(බන්දු තඹවිට )
අධික වර්ෂාවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීපයකට නායයාමේ අවදානම් නිවේදන නිකුත් කළ බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කර්නල් සාලිය ඩයස් මහතා පැවසීය.
මතුගම අලුත්ගම මාර්ගය, අලුත්ගම අවිත්තාව මාර්ගය,මතුගම යටදොල මාර්ගය ඇතුළු මාර්ග ගණනාවක් අද (7) උදෑසන වනවිට ජලයෙන් යටවී පැවති අතර ඊයේ (6) සන්ධ්‍යාවේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවීම නිසා එම පිවිසුම ද වසා දමා ඇත.
දිවයිනේ වැඩිම වර්ෂාපතනය මතුගම වෝගන් වත්ත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලි මීටර් 102 ක ප්‍රමාණයකි.
මේ අතර ඊයේ (6) රාත්‍රීයේ දී කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, අගලවත්ත,ඉංගිරිය, බුලත්සිංහල,මතුගම සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට නාය යාමේ රතු නිවේදන නිකුත් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd