IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


කළුතර නාය යෑමේ අවදානම් ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථානයකට

(බන්දු තඹවිට)


කළුතර දිස්ත්‍රික්කයට සෙනසුරාදා (19) සිට පැවති අධික වර්ෂාවත් සමඟ බදුරලිය ,බුලත්සිංහල, වලල්ලාවිට ඉංගිරිය සහ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට නාය යාමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශ වල ජනතාවට ආරක්‍ෂිත ස්ථාන වලට යන ලෙස නිවේදනය කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ භූ විද්‍යාඥ හර්ෂ ඒකනායක මහතා පැවසීය. 


කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකටම මිලි මීටර් 150 ට වැඩි සහ එයට ආසන්න ප්‍රමාණයක වැසි ලැබෙමින් පවතින බවත් ඒ අනුව ඉදිරි පැය 24 තුළ  නාය යාම් සිදු විය හැකි බැවින් අවදානම් කලාප වල ජනතාවට ආරක්‍ෂිත පියවර ගැනීමට මෙම නිවේදනය නිකුත් කළ බව හෙතෙම සඳහන් කළේය.


මේ අතර  වෙරළබඩ ප්‍රදේශයේ කළුතර,බේරුවල සහ පානදුර ප්‍රදේශවල අධික වර්ෂාව හේතුවෙන් කණ්ඩි කඩා වැටීම් සිදුවිය හැකි බවත් එම නිසා පස් කණ්ඩ් ආශ්‍රිතව ජීවත්වන ජනතාවත් අවදානයෙන් සිටින ලෙසත් හර්ෂ ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.


මේ අතර කුකුලේගඟ ජාල විදුලි බලාගාරය ප්‍රදේශයට අද (20)  උදැසන වනවිට මිලිමීටර් 155 ක වර්ෂාපතනයක් පැවති බවත් එම නිසා දහවල් 1.45 ට පමණ කුකුලේ ගඟ ජලාශයේ වාන්දොරටු විවෘත කළ බවත් ඒ අනුව තත්පරයට ජලය ඝණ මීටර් 100 ක ප්‍රමාණයක් පිටවන නිසා පහල ප්‍රදේශවල ජනතාවට අවදානයෙන් සිටින ලෙස කුකුලේ ගඟ ජාල විදුලි බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ශාන්ත පෙරේරා මහතා නිවේදනය කළේය.



අදහස් (0)

කළුතර නාය යෑමේ අවදානම් ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථානයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site