සූදානම් කරතිබූ බවට ඇතැමුන් කරන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යක් " බව කියන්නෙ කොහොමද ?

:       0       0

aravinda Thursday, 20 April 2017 03:03 PM

පුත්තලමේ අරුවක්කාලූ ප්‍රදේශයම තවත් ස්ථානයකට කසල ගෙනයාමට තීරණය කොට, එය ක්‍රියාවට නැගීමට වසර දෙකෙකට අධික කාලයක් ගැනීම, ජනතාවගේ පැත්තෙන් සාධාරණ හේතුවක් නොවේ.

:       0       0

sisira Kumara Thursday, 20 April 2017 11:36 PM

ඇයි දියවන්නාවට හරි පොල්ලොන්නරුවට යැවීම ඊටත් වඩා හොඳ පිලියමක් නොවන්නේ

:       0       0

himal Friday, 21 April 2017 03:25 AM

ය දාන්න හිටපු තැන කුණු දැම්මා නම් අලිමිනිස් ගැ‍ටුමක් ඇති වෙන්න තිබ්බා, මොකද ඒ ආසන්නයේ වනාන්තරවලට 1 විතර දුරකින් කුණු දාන නිසා. අනික් පැත්තට ඒ දාන්න හිටපු හුණු ගල් හාරපු තැන් වල තියෙන අවසාදිත ස්ථර නිසා එතන පුරාවිද්‍යාත්මක පර්යේෂණවලට වැදගත් තැනක්. ඒක විනාශ වෙන්න තිබ්බා මේ වැඩෙන්.

:       0       0

නුවන් Friday, 21 April 2017 04:53 AM

සත්‍යය පිළිගැනීමට ඇති අකමැත්ත නිසා වෙන තැනක් පුත්තලමේ වෙනත් වලක් තෝරා ගන්නවා... කියමින් බයිලා කියනවා. මේ වැඩපිළිවෙල අලුත් රජයත් ඉදිරියට ගෙන ගියානම් අද මේ කරදරය නෑ. මේ සියල්ල දේශපාලන කුහක කමයි...

:       0       67

amila Friday, 21 April 2017 08:38 AM

කොළඹ කුණු පුත්තලමට ගෙන යාම හොඳයි.... මොකද? පුත්තලමේ බූරුවෝ ඉන්න නිසා.

:       0       6

ranil Friday, 21 April 2017 11:38 AM

මැදමුලන හොඳ නැතිද ඕකට ? ...

:       50       501

buruva Friday, 21 April 2017 11:56 AM

කුණුද අනේ ඇමැතිතුමා අපි කුණු කන්නේ නැහැ... අපේ ළමෝ ලෙඩ වේවි... අපිට තණකොළ එවන්න කුණු එපා අපි වෙනුවෙන් කතා කරන්න ඕන තරම් පාර්ලිමේන්තුවේ ඉන්නවා නමුත් පිළිසරණක් නැහැ. අපි වෙනුවෙන් ඔය ඉන්න අැමතිලාගෙන් කෙනෙක් පත්කරන්න බැරිද ?

:       0       6

anura canada Friday, 21 April 2017 12:01 PM

පරිසර කාරයන් ඕනෑම කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන් කෙනෙක් හිටියා... ගත්ත පියවර පසු පසට නොගන්න කෙනෙක් මේ ඇමති තනතුර බාර ගත යුතුය. කුණු ඉවත් නොකළේ මෙහි ඇති සල්ලි උල්පතක් නිසාය. කැනඩාවේ මේ ගැන කසුකුසු ඇහෙනවා...

:       1       5

vidya Monday, 24 April 2017 04:05 PM

නොරොච්චෝලේ නැති කළෙත් මෙයා ඇමති කාලේ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 652 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 319 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site